Krokodil නම් වූ ලොව භයානකම මත්ද්‍රව්‍ය
මොනවද මේ Krokodil ?
උපුටා ගැනීම Aniwa.lk
Full Post Link http://www.aniwa.lk/2017/02/27/1702274-most-dangerous-drugs/
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍යය හැටියට බොහෝ දෙනෙක් හඳුන්වන ක්‍රොකොඩිල් වලට පටබැඳී තියන තවත් නමක් තමයි සොම්බි මත්ද්‍රව්‍යය (Zombie drug) කියන නම. මේ භයානක මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවී යන්න පටන් ගන්න නිසා තමයි ඒ විදිහට හඳුන්වන්නෙ. Desomorphine යන විද්‍යාත්මක නමින් හඳුන්වන ක්රොකඩිල් වැඩි වශයෙන්ම රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නෙ. හිසේ කැක්කුම් සඳහා වන කෝඩින් නම් ඖෂධයක්, ප්‍රෙටල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ ගිනිපෙට්ටි වල ඇති රතු පොස්පරස් ඇතුලු අති භයානක සංයෝගයකින් තමයි මේ විනාශකාරී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. හෙරොයින් වලට වඩා මිලෙන් ඉතා අඩුවීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්රොකඩිල් ජනප්‍රිය වීමට හේතුවෙලා තියනවා. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව ක්රොකඩිල් ශරීරයේ බාහිර පෙනුමට කරන හානියත් ඉතාම වැඩියි. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ හම කොළපාටට හැරී කිඹුලෙක්ගේ මෙන් ගැටිති මතුවීම හේතුවෙන් තමයි ක්රොකඩිල් කියන නම පටබැඳිලා තියෙන්නෙ. ඒ වගේම ඇඟ මස් දියවී අස්ථි දක්වා පෑදෙන්න තරම් මේ මත්ද්‍රව්‍යය විෂ සහිතයි. ක්රොකඩිල් කියන්නේ ලෝකයේ මත්ද්‍රව්‍ය අතරින් ඇබ්බැහියෙන් මිදෙන්නට අමාරුම මත්ද්‍රව්‍යය හැටියටයි සැලකෙන්නේ. මෙයින් ඉවත්වූ පසු මාස ගණනක් තිස්සේ දැඩි ශාරීරික සහ මානසික වේදනාවන්ට ලක්වන්නට සිදු වෙන අතර, ඇබ්බැහියෙන් මිදුනත් දිවි ඇතිතෙක් විඳවන්නට වෙන ලෙඩරෝග සහ ආබාධ ඇතිව තමයි බේරෙන්නට වෙන්නේ.