මහරගම පැවැත්වීමට සූදානම්වූ විරෝධතාවට පොලීසිය සහ මැරයින් එකතුවී පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේ නමක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය කටයුතු කර තිබේ. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පොලීසියට දුන් නියෝගයකට අනුව බව එහි සිටින අප වාර්තාකරු පවසයි.
උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පුද්ගලයෙක් ඊට විරෝධය දක්වා ඇති අතර පොලීසිය ඔහුට ඉතා අමානුෂික ලෙස පහරදී තිබේ. එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන්ටද පොලීසිය ඉතා පහත් වචනයෙන් බැණ වැදී තර්ජනය කර තිබේ. අවසානයේ විරෝධය පළ කළ පුද්ගලයාද ස්වාමීන් වහන්සේ සමග අත්අඩංගුවට ගත් බව වාර්තාකරු වැඩිදුරටත් පවසයි.
Last edited: