පුහුල්වැල්ලේ ඡන්ද 10,000කට වෙච්ච දෙයක් නෑ
(අරුණ එස්. කුමාර සහ නිලුක සඳුන් )
මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 10,155 ක පමණ ඡන්ද ප්‍රමාණයකට සිදුවූ දෙයක් නොමැති බව එහි නිල ඡන්ද ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීමේදී පෙනීයයි.
කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24,290 ක් වන අතර එහි වලංගු ඡන්ද සංඛ්‍යාව 24,048 කි.
මැතිවරණ කොමිෂන් සභාව විසින් අද අලුයම 2.38 ට නිකුත් කරන නිල ප්‍රතිඵලය අනුව සියලුම පක්ෂවලට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13,893 කි. ඉතිරි ඡන්ද 10,155ට සිදුවූ දෙයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8,621ක් ද, එක්සත් ජාතික පක්ෂය 3,417ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය 928 ක්ද, ජනතා විමුක්ති පෙරමුණ 818 ක්ද, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ ඡන්ද 109 ක් ලබාගෙන ඇති අතර ඒ අනුව පක්ෂ පහක් ඡන්ද 13,893 ලබාගෙන ඇති නමුත් එම ලේඛනයේ වලංගු ඡන්ද වශයෙන් 24,048 සටහන්ව ඇත. ඒ අනුව ඡන්ද 10155කට වූ දෙයක් සටහන් වී නැත.
http://www.lankadeepa.lk/latest_news/පුහුල්වැල්ලේ-ඡන්ද-10-000කට-වෙච්ච-දෙයක්-නෑ/1-524156