kirivehera himiyanta wedi thabu sakakaru menna

May 25, 2018
43
18
0
6JiA6Hp.jpg



කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ
ප්‍රධාන කපු ධුරය දැරූ අසේල බණ්ඩාර නමැති පුද්ගලයා වන බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙයට හේතුව මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් බව පොලිසිය පවසයි. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය
එක්ව සැකකරුගේ නිවස විශේෂ පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී කඩුවක්, කිනිසි 2ක් සහ ජීව පතොරම් 10ක් සොයාගෙන තිබෙනවා.
මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් විමර්ශන සිදු කරනවා.

වෙඩි තැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබු අතර ඔවුන් පැමිණි ජීප් රථය කතරගම පුදබිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.

නාහිමියන් හට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුනේ පෙරේදා (12) රාත්‍රියේ ආගමික වතාවත් වලින් පසු උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදීය.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු උන්වහන්සේ දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට
මහරෝහලට මාරු කර යවා තිබෙනවා. එහිදී නාහිමියන්ට පැය 5ක ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඊයේ (13) පස්වරුවේ උන්වහන්සේ කොළඹ
ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා. සිරුර තුල උණ්ඩ කැබලි කිහිපයක් තිබීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ද උන්වහසේ සැත්කමකට ලක්කර තිබෙනවා.


 

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බං මුන් මෙච්චර මෝඩ.
    මුන්ව සැක කරනවා කියලා දන්නවනම්,ගෙදරින් පැනලත් යනවනම්
    මොන එහෙකටද කඩු,කිනිසි,බුලට් එහෙම ගෙදර හංගලා යන්නේ


    අනතුරට පත් වූ හිමිනමට ඉක්මන් සුවය ලැබේවා !!!
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඇයි බං මුන් මෙච්චර මෝඩ.
    මුන්ව සැක කරනවා කියලා දන්නවනම්,ගෙදරින් පැනලත් යනවනම්
    මොන එහෙකටද කඩු,කිනිසි,බුලට් එහෙම ගෙදර හංගලා යන්නේ


    අනතුරට පත් වූ හිමිනමට ඉක්මන් සුවය ලැබේවා !!!

    Thawa tika dawasakin Apa matha nidahas wewi..neethiya podi minihata
    Witharai ban..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙම සිද්දිය දේශපාලනීකරණය කිරීමට තැත්කල පිරිස වෙනුවෙන් විනාඩි 2ක ක නිෂ්ශබ්දතාවක්........
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඇයි බං මුන් මෙච්චර මෝඩ.
    මුන්ව සැක කරනවා කියලා දන්නවනම්,ගෙදරින් පැනලත් යනවනම්
    මොන එහෙකටද කඩු,කිනිසි,බුලට් එහෙම ගෙදර හංගලා යන්නේ


    අනතුරට පත් වූ හිමිනමට ඉක්මන් සුවය ලැබේවා !!!

    Ecchara molayak tiyenawa nag ohoma wadak karanwada ban...


    Salli tibba paliyata mole enne na ne..
     

    Similar threads