<<< LANKAWE KOLLEK MALLI >>>

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    බොහොම දයිරියවන්ත ශ්රී ලංකා කොල්ලෙක් තමන්ගෙ උත්සාහයෙන්ම බටහිර විශ්ව විද්යාලෙක ශිෂ්යත්වයක් ලබාගත්තලු.....
    ඉගෙනගන්න අතරෙම තමන්ගෙ වියදම හොයාගන්න කරන්න පුලුවන් රස්සාවක් හොයාගෙන මෙයා දවසක් අල්පෙනෙත්තෙ ඉඳල රථවාහන දක්වා ඕනැම දෙයක් මිලදී ගත හැකි සුපිරි වෙළඳ සැලකට ගිහින් ඒකෙ කළමනාකරු මුන ගැහුනලු.....
    තමන්ගෙ උත්සාහවන්ත කම ගැන මැනේජර්ට ඇඬෙන සයිස් ටෝක් එකක් දුන්නට පස්සෙ මැනේජර් කැමති උනාලු මෙයාට සාප්පුවෙ අලෙවි ප්රවර්ධක තනතුරක් දෙන්න....
    " ඔයා හෙට උදේ සාප්පුවට ඇවිල්ල වැඩ කරන්න. හවස වැඩ අවසාන වෙන වෙලාවට මම ඇවිත් ඔයාගෙ වැඩ කොහොමද කියල බලන්නම්. සේවය සාර්ථක නම් අනිද්ද ඉඳං ඔයාට රස්සාව ලැබෙනවා " කියල මැනේජර් කීවලු.
    පහුවදා හවස මැනේජර් ඇවිත් මේ හාදයව ඉන්ටවීව් කලා.
    මැනා - ඔබ අද පාරිබෝගිකයෝ කී දෙනෙකුට බඩු අලෙවි කලාද ???? "
    කොල්ලා - එක්කෙනෙකුට :no::shocked::no:
    මැ - මොනව ! එක්කෙනෙකුට? අපේ වෙළඳ සේවකයෙක් සාමාන්යයෙන් 20කට 30කට පමණ සේවය සපයනවා. හොඳයි ඩොලර් කීයක බඩු අලෙවි කලාද ?????
    කොල්ලා - ඩොලර් 101,237,65ක බඩු වික්කා....
    ඒ පාර මැනේජර් විශ්මයෙන් ඇස් ලොකු කරගෙන ඇහුවලු.....
    මැ - මොනවද මනුස්සයො තමුසෙ ඔයාකාර මුදලකට වික්කෙ ????
    කො - මෙහෙමයි මැනේජර් මහත්තයා මම එයාට මුලින්ම #බිලී_කොක්කක් වික්කා. ඊට පස්සෙ ඒකට ගැලපෙන #බිලී_පිත්තක් වික්කා. ඊට පස්සෙ මම ඇහුවා ඔබ කොහාටද බිලී බාන්න යන්නෙ කියලා. ඔහු කිව්වා මෝය කට ගාවට යනව කියලා. මම කීවා බිලී බෑමේ නියම ආශ්වාදය ලබන්න නම් මුහුදේ නිශ්චල ප්රදේශයට #බෝට්ටුවකින් යන්න කියලා. එයාව බෝට්ටු දෙපාර්තමේන්තුවට එක්ක ගිහින් #අධිබල_බොස්ටන් බෝට්ටුවක් අලෙවි කලා. ඊට පස්සෙ මම කීවා ඔබේ ඔය #හොන්ඩා_සිවික් කාර් එකෙන් නම් ඔය බෝට්ටුව ඇදගෙන යන්න බැරිවෙයි. ඕකට ගැලපෙන රථය නම් මේ 4X4 #ලෑන්ඩ්කෘසර් එකයි කියලා. ඉතින් ඒකත් මිලදී ගත්ත ඒ මහත්මයා මට ස්තුති කරල මේ දැන් තමයි ගියේ.
    මැ - උඹ නම් #නියම_බුලට් එකක් කොල්ලො බිලී කොක්කක් ගන්ඩ ආපු කෙනාට උඹ බෝට්ටුවකුයි ජීප් එකකුයි වික්ක නේද ???? :shocked::lol::shocked:
    කියල මැනේජර් ස්තුති කරණකොට කොල්ලා කීවලු 😣 😣 😁 😁 😁 👇 👇
    කො - නෑ නෑ මැනේජර් මහත්තය එයා ආවෙ එයාගෙ නෝනට #සනීපාරක්ෂක_තුවා මිලදී ගන්න. මමයි එයාට කිව්වෙ සති අන්තේ ගෙදර ඉඳලත් #ජොලියක් නැති එකේ #බිලී_බාන්නවත්යන්න කියල.... ;):cool:;)
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    giphy.gif
     
    • Like
    Reactions: Ithika mithika

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,140
    29,807
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ මාකටිං දැකලා මේ රටවලට ආවහම කලකිරෙනවා බං....... වාහනේට ඉන්සුවරන්ස් එකක් දාගන්න11:50 ට ගියාම අම්මෝ දැන්නං බෑ....... මම දැන් කන්න යනවා පුලුවන්නම් හතරට වරෙන් කිව්වා කියහන්කෝ.......
    +
     
    Last edited:

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    ලංකාවේ මාකටිං දැකලා මේ රටවලට ආවහම කලකිරෙනවා බං....... වාහනේට ඉන්සුවරන්ස් එකක් දාගන්න11:50 ට ගියාම අම්මෝ දැන්නං බෑ....... මම දැන් කන්න යනවා පුලුවන්නම් හතරට වරෙන් කිව්වා කියහන්කෝ.......
    +

    Sri LAnka Insurance for sure :) :confused: