Kokavil Tower

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    dsc0004xn.jpg


    උතුරු වසන්තය වැඩසටහන යටතේ යළි ඉදි කෙරුණු කොකාවිල් බහු කාර්යය සම්පේ‍්‍රෂණ කුළුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් අද (06) පෙරවරුවේ විවෘත කෙරුණා. කොටි ත‍්‍රස්තවාදය විසින් විනාශ කරනු ලැබු මෙම කුළුණ යළි ඉදි කිරීමට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 450 ක්. මිටර් 174 ක උසින් යුතු කොකාවිල් සම්පේ‍්‍රෂණ කුළුණ දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස වාර්තා පොතට එක් වනවා.


    කොකාවිල් රූපවාහිනී කුළුනේ ආරක්ෂාවට පිහිටුවා තිබූ හමුදා කඳවුරට 1990 වසරේ ජුලි මස 11 වැනිදා කොටි ත‍්‍රස්තවාදීන් විසින් පහර දුන් අතර, එහිදී කඳවුර භාර නිලධාරී කපිතාන් සාලිය උපුල් අලදෙනිය එහි ආරක්ෂාව වෙනුවෙන් කැප වූයේ ජීවිත පරිත්‍යාගයෙන්. කොකාවිල් රූපවාහිනී සම්පේ‍්‍රෂණ කුළුණේ ආරක්ෂාව වෙනුවෙන් කපිතාන් අලදෙනිය කළ ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් ඔහුට යුධ හමුදා විරුවෙකුට ලැබිය හැකි උසස් ම පදක්කම වන පරම විභූෂණ පදක්කම පිරි නැමුණු බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය සඳහන් කළේ.


    dsc0062il.jpg






    මෙම පදක්කමෙන් පිදුම් ලැබූ දෙවන ශි‍්‍ර ලාංකික රණවිරුවා වශයෙන් ඔහු ඉතිහාසගත වුණා. ජනපති අතින් අද විවෘත කෙරුණු කොකාවිල් සම්පේ‍්‍රෂණ කුළුණ මගින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ විකාශන කටයුතු සිදු කිරිමේ හැකියාව පවතිනවා. මෙම කුළුණ යළි ඉදි කෙරුණේ මෙරට රූපවාහිනී, ගුවන්විදුලි, දුරකතන සන්නිවේදන සේවා මෙන්ම ආරක්ෂක අංශවල සන්නිවේදන කටයුතු ද කාර්යක්ෂමව සිදුකර ගැනීමේ අරමුණෙන්.


     
    Last edited: