KOREAN WAR NEWS UPDATE

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    March 31, 2013 at 9:17 am

    උතුරු කොරියාව දකුණ සමඟ යුධ තත්වයක් ප‍්‍රකාශයට පත් කරයි

    koria-new.jpg


    මෙතැන් සිට දකුණු කොරියාව සමඟ ඇති ඕනෑම ගැටළුවක් යුද්ධයෙන් විසඳෙනු ඇතැයි කියමින් උතුරු කොරියාව යුධ තත්වයක් ප‍්‍රකාශයට පත්කර ඇත. සාමයත් නැති යුද්ධයත් නැති කොරියානු අර්ධද්වීපයේ තත්වය අවසන් බව උතුරු කොරියානු හමුදා ප‍්‍රධානියා නිකුත් කල ප‍්‍රකාශයේ දැක්වෙයි. කෙසේ නමුත් 1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි.

    මේ අතර ඇමරිකානු ජාතික ආරක්ෂක මණුඩල ප‍්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය. කෙසේ නමුත් දිගු ඉතිහාසයක සිට උතුරු කොරියාව කරන තර්ජන වල රටාවම මෙහිද ඇති බව ඇය සඳහන් කර ඇත.

    උතුරු කොරියාව ඇමරිකානු හමුදා මුලස්ථාන වලට බැලස්ටික් ඒකක එල්ල කිරීම නිසා කලාපයේ ඇමරිකානු හමුදා වැඩිවීම පාලනය කල නොහැකි අවදානමක් ඇතිකර තිබෙන බව රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් කියයි. ඇමරිකාව හා උතුරු කොරියාව යන දෙරටම මේ ආතතියට වගකිව යුතු බව ඔහු සිකුරාදා ප‍්‍රකාශ කලේය. ඇමරිකානු B-12 යානා උතුරු කොරියානු භූමියට බොරු බෝම්බ හෙලීමෙන් පසු අනුකම්පා විරහිතව ඇමරිකාවට පහර දෙන බව උතුරු කොරියාව තර්ජනය කර ඇත.

    නමුත් මේ තර්ජන වලින් සිදු වන්නේ එරට වැසියන් පීඩාවට පත්වීම පමණක් බව ධවල මන්දිර ප‍්‍රකාශක ජෝෂ් අර්නස්ට් කියා ඇත. උතුරු කොරියාව සිතුවාටත් වඩා ඉක්මනින් න්‍යෂ්ඨීක අවි නිපදවමින් සිටියත් මේ අවස්ථාවේ ඔවුන් කරන තර්ජන නිෂ්ඵල ඒවා බව හමුදා විශේෂඥයෝ කියති.
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 1, 2013 at 3:26 am

    russia-flag.jpg


    කොරියාවට රුසියාවෙන් අනතුරු ඇඟවීම්

    කිසිදු පාර්ශවයක් යුධමය ක්‍රියාමාර්ගයට අවතීරණය නොවිය යුතු බව කොරියානු අර්ධද්වීපයේ මතුව ඇති උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝයි අවධාරණය කරයි.

    රේඩාර්වලට රහසේ ගමන් කළ හැකි න්‍යෂ්ටික ශක්තිය සහිත අමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපය හරහා පියාසර කිරීමට එකට එක කිරීමක් වශයෙන් තම මිසයිල අමෙරිකානු ඉලක්ක වෙත එල්ල කොට ස්ථානගත කරන බව උතුරු කොරියාව පවසා ඇත.

    මේ අතර පවතින තත්ත්වය හමුවේ සියලුම එදිරිවාදිකම් අත්හරින ලෙස උතුරු කොරියාවේ සමීප රටක් වන චිනය අර්බූදයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 1, 2013 at 4:01 pm

    උතුරු කොරියාවට ලෝක බලවතුන්ගෙන් අවවාද

    south-and-north-korea.png


    ප්යොන්ග්යැන්ග් විසින් දකුණු කොරියාවට එරෙහි යුධ තත්වයක් ප‍්‍රකාශ කිරීම අන්තර්ජාතික ප‍්‍රජාවේ හෙලාදැකීමට ලක්ව ඇති අතර කලාපයේ ආතතිය වර්ධනය කිරීමෙන් වලකින ලෙස ලෝක බලවතුන් ඉල්ලීමක්ද කර ඇත. ප‍්‍රහාරවලට ඉලක්ක වූ දකුණු කොරියාව හා ඇමරිකාව මෙම තර්ජන ගැන සැක ඇතිව සිටිති.

    ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩල ප‍්‍රකාශිකා කේට්ලින් හේඞ්න් කියා සිටියේ තමන් උතුරු කොරියානු තර්ජන බරපතල ලෙස සලකන බවත් ඒ නිසා දකුණු කොරියාව සමඟ සමීප සබඳකමක් පවත්වා ගන්නා බවත්ය.

    මෙම තර්ජන අළුත් ඒවා නොවන අතර තමන් හා ඇමරිකාව එක්ව සිදු කරන වාර්ෂික හමුදා අභ්‍යාසයට විරුද්ධ වීමේ එක් කොටසක් බව දකුණු කොරියාව කියයි. මෙම ගැටුමට මැදිහත් වන පක්ෂ වගකීමෙන් ක‍්‍රියා කරනු ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය බලාපොරෙත්තුව පලකර ඇත.

    බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය තම අසල්වැසියාට තර්ජනය කිරීම නවත්වන ලෙස උතුරෙන් ඉල්ලා ඇත. ජර්මනිය කලාපයේ ගැටුම් වර්ධනය වීම ලෝක ආරක්ෂාවට හා සාමයට තර්ජනයක් බවත් ඔස්ටේ‍්‍රලියාව තමන් ප්යොන්ග්යැන්ග් වෙත තවත් සම්බාධක පනවන බවටත් ප‍්‍රතිචාර දක්වා ඇත.

    සෙනසුරාදා උතුරු කොරියාව දකුණට එරෙහිව යුධ තත්වයක් ප‍්‍රකාශයට පත් කලේ වාර්ෂික ඇමරිකා දකුණු කොරියා ඒකාබද්ධ හමුදා පුහුණු නවත්වන ලෙස අවවාද කර සති කිහිපයකට පසුය.

    පෙබරවාරියේ උතුරු කොරියාව සාරථක ලෙස සිය තුන්වන න්‍යෂ්ඨීක අත්හදා බැලීමද කල තැන් සිට ආතතීන් වර්ධනය වෙමින් පවතී.

    1950-53 ගැටුමෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැති නිසා තර්කානුකූලව නම් දෙරට සිටින්නේ යුධ තත්වයකයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 3, 2013 at 1:45 pm

    කොරියානු අර්ධද්වීපය දැන් පිහිතලයක් මත

    knife-edge-.png


    මාස දෙකකට පෙර උතුරු කොරියානු න්‍යෂ්ඨීක අත්හදා බැලීමට පැනවුනු සම්බාධක වලින් පසු දකුණත් සමඟ යුධ තත්වයක් ප‍්‍රතාශයට පත්කර තිබේ. සියොල් පවසන්නේ ඉදිරියේ ප‍්‍රහාරයක් එයිනම් සිය අසල්වැසියාට අනතුරු ඇඟවීමේ ප‍්‍රහාරයක් එල්ල කරන බවයි.

    දකුණු කොරියාවේ පැවැත්වෙන හමුදා අභ්‍යස වලට F-22 යානා ඇමරිකාවෙන් යැවීම දැඩි මතභේදාත්මක පියවරක බව කෝබට් වාර්තාවේ සත්කාරක ජේම්ස් කෝබට් පවසයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡවකදී ඔහු කියා ඇත්තේ මෙම ඇමරිකා දකුණු කොරියා හමුදා අභ්‍යාසය වසරේ මේ කාලය වන විට සාමාන්‍යයෙන් පැවැත්වෙන්නත් වුවත් මෙවර ඉන් ප්යොන්ග්යැන්ග් වෙත පීඩනයක් එල්ල වී ඇති බවයි.

    මෙය ආතතිය ඉහල නංවන බවත් B-12 න්‍යෂ්ඨීක බෝම්බ හෙලන යානා දකුණු කොරියාවේ දියත් කිරීම උතුරට පමණක් නොව චීනයටද තර්ජනයක් බව කියා සිටියේය. පිහිතලයක් මත ඇති කොරියානු අර්ධද්වීපයේ එක් පක්ෂයකින් සිදුවන අත්වැරදීමත් හෝ වැරදි වටහාගැනීමක් නිසා ප‍්‍රහාර ඇති වීමේ අවදානමක් පවතී. මෙම ආතතියෙන් ආරක්ෂක අවි කොන්ත‍්‍රාත් කරුවන් වාසි ලබන බව කෝබට් කියයි.

    මේ අවස්ථාවේදී උතුරු කොරියානු ම්සයිල ඇමරිකාවට එල්ල කර ඇති බවට කරන ප‍්‍රකාශ සිනහවට කාරණයක් වුවත් උතුරු කොරියාවේ වර්ධනය අනුව යම් දිනක ඔවුන් එවැනි ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් ලබනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ලෝක බලවතුන් සය දෙනාගේ කණ්ඩායම මේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුාවේදී අසාර්ථක වූ නිසා ඒ සඳහා නව අතරමැදියෙක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 4, 2013 at 9:17 am

    ද. කොරියාව හා හවුලේ පැවති කර්මාන්ත පුරයක් උ. කොරියාව වසා දමයි

    kaesong.si_.png


    කොරියානු අර්ධද්වීපයේ ආතතිය අතරතුර ගත් නවතම ක‍්‍රියා මාර්ගය ලෙස උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන පැමිණි කේසන්ග් කාර්මික ජනපදයට ඇතුල් වීම තහනම් කර ඇත. දකුණු කොරියානු ආරක්ෂක ඇමතිවරයා අනතුරු ඇඟවූයේ සේවකයන්ට අනතුරක් වන්නේ නම් ගත හැකි සියළු ක‍්‍රියා මාර්ග සලකා බලන බවයි.

    ආපසු පැමිණීමට බලපොරෙත්තුවෙන් 446 ක පිරිසක් කේසන්ග් ජනපදයේ සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය බදදා උදෑසන වාර්තා කලේය. දකුණු කොරියානු සේවකයන් 860 ක් පමණ සේවය කරන මෙම ජනපදයට බදදා උදෑසන 179 කට පමණ ඇතුල් වීමට අවසර නොලැබුණි.

    සිරවී සිටින අය ගලවා ගැනීමට දකුණ හදිසි ක‍්‍රියාමාර්ග ගන්නා බව කියා සිටියත් ඒ මොනවාදැයි විස්තර කර නැත. උතුරු කොරියානු හිතවතෙක් වන චීනය මෙහිදී දෙපක්ෂයම සන්සුන්ව ක‍්‍රියා කල යුතු බවට ඉල්ලා ඇත. මෙම අවහිර කිරීම ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා උකුරු කොරියාවේ ක‍්‍රියා අවදානම් සහ ඔලමොට්ටල ඒවා ලෙස හඳුන්වා දීමට ලැබුණු ප‍්‍රතිචාරයක් විය හැකිය.

    පසුගිය මාස කිහිපය පුරාම අතුරු කොරියාව යුද්ධය ගැන පුරසාරම් දෙඩුවත් මේ වන තෙක් ඒවා ක‍්‍රියාවට නැගීමේ කිසිදු සූදානමක් නැති බව නිරීක්ෂකයෝ කියති. මෙම තර්ජන වලින් සිදු වන්නේ ජාතියට හානියක් පමණි.

    ලාබාල නායක කිම් ජොං උන් මෙමගින් බලාපොරෙත්තු වන්නේ තමා දැඩි පාලකයෙකු බවට ඒත්තු ගැන්වීමට විය හැකිය. 2011 දී ඔහු බලයට පත් වූයේ පියාගේ මරණින් පසුවය.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 4, 2013 at 11:31 am

    උතුරු කොරියානු න්‍යෂ්ඨීක කම්හල් යලි වැඩ අරඹයි

    10.si_.png


    දකුණු කොරියානු විදේශ ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡවේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී තමන් දකුණු කොරියාවේ ආරක්ෂාවට කැපවන බව ප‍්‍රකාශ කලේ අකුණු කොරියාව සිය න්‍යෂ්ඨීක කම්හල් යලි විවෘත කරන බවට දන්වා ඇති බැවිනි. කොරියානු රජය දිගින් දිගටම කරන අසාමාන්‍ය තර්ජන වලට ඉඩදිය නොහැකි බවද මෙහිදී කෙරී කියා සිටියේය.

    නිරායුධ එකඟතාවක් යටතේ 2007 දී වසා දැමුණු උතුරු කොරියාවේ ප‍්‍රධාන න්‍යෂ්ඨීක ප‍්‍රතික‍්‍රියකයක් වන යොන්ග්බියන් හි කටයුතු ඉතා ඉක්මනින් යලි ආරම්භ කරන බව එරට ඉහල පෙලේ නිලධාරීන් උපුටා දක්වමින් KCNA පුවත් සේවය වාර්තා කර තිබුණි.

    සති අන්තයේ උතරේ නායක කිම් ජොං උන් කියා සිටියේ න්‍යෂ්ඨීක අවි සංවර්ධනයට මූලික තැනක් දිය යුතු බවයි. පසුගිය සතියේ උතුරෙන් ආක‍්‍රමණ තර්ජන රැසක්ම එල්ල වුවත් ඒවා ක‍්‍රියාවට නැගීමේ උත්සාහයන් අවම මට්ටමක පැවතුණි. කෙසේ නමුත් ඇමරිකාව හා දකුණු කොරියාව මෙයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වා තිබේ.

    දකුණු කොරියාව තර්ජන වලට එරෙහිව හමුදාව සීරුවෙන් තබා ඇති අතර ඇමරිකාව මිසයිල නාශක නෞකාවක් සහ F 22 ප‍්‍රහාරක යානා දකුණට එවා ඇත. එක්සත් ජාතීන්ගේ ලේකම් ජෙනරාල් බෑන් කි මූන් දෙපක්ෂයටම සාකච්ඡ සඳහා යොමු වීමේ අවශ්‍යතාව ඉස්මතුකර තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල නිර්දේශ පිලිගන්නා ලෙසද ඔහු උතුරෙන් ඉල්ලා ඇත.

    රුසියානු විදේශ අමාත්‍යාංශය දෙපක්ෂයටම සාමකාමී වන ලෙසත් න්‍යෂ්ඨීක වැඩ පිලිවෙල යලි ඇරඹීම ගැන සාකච්ඡ කල යුතු බවත් ප‍්‍රකාශ කර තිබේ.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 5, 2013 at 11:31 am

    උතුරු කොරියාව ඇමරිකාවට එරෙහි න්‍යෂ්ටික ප‍්‍රහාරයක් අනුමත කරයි

    guam.png


    ඇමරිකාව ගුවාම් දුපතට දියුණු මිසයිල ආරක්ෂණයක් යැවීමට සූදානම් වන බව නිවේදනය කල පසු ප්යොන්ග්යැංග් හමුදාව නිවේදනය කලේ ඇමරිකාවට න්‍යෂ්ඨීක ප‍්‍රහාරයක් එල්ල කිරීම අනුමත කර ඇති බවයි. මේ අතරතුර උතුරු කොරියාවේ මධ්‍ය දුර මිසයිල නැගෙනහිර වෙරලට ගෙන යමින් ඇති බවද වාර්තා වෙයි.

    මේ මිසයිල වල පුපුරණ කොටස් සවි කර ඇත්දැයි දකුණු කොරියාවේ යොන්හැප් පුවත් සේවය පල කල එම වාර්තාවේ දක්වා නැත. එසේම මෙය ප්යොන්ග්යැංග් පහර දීමට සූදානම් වීමක්ද ඔවුන්ගේ බලය පෙන්වීමටද සූදානමක් දැයි පැහැදිලි නැත.

    මෙසේ ගෙන ගිය මිසයිල කිලෝමීටර් 3000 ක පරාසයක් ඇති මුසුඩාන් වර්ගයේ ඒවා බවද කියවෙයි. මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ඇමරිකාවට න්‍යෂ්ඨීක ප‍්‍රහාරයක් එල්ල කිරීමට අවසර දී ඇතැයි උතුරු කොරියාවේ ප‍්‍රකාශයෙන් පසුවය.

    තමන් පෙන්ටගනයට හා ධවල මන්දිරයට ඔවුන්ගේ සතුරු ආකල්ප වලට සහ තර්ජන වලට මහජන හමුදාවේ සහ වැසියන්ගේ අධිෂ්ඨානය මගින් පහර වදිනු ඇතැයි දන්වා සිටි බව උතුරු කොරියාවේ මහජන හමුදා ප‍්‍රකාශකයෙක් පැවසීය. ධවල මන්දිරය මීට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ තර්ජනය කිරීම නවත්වන ලෙසට ප්යොන්ග්යැංග් වෙත අවවාද කිරීමෙනි.

    උතුරු කොරියාව කරන ප‍්‍රකාශ වලින් පෙනී යන්නේ ඔවුන්ගෙන් කිසිම සහයක් නොලැබෙන බව යයි ඇමරිකානු ජාතික ආරක්ෂක මණ්ඩල ප‍්‍රකාශිකා සයිට්ලින් හේඞ්න් කියා සිටියාය.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 5, 2013 at 1:45 pm

    ඇමරිකාවේ රසායනික හමුදා බලඇණියක් දකුණු කොරියාවේ

    usa-army.jpg


    උතුරු කොරියාව ඇමරිකාවට න්‍යෂ්ඨීක ප‍්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කල නිසා නෂ්ඨීක, ජීව විද්‍යාත්මක හෝ රසායනික ප‍්‍රහාර වලට මුහුණ දීමේ හැකියාව ඇති හමුදාවක් දකුණු කොරියාවට යවෙ ඇත. ඇමරිකානු හමුදාවේ 23 වන රසායනික බලකායේ භටයෝ 250 ක් පමණ සියොල් වලට උතුරෙන් පිහිටි ස්ටැන්ලි කඳවුරේ නවාතැන්ගෙන සිටිති.

    මේ අතර කොරියාවේ සාමකාමී එක්සත් කිරීම සඳහා වන උතුරු කොරියානු කමිටුව කියන්නේ මෙය කොරියාවට න්‍යෂ්ඨීක විනාශයක් සිදු කිරීමේ ඇමරිකානු සැලසුමක කොටසක් බවයි.

    කොරියානු යුද්ධයේදී කල පරිදිම සිය වෛරස් සහ රසායනික ප‍්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වන බවට ඔවුන් චෝදනා කරයි. උතුරු කොරියාව හා ඇමරිකාව අතර වාග් සටන් ඇරඹුනේ දකුණු කොරියාව හා ඒකාබද්ධව පැවැත්වූ හමුදා අභ්‍යාස වලට B-52 හා B-2 න්‍යෂ්ඨීක ප‍්‍රහාරක යානා යොදා ගැනීමෙන් පසුය.

    පෙන්ටගනය කියන්නේ පැසිපික් කලාපයේ ගුවාම් දුපතට දියුණු මිසයිල ආරක්ෂණ පද්ධතියක් යවන බවයි. පෙන්ටගනය මෙය කලාපීය ආරක්ෂාව සඳහා ගනු ලබන ඉදිරි පියවරක් ලෙස සඳහන් කර ඇත.

    මෙම මිසයිල නාශක පද්ධතියට ට‍්‍රක් රථවල සවි කරන ලද විදිනයක්, වැලැක්වීමේ මිසයිල එකතුවක්, AN/TYP -2 වර්ගයේ හඳුනා ගැනීමේ රේඩාර් පද්ධතියක් සහ ගිනි නිවීමේ පාලක පද්ධතියක් ආදිය ඇතුලත් වෙයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 6, 2013 at 9:17 am

    උතුරු කොරියාව ඇමරිකාවට පහර දෙන එකක් නෑ – දකුණු කොරියාව

    koria-pls.png


    උතුරු කොරියාවේ මිසයිල ඇමරිකාවට පහර දීමට සූදානම් කෙරෙන බවට පලවු වාර්තා දකුණු කොරියාවේ ආරක්ෂක ඇමති කිම් ක්වාන් ජිං ප‍්‍රතික්ෂේප කරයි. කිලෝමීටර් 10000 ක පරාසයක් ඇතැයි කියවෙන KN8 මිසයිල නැගෙනහිර වෙරලට ගෙන යන්නේ හමුදා අභ්‍යාසයක් සඳහා විය හැකි බව ඔහුගේ අදහසයි.

    ප්යොන්ග්යැන්ග් මිසයිල ස්ථානගත කරමින් සිටින බව සැලවු වහාම ඇමරිකාව ගුවාම් දුපත ඇතුළු කලාපයේ මිසයිල ආරක්ෂණය තර කරන බව දන්වා සිටි අතර F22 ප‍්‍රහාරක යානා ද දකුනු කොරියාවේ ගුවන් කඳවුර වෙත යවා ඇත.

    උතුරු කොරියාව වරින් වර දකුණ සමඟ තානාපති සබඳතා නවත්වන බවටත්, සම්පූර්ණ යුද්ධයට සූදානම් වන බවටත්, ඇමරිකානු හමුදා මුලස්ථාන වලට න්‍යෂ්ඨීක ප‍්‍රහාර එල්ල කරන බවටත් විවිධ තර්ජන කරයි. නමුත් ඔවුන් දෙස චන්ද්‍රිකා ඇස යොමා සිටින ඇමරිකාව ඔවුන්ගේ හැකියාවන් සීමිත බව දැන සිටියි.

    උතුරු කොරියාවේ ප‍්‍රධානම හිතවතා වන චීනය කොරියා දෙක අතර සටනට දැඩි සැලකිල්ල යොදවා ඇත. දෙපක්ෂයම සාමකාමී විය යුතු බවට චීන විදේශ අමාත්‍යාංශය කර ඇති ප‍්‍රකාශනයෙන් පෙනී යන්නේ ගැටුමට මැදිහත් වීමේ අදහසක් ඔවුන් තුල නැති බවයි.

    නමුත් ඇමරිකාව දකුණු කොරියාව තුල භටයින් දහස් ගණනක් සහ නවීන අවි ආයුධ ස්ථාපනය කර ඇත. රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක‍්‍රයකට ඇතුල් වී ඇති බවයි. උතුරේ බිඳ වැටීම ඇමරිකාවට චීනයට ආසන්නයේ කඳවුරු පිහිටුවීමේ මඟක් බවටද මත පලවී ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 6, 2013 at 1:45 pm

    උතුරු කොරියාව දිවි නසා ගන්නා ජාතියක් නොවෙයි

    north-korea-missiles.png


    උතුරු කොරියාව හා ඇමරිකාව මිසයිල ස්ථානගත කරමින් සටනට සුදනම් වන බව පෙන්වුවත් ඇතැම් විශේෂඥයන් කියන්නේ සටන වලක්වාගත හැකි වන බවයි. පෙබරවාරියේ උතුරු කොරියාව සිදු කල න්‍යෂ්ඨික අත්හදා බැලීමේ සිටම දෙරට අතර එකට එක කිරීම් සිදුවෙයි.

    රොයිටර් කතාකල බොහෝ විශේෂඥයන් කියා සිටියේ උතුරු කොරියාවේ ක‍්‍රියා වලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට සාකච්ඡුාව සඳහා අවශ්‍යතාවයක් ඇති බවයි. ඔවුන් ජාතියක් ලෙස සිය දිවි නසා ගැනීමට කටයුතු නොකරනු ඇතැයි ඔවුහු කියති.

    ඉලක්කගත විදේශ ප‍්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂ ජෝන් ෆෙෆර් විශ්වාස කරන්නේ සතුරු ආකල්ප ඇති දෙරටක් අතර සාකච්ඡවක් ඇති වීමට නම් එකිනෙකා කරන ප‍්‍රකාශ බරපතල ලෙස සැලකිල්ලට නොගත යුතු බවයි. උතුරු කොරියාවේ තර්ජන ඇමරිකාව යලි සාකච්ඡ මේසයට කැඳවීමේ උත්සාහයක් ලෙස හඳුන්වන ෆෙෆර් දෙරටම ක‍්‍රියා කරන්නේ තර්කානුකූලව නොවන බව කියයි.

    එසේම දෙරටටම මේ අවස්ථාවේ යුද්ධය සඳහා අවශ්‍යතාවයක් නැති බවද ඔහු පෙන්වා දෙයි. ආතතිය වැඩි කිරීමට මාධ්‍ය වල දායකත්වයක් ඇති බවට ෆෙෆර් උදාහරණයක් ලෙස දැක්වූයේ උතුරු කොරියාව ඇමරිකාව ආක‍්‍රමණය කිරීම දැක්වෙන ‘ඔලිම්පස් හැස් ෆෝලන්‘ නම් චිත‍්‍රපටයයි. ‘ඇනොනිමස්’ කණ්ඩායම උතුරු කොරියානු ඊමේල් සොරකම් කිරීමෙන් ද පෙනී යන්නේ ගැටුම සිවිල් සමාජයටද ව්‍යාප්ත වෙමින් ඇති බවයි.

    උතුරු කොරියාව තුල සිදුවන්නේ අවබෝධ කර නොගත් ඓතිහාසික මූලාරම්භයක් සහිත සිදුවීම් පෙලක් බවත් ඔවුන් කරන දේ ගැන අවිනිශ්චිත බවක් ෆෙෆර් කියා සිටියේය. ඔවුන් සමඟ අදහස් හුවමාරුවක් ඇති වීමට නම් ඔවුන් පිලිකෙවු කිරීමෙන් වැලකිය යුතු බවද ඔහු සඳහන් කලේය.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 6, 2013 at 4:01 pm

    කොරියානු අර්ධද්වීපයේ දන් තත්වය භයානකයි – රුසියාව

    russia-flag.jpg


    උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අයිතිය ප‍්‍රකාශ කිරීමේ අභිප‍්‍රාය තත්වය අවුල් කරන බවත් සය පාර්ශ්වික සබඳතා සඳහා බාධාවක් ඇති කරන බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි. කොරියානු අර්ධද්වීපයේ ආතතිය ක‍්‍රමයෙන් වර්ධනය වන බවත් දැන් තත්වය බැ?රුම් වී ඇති බවත් අමාත්‍යාංශ ප‍්‍රකාශක ඇලෙක්සැන්ඩර් ලූකාෂෙවිච් කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස රුසියාවට මෙය සම්පූර්ණයෙන්ම පිලිගත නොහැකි ක‍්‍රියාවක් බව ලූකාෂෙවිච් කියයි. උතුරු කොරියාව, දකුණු කොරියාව, ජපානය, චීනය, හා ඇමරිකාව සමඟ පැවැත්වුනු සය පාර්ශ්වික කණ්ඩායම් සාකච්ඡවේදී රුසියාව උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩ පිලිවෙල නවතා දැමීමට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන ගැඹුරින් සාකච්ඡුා කර ඇත.

    ප්යොන්ග්යැංන්ග් 2009 දී සාකච්ඡ වලින් ඉවත් වුනේ දෙවන න්‍යෂ්ඨික පරීක්ෂණය සිදු කිරීමට ආසන්නව තිබියදීය.

    දෙවන ලෝක යුධ සමයේ සිදුවූ බෙදීමෙන් පසු වසර 60 ක් පමණ තිස්සේ අතුරු හා දකුණු කොරියාවන් අතර ආතතියක් පවතියි. පෙබරවාරි 22 වන දා සිදු කල තුන්වන න්‍යෂ්ඨික අත්හදා බැලීමෙන් පසු ගැටුම් වර්ධනය වු අතර උතුරට එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවුණි.

    උතුරු කොරියාව සෑම විටම කියා සිටින්නේ තමන්ට ආරක්ෂාව සඳහා මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමේ අයිතියක් ඇති බවයි. දින කිහිපයකට පසු ඇමරිකාව හා දකුණු කොරියාව ඒකාබද්ධ හමුදා පුහුණුවක් ආරම්භ කලහ. මාර්තු 30 වනදා උතුරු කොරියාව දකුණත් සමඟ යුධ තත්වයක් ප‍්‍රකාශයට පත් කලේය.

    රුසියානු විදේශ ඇමති සර්ජි ලැවුරොව් මාර්තු 29 වනදා කියා සිටියේ කොරියාවේ අර්බුදය පාලනය කල නොහැකි විෂම චක‍්‍රයකට ඇතුල් වී ඇති බවයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 8, 2013 at 9:17 am

    උතුරු කොරියා ආතතිය නිසා ඇමරිකාව මිසයිල අත්හදා බැලීමක් කල් දමයි

    china-missile.png


    උතුරු කොරියාව සමඟ ආතතිය වැඩි වීම සලකා බැලීම නිසා පෙන්ටගනය කැලිෆෝනියාවේ සිදු කිරීමට නියමිත වූ අන්තර් මහාද්වීපික මිසයිල අත්හදා බැලීමක් නවත්වා ඇත. මේ පරීක්ෂණය වැරදි ලෙස තේරුම් ගැනීමෙන් උතුරු කොරියාව හා පවතින තත්වය තවත් බරපතල වනු ඇතැයි සලකා චක් හෙගල් මෙම ‘මිනිට්මන් 3’ මිසයිල පරීක්ෂණය එන මාසයට කල් දමා ඇතැයි නිර්ණාමික ඇමරිකානු නිලධාරියෙක් කියා සිටියේය.

    මෙය දකුණු කොරියාව හා ඇමරිකාව ඒකාබද්ධව සිදුකරන අභ්‍යාසවල කොටසක් නොවන බවද එම නිලධාරියා සඳහන් කලේය.

    හමුදා අභ්‍යාසය නිසා උතුරු කොරියාව ඇමරිකාවට න්‍යෂ්ඨික ප‍්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇත. එසේම ඔවුන් සියළු විදේශ තානාපතිවරුන්ට ඉවත් වන ලෙසද යෝජනා කලත් තානාපතිවරු කිසිවෙක් තවම එසේ කර නැත. ජර්මන් විදේශ අමාත්‍යාංශය කියා තිබුණේ තානාපතිවරුන්ගේ ආරක්ෂාව සලකා බැලූ බවත් එහි ගැටළුවක් නැති නිසා ඔවුන්ට වැඩකරගෙන ගිය හැකි බවත්ය.

    බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යාංශ ලේකම් විලියම් හේග් කියා සිටියේ කොරියාවේ සටනට සූදානමක් නොපෙනෙන නිසා තානාපති වරුන් ආපසු ගෙන්වීම අනවශ්‍ය බවයි. කෙසේ නමුත් උතුරු කොරියාවෙන් තර්ජන එල්ලවීමේ හැකියාව ඉවත් වී නැති නිසා බි‍්‍රතාන්‍යය හා මිත‍්‍ර පාක්ෂිකයන් තත්වය ගැන සෝදිසියෙන් සිටින බවද ඔහු ප‍්‍රකාශ කලේය.

    උතුරු කොරියාව හා ඇමරිකාව අතර වරින් වර එකට එක කිරීම් සිදු වුවත් මහා පරිමාණ ප‍්‍රහාරයක් සඳහා කිසිදු සූදානමක් උතුරු කොරියාවේ දක්නට නැති බව වොෂින්ටනය කියයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 10, 2013 at 11:31 am

    උතුරු කොරියාවට එරෙහිව ජපානය මිසයිල ස්ථානගත කරයි

    Patriot_missile.png


    ඕනෑම උතුරු කොරියානු ප‍්‍රහාරයකින් ටෝකියෝව ආරක්ෂා කිරීම සඳහා ජපානය සිය අගනුවර ආසන්නයේ පේටි‍්‍රයට් මිසයිල නාශක ස්ථානගත කර ඇත. PAC-3 මිසයිල නාශක දෙකක් ආරක්ෂක අමාත්‍යාංශයේ දැනටමත් ස්ථානගත කර ඇති අතර තවත් ඒකක දෙකක් සවි කිරීමට නියමිතය. ඔකිනාවා දුපත් පෙලෙහිද මිසයිල නාශක ස්ථාන ගත කෙරෙන බව ජපාන ආරක්ෂක ඇමති ඉට්සුනොරි ඔනොඩෙරා සඳුදා රූපවාහිනී වැඩසටහනකින් කියා සිටියේය.

    ඔකිනාවා හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි හොඳම ස්ථානය නිසා එහි ස්ථිරවම මිසයිල නාශක ස්ථානගත කෙරෙන බව ඔහු පැවසීය. සිය ප‍්‍රදේශයට එන ඕනෑම උතුරු කොරියානු මිසයිලයක් විනාශ කරන ලෙස සන්නද්ධ අංශ වලට බලය ලබා දී ඇත.

    PAC-3 මිසයිල නාශක වලට අමතරව ජපාන මුහුදේ ඊජින් මිසයිල වලකනයන්ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක ප‍්‍රධානියා සඳහන් කර සිටියේය. උතුරු කොරියාව තවත් න්‍යෂ්ඨීක අත්හදා බැලීමකට සූදානම් වන බවට ඇති වාර්තා සහ දකුණු කොරියාවෙන් සිය සේවකයන් ඉවත් කර ගැනීමට යන බවට උතුර ප‍්‍රකාශ කිරීමෙන් පසු මෙම ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.

    දකුණු කොරියා ඇමරිකා ඒකාබද්ධ හමුදා පුහුණුවට ප‍්‍රතිචාර ලෙස ජපානයේ හා දකුණු කොරියාවේ ඇමරිකානු හමුදා කඳවුරු වලට පහර දෙන බවට ප්යොන්ග්යැන්ග් දිගින් දිගටම තර්ජනය කරයි. හිටපු නායක කිම් ඉල් සන්ග් ගේ උපන් දිනය දා ප්යොන්ග්යැන්ග් නැගෙනහිර වෙරලේ ස්ථානගත කර ඇති මධ්‍ය දුර මිසයිල අත්හදා බැලීමට යන බව රහස් ඔත්තු වාර්තාවල දැක්වෙයි.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 10, 2013 at 1:45 pm

    කොරියාවේ න්‍යෂ්ඨීක ගැටුම් ඇතිවුනොත් ‘චර්නොබිල්’ සුරංගනා කතාවක් වෙයි

    Putin-fix.png


    කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ඨීක ගැටුම් පැන නැගුනොත් චර්නොබිල් සුරංගනා කතාවක් වනු ඇතැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය. පසුගිය සතියේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක ක‍්‍රියාකාරකම් ගැන පලවූ ගැටුම්කාරී වාර්තා නිසා ආතතිය ශීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙනෙයි. හැනොවර් කාර්මික ප‍්‍රදර්ශනයේදී රුසියානු ජනාධිපතිවරයා ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ඨීක අනතුරක් වන චර්නොබිල් පිපිරීම හා කොරියාවේ තත්වය සසඳමින් මෙම ප‍්‍රකාශය කර ඇත.

    සඳුදා දකුණු කොරියාව චෝදනා කලේ ප්යෙන්ග්යැන්ග් හතරවන න්‍යෂ්ඨීක අත්හදා බැලීමටද සූදානම් වන බවයි. එසේම සඳුදා යොන්හැප් පුවත් සේවය වාර්තා කලේ උතුරු කොරියාව දකුණත් සමඟ හවුලේ පවත්වාගෙන ගිය කීසන්ග් කාර්මික ජනපදයෙන් එරට සේවකයන් ඉවත් කර ගන්නා බවකි.

    මෙම නව න්‍යෂ්ඨීක අත්හදා බැලීම අපේ‍්‍රල් 10 වනදාට පෙරද පසුද යන්න තවම පැහැදිලි නැති බව දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක උපදේශක පාක් ගියුං හයි කියා සිටියේය. එදින විදේශ නියෝජිතයන්ට ප‍්‍රදේශය හැරයාමට උතුරු කොරියාව යෝජනා කර තිබුණි. මෙම යෝජනාවට අන්තර්ජාතික ප‍්‍රජාව කන්දී නැති අතර නියෝජිතයන් ඉවත් කරගෙනද නැත.

    උතුරු කොරියාවේ හිතවතකු වන චීනයේ ජනපති ෂී ජින්පිං ද ජාත්‍යන්තර විරෝධයට පක්ෂපාතී වෙමින් උතුරු කොරියාව විසින් ප‍්‍රශ්න ඇති කිරීම පිලි නොගන්නා බව කියා සිටියේය. ජපාන ආරක්ෂක අමාත්‍යාංශය සිය රට දෙසට එන ඕනෑම මිසයිලයක් පුපුරවා හැරීමට අවසර දෙනු ඇතැයි එටට ජිජි පුවත් සේවය වාර්තා කර තිබුණි.

    මෙම ආතති වර්ධනය වීම නිසා ඕනෑම වැරදි වැටහීමකින් සම්පූර්ණ යුද්ධකට මග පෑදෙනු ඇතැයි බොහෝ අය බියවෙති. අර්බුදය ඇතිවූදා සිට දැන් ආතතිය උපරිම මට්ටමට පැමිණ ඇති අතර ගිය සතියේ උතුරු කොරයාව දකුණත් සමඟ යුධ තත්වයක් ද ප‍්‍රකාශයට පත්කර ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 11, 2013 at 3:25 am

    චීනයට පණිවුඩයක් දෙන්න දකුණු කොරියාව ඇමරිකානු න්‍යෂ්ඨීක සහය ඉල්ලයි

    koria-new.jpg


    දකුණු කොරියාවේ දේශපාලන ප‍්‍රබලයෙක් ඇමරිකානු සංචාරයක් අතරතුර උතුරු කොරියාවෙන් දිගින් දිගමට එල්ල වන තර්ජන සහ ඔවුන්ගේ අවිශ්වාසදායක බව නිසා මෙන්ම චීනයට පණිවුඩයක් ලබා දීම සඳහාද ඇමරිකානු න්‍යෂ්ඨීක සහය සිය රටට අවශ්‍ය වන බව කියා සිටියේය.

    දකුණු කොරියානු පාලක පක්ෂයේ නායකයා ලෙස ක‍්‍රියා කරන ව්‍යවස්ථාදායක චුන්ග් මූන් ජූන් මෙම දේශනයේදී කියා සිටියේ උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිිරීම වෙනුවට චීනය කරන්නේ පවතින තත්වය රැකීමක් බවයි. 2013 කානගී අන්තර්ජාතික න්‍යෂ්ඨීක ප‍්‍රතිපත්ති සමුළුව අමතමින් ඔහු ඇමරිකානු දේශපාලනඥයන් දකුණු කොරියාවට අවි සැපයිය යුතු යයි යෝජනා කිරීමට සූදානම්ව සිටියි.

    2017 දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා ජනප‍්‍රිය අපේක්ෂකයෙකු වන චුන්ග් ඉදිරි වසර දෙක තුල දකුණු කොරියානු හමුදාවන්ට එහි යුධ කටයුතු වල පාලනය ලබා දීමට සලකා බලන ලෙස ඉල්ලා සිටියි.

    දකුණු කොරියානු ව්‍යවස්ථාදායකයා ඇමරිකාවේ න්‍යෂ්ඨීක සහය ඉල්ලා සිටි පලමු අවස්ථාව මෙය නොවේ. උතුරු කොරියාව සඳුදා දකුණේ පිහිටි කම්හලක සේවකයන් 51000 ක් පමණ ආපසු ගෙන්වීමට යන බව නිවේදනය කිරීමත් සමඟ ආතතීන් වැඩිවී ඇත.

    උතුරු කොරියාවේ න්‍යෂ්ඨීක අවි පරීක්ෂණ කිම්ජොං උන් ගේ බල ලෝභීත්වය ප‍්‍රදර්ශනය කරන බව සියොල් හි කොරියානු විශ්ව විද්‍යාලයේ අන්තර්ජාතික සම්බන්ධතා පිලිබඳ විශේෂඥ කිම් සන්ග් හැන් කියයි.

    කෙටි කලක් තුල බලය රැස් කිරීමේ ඔහුගේ සුවිසල් ඉලක්කය නිසා මහජන සහයෝගයද ක‍්‍රමයෙන් නැතිවෙමින් පවතින බව හැන් කියයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    Oya hama ekaama hama ekaatama sadde daana eke mannun kiyanne apith second nowee Thamilnaaduwata kiyamu api unwa nuke karanawa kiyala :D