KOREAN WAR NEWS UPDATE

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    2013 අපේ‍්‍රල් මස 13 10:35:44

    කොරියා රැකියා වීසා ටිකකට නවතී
    ලාංකිකයන් ගෙන්න ගන්න සැලසුම් සූදානම්


    korea.jpg


    දකුණු කොරියාවට එල්ලවී ඇති යුද තර්ජනය නිසා දකුණු කොරියාවේ රැකියා වීසා ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සියයට 90ගේ පමණ ගමන් අත්හිටුවා ඇතැයි විදේශ රැකියා කාර්යංශය කියයි.
    වසරක් පාසා 5000ක් පමණ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති.
    කොරියාවේ පවතින යුද උණුසුම පහව ගිය පසු තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි කියති.
    යම් හෙයකින් දෙරට අතර යුද්ධයක් ඇති වුවහොත් එහි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර් ජාතික සංවිධානය සහ වෙනත් රටවල් උදව් කිරීමට ප්‍රතිඥා දී ඇතැයි රජය කියයි.
    එරට යුද්ධයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති නිස්සංක විජේරත්න මහතා හා කාර්ය මණ්ඩලය එරට ලාංකිකයන් සමග සාකච්ඡා කරන බව විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.
    තානාපති ඇතුළු සියලු විදේශිකයන් දකුණු කොරියාවෙන් පිටත් විය යුතු බවට උතුරු කොරියාව තර්ජනය කර ඇත.


    උපුටා ගැනිම ලංකාදිපයෙන්
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 13, 2013

    ඇමරිකාවට අවශ්‍ය උතුරු කොරියාවේ යුද්ධයක් නොව පාලන වෙනසක්

    n.-koria-rocket.png


    යුධ විරෝධී ANSWER එකමුතුවේ අධ්‍යක්ෂක බ‍්‍රයන් බෙකර් පවසන්නේ උතුරු කොරියාවට එරෙහි ඇමරිකාවේ උත්සාහය යුද්ධයක් සඳහා නොව පාලනයේ වෙනසක් ඇති කිරීම සඳහා වන බවයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡුාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.

    කොරියානු අර්ධද්වීපය තරම් හමුදාකරණය වූ වෙඩි බෙහෙත් පෙට්ටියක් තවත් නැති බවත් ඇමරිකාව හා දකුණු කොරියාවේ දැඩි සූදානමත් සමඟ උතුරු කොරියාවද තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා කුමක් හෝ දෙයක් සෑම විටම තම ආරක්ෂාව සඳහා කරන බවත් බෙකර් මෙහිදී පැවසීය. මේ නිසා දෙපක්ෂයේම ආතතිය ඉහලටම ගොස් ඕනෑම දෙයකින් යුද්ධයක් ඇරඹීමේ හැකියාවක් පවතින බව බෙකර් ගේ අදහසයි.

    ක්ලින්ටන් පාලන සමයේ කොරියාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට යම් උත්සාහක් දැරුවද ඔබාමා පාලනය කරන්නේ කුපිත කිරීමෙන් ආතතිය වර්ධනය කිරීමේ බුෂ් ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමක් බව බෙකර් සඳහන් කලේය. ඇමරිකාවට රාජ්‍ය පාලනයේ වෙනසක් කිරීමට අවශ්‍ය වුවත් කොරියානු රජය ඊට ඉඩ නොදෙන බව පැහැදිලිවම පෙනෙයි.

    උතුරු කොරියාව සමඟ ඓතිහාසික සබඳතාවක් ඇති චීනය ඈත් කිරීමට ඇමරිකාව උත්සාහ කරන්නේ පාලන වෙනස සඳහා ආරම්භයක් ලබා ගැනීමටය. නමුත් චීනය එයට ඉඩ නොදෙනු ඇතැයි බෙකර් කියා සිටියේය. දකුණු කොරියානු හමදාව තුලත් බෙදීම් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය. එරට ඇති වසර 30 ක හමුදා ඒකාධිපතිවාදය විසින් සියලු ප‍්‍රතිගාමීන් හා සමාජවාදීන් විනාශකර ඇත. දකුණේ බොහෝ පිරිසක් නිමක් නැති යුද්ධයකට වඩා සාමයට කැමති බව බෙකර් පවසයි.

    උතුරු කොරියාව අනතුරුදායක ලෙස දැක්වීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වන්නේ ඇමරිකාවට ආසියා පැසිපික් කලාපයට හමුදාවන් සහ යුධ උපකරණ තොග වශයෙන් ගෙනවුත් හමුදා කර්මාන්ත ආදායම වැඩි කර ගැනීමට හා මූලික වශයෙන් චීනය වටකර තැබීමට බවද බෙකර් කියා සිටියේය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,027
    113
    Gotland
    ඕකා ගහනවා කියල මුලින් සද්දේ දැම්මට පස්සේ බලාගෙන ගියාම තේරෙන්න ඇති අම්බානකට කන්න වෙනවා කියල. ආතල් එකේ මෙහෙම ඉන්න එක හොදයි කියල පොරට හිතෙන්න ඇති. මොනවයින් අඩුවක්ද.
    හරහට තියෙන්නේ සම්භාධක නිසා පොරට Playstation, XBOX වගේ එකක්වත් ගන්න එක අමාරු නිසා
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    2013 අපේ‍්‍රල් මස 13 20:34:30

    කොරියා යුද්ධය බේරන්න ස්විට්සර්ලන්තය එයි

    images


    උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර ඇතිවී තිබෙන අර්බුදය විසදීමට ස්විට්සර්ලන්තය මැදහත් වී ඇතැයි රුසියාවේ විදේශ ඇමතිවරයා පවසයි. දෙරට අතර ස්විට්සර්ලන්තයේදී සාකච්ඡා පැවැත්වීමටත් ඒ සඳහා ඇමෙරිකාව, චීනය, රුසියාව සහ ජපානය සහභාගී වීමටත් එකඟ වී ඇතැයි වාර්තා වේ.
    උතුරු කොරියා නායක කිම් ජෝන් ඉන් සිය පියා උතුරු කොරියාවේ ජනාධිපතිවරයාව සිටියදී එරට තානාපති කාර්යාලයේ රියදුරකුගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් හොර රහසේම ස්විට්සර්ලන්ත අධ්‍යාපනය ලබා සිටීම මෙම මැදහත් වීමට විශේෂ හේතුවක් බව ද දේශපාලන විචාරකයෝ කියති.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 16, 2013 at 9:17 am

    කොරියා යුද්ධය නවතන්න චීනය සැරසේ

    china-ff.png


    උණුසුම් තත්යකට පත්ව ඇති උතුරු කොරියා දකුණූ කොරියා ප‍්‍රශ්ණය සාමකාමීව විසඳීම සඳහා චීනය සූදානමින් සිටින බව චීන වෙබ් අඩවි පවසයි.

    ආසියාවේ සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ඉල්ලීමක් සලකා බලමින් චීනය මෙම තීරණයට එළැඹ තිබේ.

    සිය ආසියානු සංචාරයේ දෙවන නැවතුම ලෙස චීනයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි චීන ජනාධිපති ෂි ජින්ග් පිං සහ අග‍්‍රාමාත්‍ය ලී කෙකියෑන්ග් සමග සාකච්ඡ කළ බව ෂිංහුවා වෙබ් අඩවිය පවසයි.

    උතුරු කොරියාව න්‍යෂ්ඨික අවි අත්හල යුතු බවට එම සාකච්ඡවලදී එකඟතාවක් ඇතිවු බවද ජෝන් කෙරි කියා ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 16, 2013 at 1:45 pm

    උතුරු කොරියාව දකුණට කුළුගෙඩි ප‍්‍රහාරයකට සූදානම්

    koria-pls.png


    දකුණු කොරියානුවන් පිරිසක් විසින් උතුරු කොරියානු හිටපු නායක කිම් ඉල් සුංගේ සහ ඔහුගේ පුත් කිම් ජොං ඉල් සහ වත්මන් නායක ඔහුගේ මුණුබුරු කිම් ජොං අන්ගේ අනුරූ පුළුස්සා සිදුකළ අපහාසයට සමාව නොගන්නේ නම් දකුණු කොරියාව වෙත කුළු ගෙඩි ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව උතුරු කොරියාව ප‍්‍රකාශ කරයි.

    උතුරු කොරියාව ඊයේ සිය දේශයේ නිර්මාතෘවරයා වූ කිම් ඉල් සුංගේ ජන්ම දිනය සැමරූ අතර එහිදී දකුණු කොරියානුවන් විසින් මෙම ක‍්‍රියාව සිදු කර ඇත.
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 18, 2013 at 9:17 am

    උතුරු කොරියානු දේශ සීමාව අසලදී ඇමරිකානු හෙලිකොප්ටරයක් කඩා වැටේ

    n-koria-helicopter.png


    ඇමරිකානු මැරීන් යුධ භටයින්ට අයත් හෙලිකොප්ටරයක් සිය ප‍්‍රධාන කදවුරට දුරින් උතුරු කොරියානු සීමාවේදී අනතුරකට ලක්ව ඇත. ඉන් පුද්ගලයින් 21ක් රෝහල් ගත කර ඇති අතර ඉන් 15 දෙනෙකු රෝහලින් පිටත්ව ගොස් තවත් 6 දෙනෙකු රෝහල් ගතව සිටියි.

    ජපානයේ ඔකනාවා ප‍්‍රධාන කදවුරේ කාර්ය මණ්ඩලයෙන් 31කු මෙම නාවික ගමන සදහා එකතු විය. මෙම සිදුවීමට හේතුව පිලිබද පරීක්ෂණ පවත්වයි.

    මෙම නාවික ගමන් මාර්ගය භාවිතය අතරතුරේදී ඇති වූ අවිනිශ්චිතතාවන් පිලිබද ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව තොරතුරු සපයා ඇත. එම කාලසීමාවේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමටද යෝජනා කර තිබිණි
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    April 16, 2013 at 1:45 pm

    උතුරු කොරියාව දකුණට කුළුගෙඩි ප‍්‍රහාරයකට සූදානම්

    koria-pls.png


    දකුණු කොරියානුවන් පිරිසක් විසින් උතුරු කොරියානු හිටපු නායක කිම් ඉල් සුංගේ සහ ඔහුගේ පුත් කිම් ජොං ඉල් සහ වත්මන් නායක ඔහුගේ මුණුබුරු කිම් ජොං අන්ගේ අනුරූ පුළුස්සා සිදුකළ අපහාසයට සමාව නොගන්නේ නම් දකුණු කොරියාව වෙත කුළු ගෙඩි ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව උතුරු කොරියාව ප‍්‍රකාශ කරයි.

    උතුරු කොරියාව ඊයේ සිය දේශයේ නිර්මාතෘවරයා වූ කිම් ඉල් සුංගේ ජන්ම දිනය සැමරූ අතර එහිදී දකුණු කොරියානුවන් විසින් මෙම ක‍්‍රියාව සිදු කර ඇත.

    Podi eka katin thamai yudda karanne....:P
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    April 20, 2013 at 3:26 am

    උතුරු කොරියාව සාකච්චා සඳහා සූදානම්

    north-korea-missiles.png


    කොරියා අර්ධද්විපයේ උණුසුම් තත්ත්වය සමනය කිරීමට දකුණු කොරියාව හෝ අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමට නම් දැඩි කොන්දේසිවලට යටත් විය යුතු බව උතුරු කොරියාව පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ අමෙරිකා – දකුණු කොරියා ඒකාබද්ධ යුද අභ්‍යාස නතර කිරීමට සහතිකයක් ලබා දීම ඒ අතර ප්‍රධාන කොන්දේසිය.

    උතුරු කොරියා ජාතික ආරක්ෂක කොමිසම ප්‍රකාශක් නිකුත් කරමින් පවසන්නේ උතුරු කොරියාව සමඟ කතිකාවක් පැවැත් වීමට සැබවින්ම ඇපකැප වන්නේ නම් මෙම කොන්දේසි ඉටු කළ යුතු බවයි.

    මේ අතර දකුණු කොරියාව සහ අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත්තේ කතිකාවක් ආරම්භ කිරීමට පෙර උතුරු කොරියාව වෙනසක් සිදුකිරීමට ඇපකැපවිය යුතු බවත් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතු බවත්ය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,027
    113
    Gotland
    කිම් කොල්ල බය වෙලා බං වැඩේ අතැරලා දාල දැන් සාකච්චාවක් ඉල්ලනවා

    මු හම්බයෙක් නොවන නිසා මේක සාකච්චාවෙන් ශේප් වෙයි මං හිතන්නේ
    හම්බයෝ නොවන නිසා යුද්ධයක් ඇති නොවන එක හොදයි

    හම්බයෝ නම් යුද්ධයක් කරල ඉවර කල යුතුයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    කිම් කොල්ල බය වෙලා බං වැඩේ අතැරලා දාල දැන් සාකච්චාවක් ඉල්ලනවා

    මු හම්බයෙක් නොවන නිසා මේක සාකච්චාවෙන් ශේප් වෙයි මං හිතන්නේ
    හම්බයෝ නොවන නිසා යුද්ධයක් ඇති නොවන එක හොදයි

    හම්බයෝ නම් යුද්ධයක් කරල ඉවර කල යුතුයි

    :yes::yes:

    kim kolla nuc ekak yawala arab paththatawath watuna nm athal godai :D
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ගෙසොන්ග් කර්මාන්ත කලාපයෙන් සියළු දකුණු කොරියානු සේවකයන් ඉවත් කර ගනී

    April 27, 2013 at 3:26 am

    south-and-north-korea.png


    දකුණු කොරියාව ල ඉතිරිව සිටින සිය සියලු සේවකයන් උතුරු කොරියාවේ ගෙසොන්ග් කර්මාන්ත කලාපයෙන් ඉවත් කර ගනිමින් සිටී.

    ගෙසොන්ග් කර්මාන්ත කලාපය යලි විවෘත කිරීම පිණිස සාකච්ජා පැවැත්වීමට කළ යෝජනාව උතුරු කොරියාව විසින් නොතකා හැරීම හේතුවෙන් දකුණු කොරියාව මේ තීන්දුවට එළඹ ඇත.

    මීට සති තුනකට ඉහතදී උතුරු කොරියාව විසින් පනස් දහසක් පමණ වන සිය සේවකයන් කර්මාන්ත කලාපයෙන් ඉවත් කර ගනිමින්, දකුණු කොරියානු ජාතිකයන්ට එහි ඇතුල්වීම වලක්වනු පිණිස මාර්ග අහුරා දැමීය.

    සිය සේවකයන් එකසිය හැත්තෑ පස් දෙනා ඉවත් කර ගැනීම අනිවාර්යෙන්ම කළ යුතු බව දකුණු කොරියානු ඒකාබද්ධතා අමාත්‍යංශය සඳමන් කර ඇත.

    - BBC