Knuckles hike in extreme weather ...!

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    හැමෝටම ලැබුවා වූ 2016 නව වසර කරන කියන හැම හොඳ දෙයක්ම හරියන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරලම වැඩේ පටන් ගන්නන්...!

    අපි මේ ගමන යන්න ගොඩක් පෙරුම් පුරාගෙන හිටිය කිව්වොත් හරි.මේ එළකිරියේ ඉන්න සමහර යාළුවන්ටත් මම කියල ඇති ගොඩක් වහින කාලෙක නකල්ස් දූවිලි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නවා කියල.ඒ හිතන් හිටිය වගේම අපි ඒක කළා.දෙසැම්බර් 2 3 4 5 අපි ගියා දූවිලි ඇල්ල බලන්න.අන්න ඒ ගමන ගැන විස්තර ටිකක් තමයි මේ දෙන්න යන්නෙ.ඉතින් වෙනද වගේම වැරදි මොනවා හරි තියෙනවනං සමා වෙන්න ඕන.

    ඇත්තටම කියනවනං අපි බුදු කට්ටක් කෑවේ.!වෙන කියන්න වචන නෑ.වැහි කාලෙක යනවා නං දෙපාරක් හිතපල්ල.ඒ වගේම තමයි ඉතින් ගත්ත ආතල් එකත් උපරිමයි.ඇත්තම කියනවනං ඒ දෙකම මේ වගේ ලියල photo දාල පෙන්නන්න බෑ.පුළුවන් තරන් try එකක් දෙන්නන්.මොකද මෙදා පාර photo ගැහුවෙත් අඩුවෙන්.

    අපේ සෙට් එක වෙනද වගේම 5යි.අපි ගමන පටන් ගත්තෙ දෙසැම්බර් දෙවැනිදා පාන්දර 4.30 ට. මෙදා පාර නං වෙලාවට පිටත් උනා.මොකද අපේ ලොකු plan එකක් තිබුන මුල් දවසෙම කැලේ ඇතුලට යන්න.මාතලේ රත්තොට රිවර්ස්ටන් හරහා පල්ලේගම රණමුරේ කණුමුල්ල තමයි route එක.කොහෙවත් නවත්තන්නේ නැතුව බස් කාරයෙක් එක්ක රණ්ඩුත් වෙලා අපි කෙලින්ම ආවේ මාතලේට.මුලින්ම නැවැත්තුවේ කොළ කැඳ එකක් බීල යන්න.එතකොට 8 වගේ ඇති.

    ප්‍රනීත කොළ කැඳ.



    ලාවට වගේ මීදුමක් තිබුන.


    අපි set එක.


    ඊට පස්සේ අපි කෙලින්ම ආවෙ කපටියගේ කඩේට.උදේට කන්න.මේ තියෙන්නේ එතන.මොනවා නැතත් අපි ගිය ගමන් අපිව අඳුනගන්නවා.


    කඳුළු පෙරාගෙන ආප්ප කෑවලු කට්ටිය.


    පුච්චහන් ඕකගේ අත..!


    මෙතන ටික වෙලාවක් ඉඳල පිටත් උනා රණමුරේට යන්න.

    අපි ට්‍රිප් යන වෙලාවේ මේ මිනිස්සු තමන්ගෙ රස්සාවල් කරන්න පටන් අරන්.


    රිවස්ටන් කිට්ටුවදී අපිට හම්බුනා මනුස්සයෙක් ත්‍රීවිල් එකක් තල්ලුකරගෙන එනව.පව් වැඩේ.තල්ලුවක් දාල දුන්න පහලට යන්න..මෙතන ඉඳන් දිගටම පල්ලම නිසා අවුලක් වෙන්න නැතුව ඇති මගේ හිතේ.


    රිවර්ස්ටන් මුදුනේදී.වෙනද වගේ වාහන මුකුත් නෑ සතියේ දවසක් නිසා.


    වාහනේ ඇතුලේ ඉඳන්.


    ඊට පස්සේ චුට්ටක් දුර ඇවිත් නැවැත්තුව ටිකක් ලස්සන බලන්න.අපි හැමදාම මෙතන නවත්තනව කොහේ ගියත්.ඔය photo එකේ දකුණු පැත්තෙ මැද හරියෙ වළාකුලට පහළින් පොඩි තිත් වගේ පේන්නෙ දූවිලි ඇල්ල තමයි.

    The target!


    ලස්සනයි කියල හිතුන හින්ද දැම්ම.රිවර්ස්ටන් පැත්තට තමයි පෙන්නෙ.


    ඇතන්වල ගම.


    The gang with the beast!


    ඊට චුට්ටක් පහලට ඇවිත් පොඩි photo shoot එකක් කළා.

    මේ පිටවල පතන කිට්ටුව.


    මේක තමයි කරන්න ඕන උනේ..


    මේ තමයි තෙල්ගමු ඔය.


    එතන පාලම උඩදි.


    ඊට පස්සේ තව ටිකක් පහලට ඇවිල්ල නැවැත්තුව පොඩි දෙයක් හොයන්න.රා!!

    ඒ උනාට මේ දවස්වල නෑලු.වහින නිසා..අපිට මේ පාර රා උගුරක්වත් හම්බුනේ නෑ.මෙතන මතක තියගන්න ටිකක් අමාරුයි.අපි නං අමතක කරයි.


    ඉලුක්කුඹුර පාරේ ලස්සන.!




    ඊට පස්සේ අපි නැවතුනේ පල්ලේගම town එකේ.පොඩි පොඩි බඩු ටිකක් ගන්න කියල හිතාගෙන ගියාට අපිට මුකුත් හොයාගන්න බැරි උනා.ඒ වෙනුවට වෙන ජාති ටිකක් අරගෙන පිටත් උනා රණමුරේට..මතක තියාගනිල්ල පල්ලෙගමින් නං මුකුත් ගන්න කියල හිතාගෙන එන්න එපා.

    රණමුරේට ගිහින් අපි මුලින්ම පන්සලට ගියා පිරිත් නූලක් ගැටගහගෙන එන්න.මොකද අපි හැමෝම දන්නව අපි කොච්චර ලොකු අමාරු ගමනක්ද යන්නෙ කියල.එත් ඒ වෙලාවේ හාමුදුරුවෝ මොකක් හරි වැඩක හිටපු නිසා අපි ගිය අපේ හිතවත් බංඩ අයියලාගේ ගෙදරට.දවල්ට කාල බඩු ටික pack කරගෙන බුදුන් වැඳලා එහෙම පිටත් උනා ගමනට.

    Ready for the adventure!


    ශාන්ත අයිය මාර බරක් උස්සගෙන ගියේ.අපි එහෙම අරන් ගියා නං මග මැරිලා..පේනවනෙ.


    ටික දුරක් ඇවිල්ල පොඩි විවේකයක්..මෙදා පාර හැම තැනම වතුර.


    ටික දුරක් ආවට පස්සේ අපිට වැස්ස set උනා.ඒත් අපි ගමන නං නැවැත්තුවේ නෑ.rain coat එක දාගෙන ගමනේම තමයි.

    ඒ උනාට rest ගත්තම වාඩි වෙන්නවත් බෑ.


    ඊට පස්සේ අපි ආවෙ අපේ ගමනේ පලවෙනි දවසේ නවාතැනට.එක පොඩි hut එකක්.අපි මුලින් අළුගල්ලෙනට යන්න හිතාගෙන හිටියට මෙතන ඉඳන් තව ටිකක් දුර තිබුන නිසා කෝකටත් කියල මෙතන නැවතුනා.මොකද රෑ ඇවිදින එක එච්චර හොඳ නැති නිසා මේ වහින කාලේ.අනික් එක තමයි අපේ මග පෙන්වන්නා උන සුද්දටත් හරියට පාර මතක නැති නිසා.

    hut එක සුද්ද කරලා රෑට උයල පොඩි චැට් එකක් එහෙම දාල නිදා ගත්ත.සැමන් ටින් එකක් ඇතුලේ ඉන්නවා වගේ.මට නං පොඩ්ඩක් වත් නින්ද ගියේ නෑ.එකෙක් එහෙන් පයින් ගහනවා.අනික අනික් පැත්තෙන් පයින් ගහනවා.උදේ බලනකොට ශාන්ත අයියත් එතන..

    අපේ රෑ කෑම..කොහේ ගියත් අපිට රහට කෑම ටික නං කන්න පුළුවන් සජ්ජ ඉන්න හින්ද.


    ඔව් යකෝ...මෙහෙම තමයි අපි නිදා ගත්තේ.ඔය මැස්ස යටත් එකෙක් නිදි.උඩත් නිදි.වෙලාවට sleeping bag තිබුනේ.ඇඟ රිදෙන්නෙ නැතිව ඇලවෙලා හරි හිටිය එක නිසා..


    කොහොමහරි රෑ ගෙවුව..උඹල හිතනවා ඇති මුන්ට පිස්සු කියල.පිස්සු ඉවර නෑ..තව තියෙනව.

    උදේ පාන්දර..!


    සුබ උදෑසනක් !!


    වෙනද වගේම උදේට දිලීප special .


    කට්ටිය බොනව.milo බන්...ඕක ඇතුලේ තමයි අපි හිටියේ.


    ඊට පස්සේ උදෙන්ම කෑවා..එදා දවසෙත් දුර නැති උනාට අමාරු ගමනක් තිබ්බ නිසා යන්න.

    අපේ උදේ කෑම..පාන්,ජෑම්,මාමයිට්.


    පිටත් උනා..


    ලොකු කන්දක් තියෙනව ඒ නිසා ඒක මගරින්න නං මෙහෙන් යමු කියල ඊට වැඩ දෙගුණයක් විතර දුර ගිහින් අර වගේම කන්දකුත් set උනා කියහන්කො.


    බෙටි.!


    ඊට පස්සේ ආවෙ තැනිතලාවකට.මේවට කියන්නේ පතන් කියල.මේකෙ නම නං මතක නෑ.හරි ලස්සනට ඈත පේනවා.ඔය ඈතට පෙන්නෙ රිවර්ස්ටන් පිටවල පතන පැත්ත..


    එතන පොඩි break එකක්.


    ඔය පෙන කන්දෙන් එහා තමයි දූවිලි ඇල්ල තියෙන්නෙ.


    කවුරුහරි එකෙක් කිවුව ඔය තුඩක් වගේ පේන කන්දටත් යමු කියල දවසක..


    නකල්ස් කඳු පන්තිය..


    Zoomed...ඔකේ හරියට බැලුවොත් දිය ඇලි දෙකක් පේනවා.ඒ තමයි දූවිලි ඇලි set එකේ 11 වන සහ 12 වන ඇලි.අපි 11 ට නං ගියා.12 ඉතුරුයි...


    මෙතන ටිකක් වෙලා වටේ පිටේ ලස්සන බලල පිටත් උනා.

    කට්ටිය ගමනේ.


    මෙතන ඉඳන් ටික දුරක් ආවම තව පතනක් හම්බවෙනව.එකට තමයි ගමේ මිනිස්සු හරක් ගෙනල්ල දාන්නෙ වැඩ ගන්නේ නැති කාලෙට.මේ තියෙන්නෙ කඩුල්ල.


    ඊළඟ පතනට කලින්.මේ ඉන්නෙ මම.


    මේ තියෙන්න ගත්ත photo එක.HDR!


    මේ තියෙන්න මාව පිටි පස්සෙන් ආපු සජ්ජ දැකපු විදිය..


    ආපහු පතනකට ආව.


    closeup!


    එතන නවතින්නේ නැතුව පහලටම ආවා කලින් වතාවක නැවතුන තැනක් හොයාගෙන.වෙනද වගේ ඇවිදින්න බෑ.මුළු පතන පුරාම වතුර.සමහර තැන් එරෙනව.

    අපේ set එක.


    රට ඉඳි එක්ක පාන්.


    නැවතත් දුෂ්කර ගමනක.




    ඊට පස්සේ අපි ආවෙ එක සන්දිස්ථානයකට.මෙතනට අපි කලිනුත් ඇවිල්ල තියෙනව.එත් මෙච්චර වතුර තිබුනේ නෑ.


    ලස්සනට වටේ පේනවා.


    අපේ set එක..



    අනේ මන්ද ..




    ඊට පස්සේ අපි ආවේ දූවිලි ඇල්ලේ එක කොටසකට.මේක ගැන මම විස්තර කරන්න යන්නෙ නෑ.හැමෝම දන්න හින්ද.මමම මේකෙ දාල ඇති ගොඩක් දූවිලි ඇල්ල ගැන.

    මේ දවස්වල වහින නිසා අම්බානක වතුර තියෙනව ඇල්ලේ.එක නිසා slow shutter photos ගන්නත් හරි අමාරුයි.තනි සුද විතරයි පෙන්නෙ.


    අපේ කට්ටිය..


    nice..!


    මෙහෙම ලස්සනට තිබුනට මේ වතුර පාර මාර සැරයි.


    ශාන්ත අයිය පොඩි photo shoot එකක.මේ තියෙන්නෙ ‘ලලි ගල’ සහ ‘ලලි ඇල්ල’..ඒ නම දාන්න හේතුව තමයි මුල්ම වතාවේ අපේ ලලින්ද සහෝදරයා මෙතැනදී ගල පල්ලෙ පත බෑවෙන්න ගිය නිසා..




    නිකන් දැක්ක ගත්ත..


    භාවනා කරනව..


    මම අහල තියෙනව නකල්ස් කැලේ ඇතුලෙ භාවනා කරන හාමුදුරු නමක් ඉන්නවලු.දැකපු අය ඉන්නවා.හොඳම දේ තමයි ඒ හාමුදුරුවො මේ රටේ කෙනෙක් නෙමෙයිලු..

    සජාන් ටිකක් පහලට බැස්ස මේක ගන්න..


    ඊට පස්සේ අපිට තිබුනේ ගඟ දිගේ උඩට යන්න..මේක තමයි දිය ඇලි set එකේ 5 වෙනි ඇල්ල..”පඩිපෙළ ඇල්ල.”

    ඔය කහපාටට පෙන්නෙ ශාන්ත අයිය.අපි නං ඔහොම මැද්දට ගියේ නෑ.


    slow shutter .


    තව පොඩි එකක්.


    ඔය මැද්දෙ තිතක් වගේ පෙන්නෙ මම.මාර ලස්සනයි මේ හරියේ..



     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ඊළඟට ආවෙ අපි හැමදාම ආස කරන දිය ඇල්ලට.මේ තමයි ‘සාරි ඇල්ල’..ඔය ඔක්කොම අපි දාපු නම්.මම හිතන්නේ ඒවා හොඳටම ගැලපෙනවා ඇති කියල.


    කොහොමද size එක..ශාන්ත අයිය නං ගිය එපා කියද්දී ළඟටම.


    මේ වගේ දිය ඇලි වල photo ගන්න අමාරුයි මේ දවස්වල වතුර වැඩි නිසා ඉක්මනට lens එකට පින්න ඇවිල්ල වැහිලා යනවා.අපේ ඒවා ඉතින් weather sealed නෙමෙයි නිසා තවත් අවුල්.


    මෙතන ටිකක් වෙලා ඉඳල අපි ආව අපේ main target එකට.දූවිලි ඇල්ලට.!

    The Queen!!!


    එතැනදී තමයි අපි දවල්ට කෑවේ.එතකොට 4ත් පහු වෙලා.ඒ නිසා රෑටත් එක්කම කෑවා..නානවා කියල හිතන් හිටියට එක පාරක් වතුරේ බැහැල ආවම මොකාද එකා වගේ වෙවුලනව.ඒ තරන් හීතලයි.!


    ඊට පස්සේ අපි අපේ රාත්‍රී නවාතැනට යන පිටත් උනා.ඒ තමයි දූවිලි ඇල්ලේ ගුහාව.ඔක්කොටම වඩා අමාරුයිද මන්ද ඒ ටික නගින එක.මේ තියෙන්නෙ එතනට ඈත පෙන හැටි.වහිනව වගේ පෙනුනට වහිනව නෙමෙයි..ගලේ උඩින් වැටෙන වතුර තමයි ඒ..කෙලින්ම පේන්නෙ වල්පොලමුල්ල.


    එදා නං අපි කලින්ම නිදා ගත්ත කලින් දවසෙ හරියට නිදා ගන්න බැරි උන හින්ද..මෙතන නින්ද ගියා හොඳට.එක එකා එක එක විදියේ..


    good morning..!

    උදේ පාන්දර.


    WOW..!




    ඔය වගේ බින්දු බින්දු එකතු වෙලා තමයි ලොකු දිය ඇලි හැදෙන්නෙ..හ්ම්ම්ම්ම්....


    nice..


    මේ තියෙන්නෙ දූවිලි ඇල්ල පිටිපස්සේ තියෙන ගුහාව.




    1/1600 shutter speed.!


    දූවිලි ඇල්ල සහ දැන්දුටු ඇල්ල..ඒවත් අපි දාපු නම්..දැන්දුටු ඇල්ල තියෙන්නෙ වැහි කාලෙට විතරයි..


    And again....


    ඊට පස්සේ අපි පොඩි ආතල් එකක් ගත්ත.පොඩිමත් නෑ.පොඩි documentary එකක් කළා.මේ ඒක කරන ගමන්.

    shooting..


    කැමරාකරණය..


    ඒ අස්සේ selfie ගහනවා..


    ඊට පස්සේ අඩුපාඩු කතා කරනවා..අපි හැමෝම ඉන්න photo ගොඩක් අඩුයි..


    කටාරම් කොටලා වගේ ගෙවිල ගිහින්..


    ඊට පස්සේ උදේට හොඳට කාල එහෙම පිටත් උනා ගඟ දිගේම පහලට එන්න.අපේ target එක උනේ රඹුක්ඔලුවට ඇවිත් එතනින් වාහනයක් අරන් බංඩ අයියලාගේ ගෙදරට එන්න.

    ටිකක් දුර ඇවිත් නතර උනා කූඩැල්ලන්ගෙන් බේරෙන්න බෙහෙත් ගාන්න.අපි නානාප්‍රකාර ජාති අරන් ගියත් හරියටම හරිගියේ මී ඇට උරච්චි කරල ගාපු එකෙන් තමයි..සමහර තැන්වල අඩිය තියන්න බෑ කූඩැල්ලො.

    ශාන්ත අයිය තමයි ඉතින් අපිට ඔක්කොම කරලා දුන්නෙ.


    අපි බෙහෙත් ගාපු තැන.මෙතන කොච්චර ලස්සනද කියනවනං අපේ දිලීප ලොක්ක වචන දෙකයි කිව්වේ..හරියට ඩිස්නිලන්තේ වගේ කිවුව..ඒ තරන් ලස්සනයි..!


    බෙහෙත් ගාන ගමන්.


    ඊට පස්සේ ගොඩක් දුර ආව කරදරයක් නැතුව..


    ටික වෙලාවකින් අපිට අමුත්තෙක්ගේ අඩි පාරක් හම්බුනා.එයත් ගිහින් තියෙන්නෙ අපේ පාරේම තමයි.’තනි අලියා’.එතනින් එහාට කටවල් වහගෙන හරි පරිස්සමින් තමයි ආවෙ.මොකද තනිය හරි සැරයි..අහු උනොත් ඉවරම තමයි.

    මේ තියෙන්නෙ අඩි පාර..හැබැයි මූත් ලිස්සල තියෙනව හොඳට.ඒත් මේ වගේ පල්ලම් වල කොහොම යනවද කියල නං හිතා ගන්න අමාරුයි.


    Patterns..


    ටික වෙලාවකින් මුළු කැලේම මීදුමෙන් වැහුන..ඔය හරියේදී මමත් හොඳ පාරක් ලිස්සල ගියා..වෙලාවට පැලයක් අල්ලාගෙන නැවතුනා..නිතරම වහින නිසා දිගටම ලිස්සනව.


    හිතුව වගේම ඊළඟට ලොකු වැස්සකට අහු උනා අපි..rain coat පිහිට තමයි ඉතින්..අපි rain coat එකෙන් යනකොට මේ මනුස්සය කුඩයක් ඉහලාගෙන තමයි මුළු ගමනම ගියේ..ඔය බොන්නෙ නිකන්ම නිකන් දුම්කොළ වලින් හදපු බීඩි..අනික් එක තමයි මෙතැනදී අපේ එකෙක් එකම විදියට දෙපාරක් වැටුන..වැටිලා එහෙමම බිම වාඩි වෙලා ඉන්නවා.වැඩිය දඟලන්න ගියොත් ඉවරයි.


    වැස්සේම සෑහෙන දුරක් ආව අපි එක දිගට.තව ලොකු බයක් තිබුන අපිට.ඒ තමයි මේ ගමනේදී අපිට ගඟවල් දෙකක් එගොඩ වෙන්න තිබුන.එක දිගටම හයියෙන් වැස්සොත් ගඟ උතුරල එගොඩ වෙන්න බැරි වෙයිද කියල.ශාන්ත අයියත් අපිව සැහෙන්න බය කළා කිවුවොත් හරි.කොහොමහරි එකකින් නං එගොඩ උනා.තව පොඩ්ඩෙන් මාව ගන්න වෙන්නෙ පල්ලේගම දිහායින්..යන්තන් සෙරෙප්පුවක් යවල මම බේරුනා.එතන ඉඳන් මම තනි සෙරෙප්පුවෙන්..!

    වැස්සේ නිසා ගොඩක් photo ගහන්න තිබුන ලස්සන තැන් miss උනා..

    මේ තියෙන්නෙ මහා විසාල ගහක්.මේ ගහ photo ගහපු හේතුව තමයි මෙතන තමයි සුද්දගේ පොල්වත්ත කියන්නෙ.ඉංග්‍රීසින්ගේ කාලේ මෙහෙ සුද්දෙක් පදිංචි වෙලා ඉඳල තියෙනව.උගේ වත්ත තමයි ඒ..තවම මේ හරියේ තියෙනව ගරා වැටිච්ච බැමි එහෙම.අනික් එක තමයි ඌ කරත්ත පාරක් හදල තිබුනලු ගොඩක් දුරට.අපි කලින් වතාවේ අතරමන් වෙලා තියෙන්නෙ එක දිගේ ඇවිල්ල තමයි..


    ඊ ලඟට තව ගඟක්..එකත් කොහොමහරි එගොඩ උනා..ඔහොම වතුර අඩුයි වගේ පෙනුනට මාර සැරයි වතුර පාර..


    ඊට පස්සේ දිගටම වගේ තැනිතලාවක් තිබුනේ..වැස්ස අඩු උනා ටිකක් විතර..


    තව වතුර පාරකින් එගොඩ වෙනවා..


    ඊට පස්සේ ආවෙ තැනිතලාවකට..මේක ඉස්සර පාවිච්චි කරලා අතැරලා දාපු වෙලක්ලු..දැන් විනාස වෙලා ගිහින්.ඔය වගේ තැන් දෙකක් විතර හම්බුනා අපිට.


    මාර සීන් එක,rain coat දාලත් තෙමුනේ කොහොමද බන්..?


    මෙතනට ආවම පේනවා රඹුක්ඔලුවේ වෙල් යාය පේනවා.ඒ පෙනුනට මෙතන ඉඳන් සෑහෙන දුරක් තියෙනව..ඒත් හිතට දැනෙන සතුට..!


    කළුගඟ.මේ තියෙන්නෙ දූවිලි ඇල්ලෙන් එන වතුර ටික තමයි.පල්ලේගම town එක කිට්ටුවෙන් යන්නෙ මේක තමයි.


    ආපහු දිගටම ගමනේම තමයි.ගමට කිලෝමීටර් දෙකක් විතර තියල අහු උනා අනෝරා වැස්සකට.එක මෙහෙම කියන්න බෑ..ළඟ ඉන්න එකාව පෙන්නෙ නෑ.ඒ තරන් තදට වැස්ස.නවතින්න කියල තැනකුත් නෑ.දිගටම ආව.ගමේ පාරවල් ඔක්කොම ගඟවල් වෙලා.අන්තිමට ගමේ තියෙන කඩේ හොයාගන්න අපි set එක දෙකට කැඩිලා ගිය.ත්‍රීවිල් දෙකක් හොයාගන්න තමයි ඕන උනේ.මමයි සජ්ජයි ගිය ගෙදර හිටියේ අක්ක කෙනෙකුයි එයාගේ අම්මයි පොඩි පැටවු දෙන්නෙකුයි.කියන්න වචන නෑ ඒ මිනිස්සුන්ගේ තියෙන මනුස්සකම් ගැන.ඒ ගැන මේකෙ කිව්වේ නැත්තන් වැඩක් නෑ මේක.ඒ තරන් අපිට සැලකුව.කිරි තේ එකක් හදල දීල ඇඟ පිහිදාගන්න තුවා දීල කන්න දීල ගෙදර නවතින්නත් කිව්ව..

    පස්සේ තමයි කතාව කිව්වෙ,මෙහෙ ඉඳන් පල්ලෙගමට යන්න තියෙන පාරේ තියෙන සපත්තු පාලමක් උඩින් වතුර දාල ත්‍රීවිල් යන්නෙ නෑලු.එක ලොකු වාහනයක් විතරලු ගමට තියෙන්නෙ එකත් පල්ලේගම ගිහින් නිසා කීයට එයිද දන්නේ නෑලු.ආවත් ආපහු යිද දන්නේ නෑලු..පස්සේ අපි ගෙදර මිනිස්සුන්ට වැඳලා අපේ අනික් set එක හොයාගෙන ටිකක් පහලට ආව.එතකොට මුන් ටික ඉන්නව වෙන ගෙදරක ඉස්තෝප්පුවට වෙලා.අපිට වගේ සලකල නෑ..ඒ ගෙදර පොඩි මල්ලි කෙනෙක් විතරයි හිටියේ.තව ටික වෙලාවකින් මාම කෙනෙක් ඇවිල්ල අපිව එක්කන් ගියා මිනිහගේ ගෙදර.ගිහින් හැමෝටම ඇඳුම් දීල කෝපි එකක් හදල දීල කිව්වා කාල බීල හෙට පලයල්ලා කියල මෙහෙ රෑ නැවතිලා ඉඳල..අපිටත් වෙන කරන්න දෙයක් නැති නිසාත් අම්බානක හෙම්බත් වෙලා හිටිය නිසාත් අපි එක පයින් කැමති උනා.එත් ටික වෙලාවකින් අර කියපු cab එක ආව.කොහොමහරි ඌව නම්මගෙන ආව රණමුරේට මහ රෑම.ඒ ඇවිත් බංඩ අයියවත් ඇහැරවල කන්න ටිකක් උයාගෙන කාල නිදා ගන්නකොට 12ත් පහු වෙලා..

    උඹල හිතනවා ඇති මොන මගුලකටද අපිට මේවා කියල.එත් මචන් අපි කාපු කට්ට කියන්නේ නැතුව මේ ට්‍රිප් එකේ විස්තර කියන්න බෑ..කියල වැඩක් නෑ.

    අපේ එවුන් ටික ගොඩක් වෙලා නිදි එන දවසේ නං..


    පහුවදා උදේට කාල දවල්ට කෑම එක බැඳගෙන ගෙදර මිනිස්සුන්ට කතා කරලා පිටත් උනා ගම රටවල් වලට.තව පොඩ්ඩෙන් ශාන්ත අයිය මට ගෑනු ළමයෙකුත් set කරලා දෙනවා ඒ අස්සෙ.මොනා උනත් ලස්සන කෙල්ල.!අනික මට හැම කෙල්ලම පෙන්නෙ ....... වගේලු..අපේ උන් තමා කියන්නෙ.

    එන ගමන් ගියා සේර ඇල්ල බලන්නත්.අපි හිතුව වගේම ගොඩක් වතුර තිබුන..

    මේ තියෙන්නේ එක.


    ගොඩක් slow shutter ගන්න බෑ..සුදු විතරයි පේන්නේ.


    පොඩි art එකක්..මම නිකන් ලස්සනයි වගේ දැක්ක..


    capturing the beauty..!


    එතනින් පිටත් වෙලා ආවෙ බඹරකිරි ඇල්ල බලන්න..ඒකට එච්චර දුර යන්න ඕන නෑ..මේ තියෙන්නේ එක තමයි.වැහැල වතුර බොර පාට වෙලා..


    මේක ටිකක් හොඳයිද මන්ද..


    කොහේ ගියත් සහෝදරයෝ වගේ ඉන්න ඕන කට්ටක් කන්න ලෑස්ති කිසි දෙයක් අතාරින්නේ නැති සැලෙන්නේ නැති අපි සෙට් එක තමයි මේ..!

    The team jungle!


    ඔන්න ඔහොම තමයි අපි තවත් එක ට්‍රිප් එකක් ඉවර කලේ.ඉතින් මේක මෙච්චර හොඳින් කරගන්න ලැබිච්ච එක ගොඩක් ලොකු වාසනාවක් කියල තමයි මට නං හිතෙන්නේ.හේතුව තමයි අපි දෙසැම්බර් නකල්ස් යනවා කිව්වම ගොඩක් උන් හිතුව අපිට පිස්සු කියල,යන්න එපා කිව්වා.එහෙම තියෙද්දී අපි ගියේ.

    වෙනද වගේම අපිව ගොඩක් පරිස්සමින් කැලේ එක්ක ගිහින් ආපහු එක්කකන් ආවට අපේ ශාන්ත අයියට ගොඩක් පින්.මිනිහ අපේ ආරක්ෂාව ගැන අපිට වඩා හිතනවා ගොඩක් වෙලාවට.අනික අපේ බඩු ටික අරන් ගියේ නැත්තන් අපි තවම මග.අනික් කෙනා තමයි සුද්ද.මිනිහ නියම වැඩකාරයා..හොඳට කැලේ ගැන දන්නව.ඒ වගේම අපි කොයි වෙලාවේ ගියත් අපිට කන්න බොන්න දීල නිදා ගන්න ඔක්කොම ලෑස්ති කරලා දීපු බංඩ අයියාටත් ඒ ආච්චිටත් ගොඩක් පින්.!

    මේ ඉන්නේ ශාන්ත.


    මේ ඉන්නේ සුද්ද.


    ඒ වගේම තමයි අපි මහා වැස්සේ තෙමීගෙන ආවම අපිට කන්න බොන්න දීල සලකපු ඒ අක්කටයි ආච්චිටයිත් අපේ අනික් සෙට් එක ගෙදර තියාගත්ත මල්ලිටත් අපිව ගෙදරට එක්කන් ගිහින් කෝපි දීල නවතින්න කියල කියපු ඒ මාමටත් ගොඩක් පින්.!.නියම මනුස්සකන් තියෙන මිනිස්සු තවම අපේ රටේ ඉන්නව කියල හිතට දැනෙන්න එහෙම උනාම.අපි අපිට වචනෙකින් හරි උදව් කවදාවත් අමතක කරන්නෙ නෑ..අපි හැමෝම මිනිස්සු.මිනිස්සු ඉන්නේ මිනිස්සුන්ට උදව් කරන්න.ඒත් එහෙම හිතල වැඩ කරන මිනිස්සු දැන් දැන් අඩු වේගෙන යනව.ඒ අතරෙ මේ වගේ මිනිස්සු හරි වටිනව.

    අනික් ටික තමයි අපේ නඩේ.මොනවා උනත් කොහේ උනත් යන්න ගිහින් එකා වගේ ඉන්න උඹල වගේ යාළුවො ලබන්න පින් කරන්න ඕන බන්.එච්චරයි.!

    දැන් ටික ටික එළකිරි එක ආපහු ඉස්සර වගේ ටිකක් හොඳ වේගෙන එනව.ඉතින් ඒ අතරේ මේක පජාත එකක් වෙයිද දන්නෑ..අනික් එක තමයි මම මේකත් එක්කම සීනියර් මෙම්බෙර් කෙනෙක් වේවි.තව කොහේ ගියත් මේකේ දානවා.ගොඩක් තැන් වල යන්න හිතාගෙන ඉන්නවා.බලමු..

    වෙනද වගේම අපි use කලේ photo ගහන්න.
    Canon 70D with sigma 18-35mm f1.8 dc hsm,Nikon D5100 with sigma 17-50mm f2.8 ex dc os hsm,HTC one M9 එකයි.මේ ගමනේදී දැනුන ලොකු අඩුවක් තමයි waterproof device එකක්.


    අපි ගිය අනික් trip ටිකත් බලාගෙනම යන්න දැකපු නැති යාළුවො.

    http://www.elakiri.lk/forum/showthread.php?t=1610862
    http://www.elakiri.lk/forum/showthread.php?t=1629965
    http://www.elakiri.lk/forum/showthread.php?t=1659130
    http://www.elakiri.lk/forum/showthread.php?t=1671463
    http://www.elakiri.lk/forum/showthread.php?t=1701491


    පුළුවන් තරන් පරිසරයට ගහ කොළට ආදරය කරපල්ලා..එතකොට මේ ලෝකේ ගොඩක් ලස්සන තැනක් වෙයි අපි හැමෝටම.දැන් කාලේ ගොඩක් උන් කරන්නෙ මේක ‘අනික් යාළුවන්ටත් බලන්න share කරන්න’ කියන එක විතරයි.මම වෙනද වගේ බන කියන්න යන්නෙ නෑ.කොච්චර කිව්වත් එච්චර තමයි.

    හැමෝටම බුදු සරණයි..!සමන් දෙවියන්ගේ පිහිටයි..!

    අපේ වීඩියෝ එකක් එනව මග.එකත් බලන්න හැමෝම..කියන්න ඕන මේක කිසිම කෙනෙක්ට අපහාසයකට හිත රිදෙන්න එහෙම නෙමෙයි හුදෙක් විනෝදය සඳහාම පමණයි කලේ.!



     
    Last edited:
    • Like
    Reactions: isuru_

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වාව් මචන් පට්ට ට්‍රිප් රිපෝට් එකක්. ෆොටෝස් ටිකත් ලස්සනයි. තෑන්ක්ස් අපිත් එක්ක බෙදා ගත්තු එකට. :)
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    ekek gal karayek ,, guess who...
    1%2096_zpsgsnkrstq.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබලා අමුතුවෙන් කියන්න ඕනේ නැ පරිසරයට කොච්චර ආදරේද කියලා උබලා ගත්තු හැම පොටෝ එකේම ඒ හැගීම් තිබ්බා උබලට වරදින්නේ නැ ඉස්සරහටත් මේ වාගේ ගමන් යන්න පුළුවන් වේවා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට මචන් ..... මාරම ලස්සනයි....... විශේෂයෙන් කියපන් මචන් කුණු නම් දාල එන්න එපා කියලා..අපේ මිනිස්සු කුණු දාලා ඔය ලස්සන විනාශ කරනවා.