ඔන්න මචන්ලා මම අද කියන්න යන්නේ මගේ සිහින bike එකක් ගැන විස්තර. ඒ තමයි KTM 390 Duke. මම මේ bike එකේ design එකට ගොඩක් ආස කරනවා. ලොකු ලොකු වැඩ කෑලි නැතිඋනාට naked look එකට මම අසයි. තාමනම් ලංකාවට official කවුරුත් ගෙන්නන්නේ නෑ. KTM එකෙන් design කරපු bajaj pulsar 200NS එකනම් ඩේවිඩ් පීරිස් ගෙන්නනවා. එත් මේ KTM එක ගෙනන්නේ නෑ මම දන්නා විදිහට කවුරුත්. ගෙන්නන එකෙක් ඉන්නවනම් විස්තර මට කියපල්ලා.
හරි එහෙනම් වැඩි කතා ඕන නෑ අපි බහිමු අපේ භාණ්ඩේ දිහාවට. KTM Duke 390 කියන්නේ මීට කලින් KTM 200 සහ KTM 125 කියන bike දෙක වගේම ඒ design එක භාවිතා කරලම හදපු එකක්. ( KTM නිකන් bajaj එවුන් වගේ වෙලා). මේ කියන්න යන්නේ ඔස්ට්‍රියන් බුවෙක් කරපු first ride එකෙන් ගත්ත විස්තර අනුව ලියන reviwe එකක්.
KTM කියන්නේ මෙච්චර කාලයක් සාමාන්‍ය එදිනෙදා පාවිච්චි කරන bike එලියට දාපු company එකක් නෙමෙයි. නමුත් KTM කට්ටිය 200 එකයි 125 එකයි ඉන්දියාවට යවල හොද sale එකක් කරා. ආයතනය කියන්නේ ඒ මගින් එයාල ලබාගත්ත අත්දැකීමක් තමයි. කොහොමද විශාල ප්‍රමාණයක් bike හොද තත්වයෙන් වෙළදපොලට ඉදිරිපත්කරන්නේ කියන කාරණය.
මේක 390cc Engine එකක් තියනවා කිව්වට ඇත්තටම තියෙන්නේ 375cc ප්‍රමාණයේ තනි සිලින්ඩරයක එන්ජිමක්.හැබැයි මේක four-stroke එන්ජිමක් මචන්ලා bore and stroke, 89mm x 60mm ප්‍රමාණයක් තියනවා. උපරිම වේග සීමාවේදී තප්පරයකට වට 9500ක් මේ එන්ජිම කැරකෙනවා (9500rpm). එන්ගිමේ සම්පූර්ණ බර 36Kg. මේක liqued cool එන්ජිමක්. ඒවගේම වේග 6ක ජියර් පද්දතියක් සමන්විතයි.
first ride එක කරපු බුවා කියන විදිහට පොරට තුන්වන ජියරයේදී පැයට සැතපුම් 107ක වේගයකුත්, හතරවන ජියරයේදී පැයට සැතපුම් 133ක වේගයකුත්. පස්වන සහ හයවන ජියරවලදී පිළිවලින් පයට සැතපුම් 157 සහ 170 ක උපරිම වේගය ලබාගන්න පුළුවන් උන බවයි. නමුත් KTM ආයතනය කියන්නේ මේකේ speed meeter එකේ 170ක් පෙන්නුම් කරාට ඇත්තටම යන්නේ 162ක් කියලයි. පැදපු බුවා කියන්නේ මේක අඩු ජියර් වෙගයකදී උනත් 6000 වගේ rpm එකක තියාගන්න පුළුවන් නිසා වංගු එහෙම හොදට ගන්න පුළුවන් කියල. ඒවගේම 0 සිට 100 ට bike එක speed කරන්න ගතවෙන්නේ තප්පර 7ක කාලයක්.
ඒ වගේම Alloys වීල් එකක් එක්ක ඉස්සරහ වගේම පසුපසත් තියෙන්නේ Disk Brake. ඉස්සරහ disk එක 300 mm සයිස්. පස්සේ disk එකේ සයිස් එක වෙන්නේ 230mm. ABS තියනවා. ABS off කිරීමේ පහසුකමකුත් තියනවා. මේ බ්‍රේක් සිස්ටම් එක ගොඩක් කාර්යක්ෂම වගේම අරක්ශාකරීලු. මේ bike එක traffic වල යන්න කිසිම අපහසුවක් නැති භාණ්ඩයක්. මොකද බයිසිකලයේ බරත් අඩු නිසා. ලීටර් 11ක ධාරිතාවයක් තියන ටැංකියක් තියනවා. ලීටරයකට කිලෝමීටර් 33 වගේ තමයිලු කරන්නේ.
මේකේ පිටිපස්සේ tail light එක ඉතාම පොඩියි. හැබැයි ගොඩක් දීප්තිමත් නිසා හොදින් පෙන බව තමයි පැවසෙන්නේ .
meeter පද්ධතිය Digital. මේකේ ගොඩක් දත්ත පෙන්වන බව කියනවා .ඒ කියන්නේ තෙල් පරිමාව/ RPM එක/ Low Oil/ head light indicator/ Low Fuel Indicator / Stand eject මේ වගේ ඒවා පෙන්නනවා කියලයි කියන්නේ.
ඔන්න ඕව තමයි මගේ සිහින කුමාරිගේ විස්තර. පොඩි අදහසක් දක්වල යන්න එහෙනම්.