Laksha 75 gaththa හොරු_අහුවෙලා
ජා-ඇල ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු මීට මාස පහකට පෙර සිය දියණියගේ මංගල උත්සවය සඳහා වියදම් කිරීමට බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 75ක මුදලක් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කොල්ල කල්ලිය ත්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත
සිය දියණියගේ මංගල උත්සවයට වියදම් කිරීමට මුදල් නොමැතිවීම නිසා දැඩි සිත්තැවුලින් සිටි ඇඟලුම් කම්හල් කළමනාකාර පියා වූ ඒ. ඩේවිඩ් මහතා හදිසි හෘදයාබාධයකින් මියගියේ දියණියගේ මංගල උත්සවයට පෙර දිනයේදීය. මොවුන් විසින් ඉකුත් මාස 5 ක කාලසීමාවේදී රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමෙන් යුත් මුදල් සහ දේපොළ කොල්ලකා ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සිවුදෙනා ඒකල මුදල් කොල්ලයට අමතරව තවත් මහා පරිමාණ කොල්ලකෑම් 5 ක් සිදුකර ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
පිටකොටුවේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 350 ක මුදලක් කොල්ලකෑම කොටහේන පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයකු රැගෙන ගිය රුපියල් දසලක්ෂයක මුදලක් එම ව්‍යාපාරිකයාට පහරදී කොල්ලකෑම සිදුකර ඇත්තේ මෙම සන්නද්ධ කණ්ඩායම බව අනාවරණය වී තිබේ.
ඊට අමතරව පිටකොටුවේ රත්‍රං වෙළෙඳ සලක රුපියල් ලක්ෂ 45 ක් වටිනා මුදල් සහ රත්‍රං කොල්ලකෑම, මෝදරදී ලක්ෂ 21 ක් වටිනා වාහනයක් පැහැරගෙන යැම, ක¹න ප්‍රදේශයේදී කාන්තාවකට සහ ඇගේ සැමියාට පිහියෙන් ඇන රුපියල් ලක්ෂ 10 ක් කොල්ලකෑම ඇතුළු තවත් අපරාධ ගණනාවක් මොවුන් විසින් සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සිවුදෙනා කැලණිය, මට්ටක්කුලිය, හීනටියන ප්‍රදේශවල පදිංචිකරුවෝය. මොවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් තුවක්කුවක් සහ ජීව උණ්ඩ තොගයක් ද කොල්ලකන ලද මුදල්වලින් කොටසක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට අවි පෙන්වා රුපියල් ලක්ෂ 75 ක මුදල් කොල්ලකෑමේ සිද්ධිය මහත් ආන්දොaලනයකට ලක්වූ සිදුවීමක් විය.
මෙම සිද්ධියට සම්බන්ධ කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් මාස ගණනක් තිස්සේ පරීක්ෂණ කළ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ, එහි අධ්යක්ෂ පොලිස් අධිකාරි ඒ. කරවිට මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වූ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම කොල්ල කණ්ඩායම අත්අඩංගුවට ගත්තේ කොළඹ ප්‍රදේශයේදීය.
සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර මෙම කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
divaina

.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..