KOREAN WAR NEWS UPDATE

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 11, 2013 at 11:31 am

    ඇමරිකාවේ ආරක්ෂක න්‍යෂ්ඨීක ප‍්‍රහාරයක් ලෝක යුද්ධයක ඇරඹුමක් විය හැකියි

    us-pre-emptive-action-warfare-korea.si.jpg


    කොරියානු අර්ධද්වීපට හා ඒ හරහා සමස්ත ලෝකයටම එල්ල වන සතුරුකම උතුරුකොරියාවේම වරදක් නොව ඇමරිකාවේද වරදක් වන බව දේශපාලන විශ්ලේෂක මයිකල් කොසුඩොව්ස්කි රොයිටර් වෙත පවසා ඇත. පර්යේෂණ හා ගෝලීයකරණය පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයා සහ ඔටාවා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය මහාචාර්යවරයා වන ඔහු විශ්වාස කරන්නේ ඇමරිකාවේ උත්සාහය ගිණි පුපුරක් අවුළුවන්නක් බවයි.

    ‘‘සති කිහිපයකට පෙර අනාවරණය වුනේ උතුරු කොරියාවේ ආතතිය වැඩි කිරීමේ නාට්‍යයක් ආරම්භ කර ඇති බවයි. යුධ අභයස වලදී එය පැහැදිලි වුනා. අප මෙය ඉතිහාසයට සම්බන්ධ කර බැලුවොත් කොරියානු යුද්ධය අවසන් වූ තැන් සිට අඩ සියවසක් පමණ තිස්සේ මෙම තර්ජන සිදුවූ බව සලකන්න හැකියි’’ යනුවෙන් ඔහු කියා ඇත.

    ‘‘ඇමරිකානු න්‍යෂ්ඨීක වැඩ පිලිවෙල දෙස බලන විට අපට මාධ්‍ය වලින් හෙලි නොකල ඩොලර් බිලියන 32 ක් න්‍යෂ්ඨීක අවි සංවර්ධනයට ඇත. ඊ 2 බෝම්බ හෙලන යානා වලින් දියත් කල හැකි න්‍යෂ්ඨීක අවි සඩවර්ධනය තවත් ඩොලර් බිලියන 10ක් ඇත. එසේම අපට සෙනෙට් මණ්ලයෙන් න්‍යෂ්ඨීක ප‍්‍රහාර සාමාන්‍ය ජනයාට හානිකර නොවන බවට දෙන ලද තීරණයක් ද ඇත’’ ආදී වශයෙන් ඇමරිකාව කරන තර්ජන ගැන ලෝකය බරපතල ලෙස සිතන බවක් කෙසේවත් නොපෙනෙන්නේ යයි . කොසුඩොව්ස්කි තවදුරටත් කියා සිටියේය.

    වර්තමාන අර්බුදය වලක්වා ගැනීමට ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ බටහිර රටවල් ඇමරිකාව හා නේටෝව ලෝක ආරක්ෂාවට තර්ජන ලෙස අවබෝධ කර ගත් දිනක එය සිදුවනු ඇති බවයි. ඔවුන් ඕනෑම රටකට ආරක්ෂාකාරී පියවරක් ලෙස මිසයිල ප‍්‍රහාරයක් එල්ල කලොත් එය ලෝක යුද්ධයකට පූර්විකාවක් වනු ඇතැයි ඔහු කියයි.


    source - http://rt.com/op-edge/us-pre-emptive-action-warfare-korea-493/
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 11, 2013 at 4:02 pm

    චීනය උතුරු කොරියා දේශ සීමාව වසා දමයි… දකුණු කොරියාව සීරුවෙන්

    koria.jpg


    ප්යොන්ග්යැන්ග් හි මධ්‍ය දුර මිසයිල ප‍්‍රහාරයක් අපේක්ෂාවෙන් ඇමරිකාව හා දකුණු කොරියාව ඔවුන්ගේ හමුදා මුර තත්වයන් වැඩි දියුණු කර ඇත. සාමූහික හමුදා බලඇණිය ‘වොච්කන් 2’ පිහිටුමට ගෙන ඇතැයි නිර්ණාමික ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් යොන්හැප් පුවත් සේවයට කියා තිබුණි. මීලඟ තත්වයට උසස් වුවහොත් දෙරට යුධ තත්වයක සිටිනු ඇත. උතුරු කොරියාවේ මිසයිල ප‍්‍රහාර සූදානම විශ්ලේෂණය කිරීමට හදිසි කාර්ය බලකායක්ද සියොල් විසින් පත් කර ඇත.

    අනතුරු ඇඟවීමේ පීස් අයි ගුවන් යානා සහ භූමියේ සිට මිසයිල වලින් ආරක්ෂාව ලබා දෙන ග‍්‍රීන් පයින් ආදිය ඉදිරයේ සිදුවිය හැකි මිසයිල ප‍්‍රහාරයක් සඳහා දකුණු කොරියාවෙන් සූදානම් කර ඇත. මීට පෙර උතුරෙන් පරීක්ෂවට ලක් කර නැති කිලෝමීටර් 3000- 4000 ක් අතර පරාසයක් සහිත මුසුඩාන් වර්ගයේ මිසයිල උතුරු කොරියාවේ නැගෙනහිර වෙරලේ ස්ථානගත කර ඇති අතර ඒවා සාර්ථක නොවුනොත් තවත් ස්ථානවලින් ප‍්‍රහිර එල්ල වනු ඇතැයි දකුණු කොරියාව විශ්වාස කරයි.

    ඇමරිකානු පැසිපික් බලකායේ අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් අඟහරුවාදා ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාව හැකියාව ඇති බවයි. ඉදිරි දින කිහිපයේ දියත් වුවත් තමන්ට මිසයිල වැලැක්විය හැකි බව ඔහු ප‍්‍රකාශ කර තිබේ.

    උතුරු කොරියාව විදේශිකයන්ට දකුණේ ප‍්‍රදේශ වලින් පිටවන ලෙස අවවාද කර ඇති නිසා ජපානය එරට දෙසට එන ඕනෑම මිසයිලයක් විනාශ කිරීමට අණ දී තිබේ. චීනය විදේශිකයන්ට ඇතුල් වීමට නොහැකි වන ලෙස උතුරු කොරියා දේශ සීමාව වසා දමා ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 12, 2013 at 3:25 am

    සයිබර් යුද්ධය ඇරඹේ.. උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට ප‍්‍රහාරයක්

    cyber-war.jpg


    දකුණු කොරියානු රූපවාහිනි සම්පේ‍්‍රෂණ සහ බැංකු පද්ධතිය ඉලක්ක කර උතුරු කොරියාව විසින් සයිබර් ප‍්‍රහාර එල්ල කර ඇතැයි චෝදනා එල්ල වී ඇත. දකුණු කොරියාව පවසන්නේ ඉකුත් මාසය තුළ ඉහල පෙලේ සයිබර් ප‍්‍රහාර මාලාවක් උතුරු කොරියාව විසින් එල්ල කර ඇති බවත් එමගින් තම රටේ බැංකු සහ රූපවාහිනි සම්පේ‍්‍රෂණ පද්ධතියේ පරිගණක දසදහසකට ආසන්න ප‍්‍රමාණයක් ක‍්‍රියා විරහිතව ඇති බවත්ය.

    සයිබර් ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් සංකේත මීට පෙර උතුරු කොරියාව විසින් භාවිත කර ඇති බව විශේෂඥයින් පිරිසක් සිදුකළ මූලික පරික්‍ෂණයක දී අනාවරණ වී ඇති බවද දකුණු කොරියාව කියා සිටී.

    මෙම චෝදනාවට උතුරු කොරියාව කිසිඳු ප‍්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැති අතර මින් කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උත්සන්න වනු ඇතැයි විචාරකයින් මත පළ කරයි.
     
    • Like
    Reactions: lilman

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 12, 2013 at 11:32 am

    කොරියාවේ දී ඉලෙක්ට්‍රොනික යුද්ධයක්, අපේ ශ‍්‍රමිකයන් අවදානමේ

    champika-fix.jpg


    ලෝකයේ ප‍්‍රථම වතාවට ඉලෙක්ට්‍රොනික යුද්ධයක් කොරියාවේ දී අත්හදා බැලීමට ඉඩ ඇති බැවින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයන් දහස් ගණනකයේ ජීවිත අනතුරට පත්ව ඇතැයි පර්යේෂණ, තාක්ෂණ හා පරමාණු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    උතුරු කොරියාව හා දකුණු කොරියාව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කිරීමට බොහෝදුරට ඉඩකඩ ඇති බැවින්, එය ආසියානු කලාපයට දරුණු අයුරින් බලපෑමට ඉඩ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. යම් හෙයකින් මෙම රටවල් දෙක අතර යුද්ධයක් හට ගතහොත් මීට ටික කලකට පෙර කුවේටය හා ඉරාකය ආක‍්‍රමණය කර අරාබිකරය විනාශයට ගෙන ගියා සේ ආසියානු කලාපය ද විනාශ කිරීමේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල කුමන්ත‍්‍රණය සාර්ථක විය හැකි බවද ඔහු පැවසීය.

    ‘‘කුවේට්, ඉරාක ආක‍්‍රමණවල දී මෙවැනි අහිතකර තත්ත්වයක් ඇතිවුණා. කොරියානු අර්ධද්වීපයේ ප‍්‍රශ්නය ආසියාවේ ප‍්‍රශ්නයක් විය හැකි යි. ජපානය, චීනය, රුසියාව හා ඇමෙරිකාව මෙයට මැදිහත් වන නිසා අනතුර තවත් වැඩිවෙනවා. උතුරු කොරියාව හා දකුණු කොරියාව ලබා තියෙන දියුණුව අනුව න්‍යෂ්ටික ආයුධ පරිහරණය කරන්න පුළුවන්. මෙය ආසියානු ආර්ථිකයට වගේ ම ජන ජීවිතවලටත් දරුණුවට බලපානවා. ආසියානු කලාපය අස්ථාවර කිරීමේ සැලසුමක් ඇමෙරිකාවට තියෙනවා. කුවේටය ආක‍්‍රමණය කිරීමට සදාම් හුසේන්ට ලණුව දුන්නෙත් ඇමෙරිකාවයි. එම අවස්ථාවේ අරාබිය වැටුණු එක තව ම නතර වෙලා නෑ’’ යනුවෙන් ද ඒ මහතා ප‍්‍රකාශ කළේ ය.

    මේ තත්ත්වය තුළ කොරියාවේ සේවය නියුතු මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත පිළිබඳ අවදානම එන්න එන්න ම වැඩිවන බවත්, ඒ පිළිබඳ ව රජය අවධානයෙන් පසුවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 12, 2013 at 1:00 pm

    උතුරු කොරියාවේ මිසයිල පහර දීමට සූදානම් වෙයි

    north-korea-missiles.png


    උතුරු කොරියාවේ මිසයිල අහසට යොමුකර පහර දීමේ පිහිටුමට ගෙන ඇති නිසා ජපානය දැඩි විමසිල්ලෙන් සිටියි. ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනෝරි ඔනොඩෙරා බ‍්‍රහස්පතින්දා උදෑසන පැවසුවේ ආතතිය පිලිබඳ විවිධ තොරතුරු මේ දක්වා ටෝකියෝව එක්රැස් කල බවයි. දකුණු කොරියාවට නොයන ලෙස වැසියන්ට අවවාද කල පලමු රජය බවට තායිවානය පත්ව ඇත. සංචාර, ව්‍යාපාර, අධ්‍යයන ආදී කටයුතු සඳහා කොරියාවට සිදු කරන ගමන් නවත්වන ලෙස එරට රජය කොරියාවේ අපැහැදිලි තත්වය නිසා පවසා ඇත.

    පසුගිය දින කිහිපය තිස්සේ ජපානය පේටි‍්‍රයට් PAC 3 මිසයිල වලක්වනයන් ස්ථානගත කර ප‍්‍රධාන හමුදා ඒකක සහ අගනුවර ආරක්ෂා කිරීමට පියවර ගනිමින් තිබුණි. එක් ඒකකයක් ඉචිගායා හි ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ සවිකර ඇත. උතුරු කොරියාවෙන් නිකුත්වන ඕනෑම දෙයකට පහර දෙන ලෙස ජපන් හමුදාවන්ට බලය දී තිබේ.

    දකුණු කොරියාව හා ඇමරිකාව යුද්ධයකට පෙර තිබිය හැකි උපරිම සූදනම් තත්වයට පැමිණ සිටිති. දකුණු කොරියාවේ යොන්හැප් පුවත්සේවය හා රජයේ ආරංචිමාර්ග අනුව උතුරෙන් කෙටිදුර ස්කඞ් හා රොඩොන්ග් මිසයිල ස්ථාන කිහිපයකින් නිකුත් වීමට සූදානමක් පවතී. මේවාත් සමඟ මෙතෙක් අත්හදා බලා නැති මුසුඩාන් වර්ගයේ මිසයිලද නිකුත් කෙරෙනු ඇත්දැයි පැහැදිලි බවක් නැතැයි හමුදා ආරංචිමාර්ග වලින් කියවුණි.

    උතුරෙන් එල්ල වූ තර්ජන හා දකුණූ කොරියාව හැර යන ලෙසට විදේශිකයන්ට දැන්වීම නිසා දකුණේ හමුදා ‘වොච්කන් 2’ පිහිටුමට ගෙන ඇත. ඇමරිකානු පැසිපික් බලකායේ අද්මිරාල් සැමුවෙල් ලොක්ලියර් අඟහරුවාදා ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාවට හැකියාව ඇති බවයි.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇමරිකානු සන්නද්ධ සේවා සෙනෙට් කමිටුවට කියා සිටියේ ප්යොන්ග්යැන්ග් හි ඕනෑම තර්ජනයක් මැඩ පැවැත්වීමට ඇමරිකාවට හැකියාව ඇති බවයි.
    puka thama
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකත් ඔහොම ගිහින් ටික දවසකින් ශේප් වෙයි බන්
    අරු ගහනවා ගහනවා කිව්වට ගැහුවේ නෑනේ