Laksha 75 gaththa හොරු_අහුවෙලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Laksha 75 gaththa හොරු_අහුවෙලා

    hed400.jpg

    ජා-ඇල ඒකල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු මීට මාස පහකට පෙර සිය දියණියගේ මංගල උත්සවය සඳහා වියදම් කිරීමට බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 75ක මුදලක්‌ කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කොල්ල කල්ලිය ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත

    සිය දියණියගේ මංගල උත්සවයට වියදම් කිරීමට මුදල් නොමැතිවීම නිසා දැඩි සිත්තැවුලින් සිටි ඇඟලුම් කම්හල් කළමනාකාර පියා වූ ඒ. ඩේවිඩ් මහතා හදිසි හෘදයාබාධයකින් මියගියේ දියණියගේ මංගල උත්සවයට පෙර දිනයේදීය. මොවුන් විසින් ඉකුත් මාස 5 ක කාලසීමාවේදී රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමෙන් යුත් මුදල් සහ දේපොළ කොල්ලකා ඇත.

    මෙහිදී අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සිවුදෙනා ඒකල මුදල් කොල්ලයට අමතරව තවත් මහා පරිමාණ කොල්ලකෑම් 5 ක්‌ සිදුකර ඇති බව පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

    පිටකොටුවේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂ 350 ක මුදලක්‌ කොල්ලකෑම කොටහේන පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයකු රැගෙන ගිය රුපියල් දසලක්‍ෂයක මුදලක්‌ එම ව්‍යාපාරිකයාට පහරදී කොල්ලකෑම සිදුකර ඇත්තේ මෙම සන්නද්ධ කණ්‌ඩායම බව අනාවරණය වී තිබේ.

    ඊට අමතරව පිටකොටුවේ රත්‍රං වෙළෙඳ සලක රුපියල් ලක්‍ෂ 45 ක්‌ වටිනා මුදල් සහ රත්‍රං කොල්ලකෑම, මෝදරදී ලක්‍ෂ 21 ක්‌ වටිනා වාහනයක්‌ පැහැරගෙන යැම, ක¹න ප්‍රදේශයේදී කාන්තාවකට සහ ඇගේ සැමියාට පිහියෙන් ඇන රුපියල් ලක්‍ෂ 10 ක්‌ කොල්ලකෑම ඇතුළු තවත් අපරාධ ගණනාවක්‌ මොවුන් විසින් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

    මෙහිදී අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සිවුදෙනා කැලණිය, මට්‌ටක්‌කුලිය, හීනටියන ප්‍රදේශවල පදිංචිකරුවෝය. මොවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස්‌ තුවක්‌කුවක්‌ සහ ජීව උණ්‌ඩ තොගයක්‌ ද කොල්ලකන ලද මුදල්වලින් කොටසක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ. ඒකල ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට අවි පෙන්වා රුපියල් ලක්‍ෂ 75 ක මුදල් කොල්ලකෑමේ සිද්ධිය මහත් ආන්දොaලනයකට ලක්‌වූ සිදුවීමක්‌ විය.

    මෙම සිද්ධියට සම්බන්ධ කොල්ල කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මාස ගණනක්‌ තිස්‌සේ පරීක්‍ෂණ කළ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

    ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති වාකිෂ්ඨ, එහි අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි ඒ. කරවිට මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම කොල්ල කණ්‌ඩායම අත්අඩංගුවට ගත්තේ කොළඹ ප්‍රදේශයේදීය.

    සැකකරුවන් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර මෙම කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    divaina
     
    • Like
    Reactions: hichchi malli

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එළ..අපේ පොලිසිය දක්ෂයි ඒත් අර කටු ගෙයි නිදන් ටික ගත්ත මහින්දගේ හොරු ටික තාම අහුවෙලා නැද්ද බං?අර කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ.:lol:.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..:frown:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එළ..අපේ පොලිසිය දක්ෂයි ඒත් අර කටු ගෙයි නිදන් ටික ගත්ත මහින්දගේ හොරු ටික තාම අහුවෙලා නැද්ද බං?අර කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ.:lol:.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..:frown:
    agreed bro
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    ඕකුන්ට අපේ නීතියෙන් දඩුවම් ලැබෙද්දී වෙන්ඩ තියන දේවල් ඔක්කෝම වෙලා බන් ,,,
    අහුවුණු තැනම වෙඩි තියලා මරන්න ඕනි බන් ඕකුන්ව ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එළ..අපේ පොලිසිය දක්ෂයි ඒත් අර කටු ගෙයි නිදන් ටික ගත්ත මහින්දගේ හොරු ටික තාම අහුවෙලා නැද්ද බං?අර කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ.:lol:.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..:frown:
    :lol::lol::lol:
    ඕක කෙදිනකවත් නොවිසදෙන අපරාධ ලැයිස්තුවේ තියෙන්නේ..
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    දැන් ඒ පවුලට වෙන්න ඕන හැමදේම වෙලා ඉවරනේ... මැරිච්ච මිනිහට අයෙත් පන දෙන්නද.. :no:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එළ..අපේ පොලිසිය දක්ෂයි ඒත් අර කටු ගෙයි නිදන් ටික ගත්ත මහින්දගේ හොරු ටික තාම අහුවෙලා නැද්ද බං?අර කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ.:lol:.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..:frown:

    අපේ පොලීසිය දක්ෂයි... හොරකම්කරපු එකාට, මිනීමරපු එකාට, දුරින්වත් දේශපාලුවෙක් සම්බන්ධ නැත්නම්.. දුරින් හරි දේශපාලුවෙක් සම්බන්ධ නම් ඉතිං ඌ අනිවාර්යෙන්ම ගානක් අරගෙන වැඩේ ගොඩ දාලා දෙනවා.. ඒක තමයි මෙහේ වෙන්නේ..
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මචන්ලා මම නම් කියන්නේ ඕකුන්ව එල්ලලා මරන්න ඕනේ,මොකද ඔකුන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාලා ජනතාවගේ මුදල් වලින් තවත් කන්න දෙන එකත් අපරාදයක්...........
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    එළ..අපේ පොලිසිය දක්ෂයි ඒත් අර කටු ගෙයි නිදන් ටික ගත්ත මහින්දගේ හොරු ටික තාම අහුවෙලා නැද්ද බං?අර කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ.:lol:.මේ ලගදි මම දැක්කා ඌ වගේ එකෙක් නිසාන් කාර් එකක් එළවන් යනවා..:frown:

    yessssss
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඒත් දැන් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. කමක් නෑ අන්තිමේදි හොරු අහුවුනානෙ
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia

    ;)