ඔබේ මේ කියමනට මා එකඟ වෙනවා. කාලය යනු හුදෙක් මිනිසා විසින් හදා ගත් මිම්මක් මිසක් සැබෑ දෙයක් නෙවේ. කාලය හරහා ගමන් කිරීමක් යනු සාපෙක්ශ වෙනස් කම් මැනීමක් මිස වෙන යමක් විය නොහැකියි. කාලය කියා දෙයක් නොමැති නම් කාලය හරහා ගමන් කරන්නේ කෙසේද? කාලය හරහා ගමන් කිරීමක් ලෙස මා දකින්නේ මෙවැනි දෙයක්. ඔබ සිසිර තාරකා නින්දට පත්වී අවුරුදු 1000ක් ගත කරනවා කියා සිතන්න. එවිට ඔබ අවදිවන විට අවුරුදු1000 අනාගතයකට ගියා වගේ. මගේ අදහස නම් අතීතයට යාම කිසිදා කල නොහැකි බවයි.(සැබවින්ම අතීතයක් නැත ).
කාලයේ සාපෙක්ශ බව පිලිබඳ බුදුන් කතා කර තිබෙනවා. අයින්ස්ටයින් විශේෂ සාපේක්ශතාවාදයේදී කියනවා, සිදුවීමක සිදුවන මොහොත ගැන(simultaneity of an incident) වෙනස් මාන දෙකක(වෙනස් ප්‍රවේග වලින් ගමන් කරන ) නිරීක්ශකයන් දෙදෙනෙකුට එකඟතාවයකට එන්ඩ බැහැ කියලා. ඒ කියන්නේ කාලය නිරීක්ශකයාගේ ප්‍රවේගයට සාපේක්ෂවයි ගත වෙන්නේ. සාපෙක්ශ කාලය මැනීමට ඉදිරිපත් කර ඇති සමීකරණය මේ වගේ..
t = to*((1-v^2\c^2)^1/2)
to- stationary time
v- velocity
c- velocity of light
මෙය දිහා බලන විට ඔබට පෙනෙනවා ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන විට dilankandy නිවැරදිව කිවුවා වගේ, කාලය ශුන්‍ය වන බව.
මේ සංකල්පය තේරුම් ගැනීම වඩා පහසු වෙනවා, කාලය කියන්නේ ඇත්තටම මනඃකල්පිත දෙයක් බව තේරුම් ගත් විට.
බුදුන් ඉතා නිවැරදිව කී පරිදි සැබෑවටම පවතින්නේ වෙනස් වීමයි. සියල්ල නිරතුරුවම වෙනස් වනවා. මෙම වෙනස් වීම මැනීමට කාලය කියන සංකල්පය මිනිසා විසින් නිර්මාණය කලා.
අප වයසට යන්නේ කාලය නිසා නොවේ. අප වයසට යන්නේ වෙනස් වීම නිසා.
කාලය 4th dimension ලෙස සිතීමේ වැරැද්දක් නැති බවයි මම සිතන්නේ. කාටිසීය තලයක වස්තුවක පිහිටීම ලකුණු කිරිමට x,y,z කණ්ඩාංක යොදා ගන්නවා නම්, අවකාශ කාලයේ මෙය ලකුණු කිරීමට කාලය යන variable එක අවශ්‍යයි නේද? මෙහිදී x,y,z,t යන සියලු කණ්ඩාංක ඇත්තටම සාපේක්ශ ඒවා වනවා.
උදා: නාසා අභ්‍යවකාශ මද්යස්තානයේ dilankandy හෙට උදේ සිටීම x,y,z කණ්ඩාංක සමග කාල cordinate එකත් භාවිතා කර ප්‍රකාශ කල හැකියි.