බැදුම්කර බෑණා ලාබ ගත්තා තමයි.. බිස්නස් කරන්නෙ ඒකටයි.. කොහොමද මගෙන් ප්‍රශ්න අහන්නෙ’ කිරිඇල්ල මාධ්‍යට කඩන් පනී
ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවේදී කිසිදු වරදක් සිදුව නැති බව ටෙන්ඩර මණ්ඩලයේ සභපතිවරයාම කියා ඇති බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවරදී මාධ්‍යවේදීන් කල විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම අධික ලාභයක් ලබා ඇත්තේ කෙසේදැයි මාධ්‍ය විමසූ විට ඇමති කිරිඇල්ල කියා සිටියේ සමාගම් ව්‍යාපාර කරන්නේ ලාබ ලබන්න බවත් ලාබ ලැබීම සාමාන්‍ය දෙයක් බවත්ය.
කෝප් වාර්තාව ගැන විමසද්දී ඇමතිවරයා කෝපයට පත්ව මද්‍යවේදීන්ගේ ඇගට කඩා පැන්නේය.
‘ඔයා වාර්තාව කියෙවුවද. ඔයා වාර්තාව කියවන්නෙ නැතිව කොහොමද මගෙන් ප්‍රශ්න අහන්නෙ. කැමර එක්ක අල්ලගෙන’ කියා අතින් යමක් ඉවතට තල්ලූ කරන බවද වීඩියෝවේ පෙනේ.



