වටිනා කතාවක් තමා යන්නේ .
මට පේන එකම දෙයක් ඔකේ තියනවා. ටික කලක් කරනකොට ට්‍රැක පනින එක. මොකද මේක තමන්ගේ හිතලුවෙන් කරන්නේ/ වෙන මොටිවේෂන් එකක් නැ . තමන්ගේ හිතේ මොටිවේෂන් එක විතරයි තියෙන්නේ. එහෙම වෙලාවට ඕකට හෙල්ප් එකක් වෙනවා devops පැත්ත ගාවගන්න ඕනේ. ඕනේ කෙනෙක්ට ගිහින් Azure Devops එකක් හදාගන්න පුළුවන්. දන්නා විදිහට ෆ්‍රී එකේ එක ප්‍රොජෙක්ට් එකක් රන් කරන්න පුළුවන් . හරිම සිම්පල් විදිහට කියනවා නම් මේ ස්ටෙප් ටික තියෙන්නේ
1. ප්‍රොජෙක්ට් එකේ planning ස්ටෙප්ස් ටික . අපි මේකට කියනවා බැක් ලොග් එක කියල. මේකෙදි කරන්නේ අර හෙළයා කියපු ස්ටෙප්ස් ටික එක තැනකට වෙලා කල්පනා කරන ගමන් ලියාගන්නවා. ඒ ස්ටෙප් ටික ඔක්කොම කරලා ඉවර උනාම අපේ සිස්ටම් එක හදලා ඉවරයි. මේක ටිකක් අමාරු වැඩක් මුලදී. හැබැයි ඉතින් කොහෙන් හරි පටන් ගන්න ඕනේ නිසා කරන්න ගන්න. ටියුබ් එකේ ඕනේ තරම් වීඩියෝ තියනවා සිස්ටම් එකක් බැක් ලොග් එකකට කදාගන්නා විදිහ.
2. දැන් අපි කරන්න ඕනේ අර බැක් ලොග් එකෙන් සති දෙකක හෝ මාසෙකට අයිටම් ටිකක් අරගෙන ස්ප්‍රින්ට් එකක් ගහගන්න එක. ඒ කියන්නේ මේ මාසේ ඉවර වෙනකොට අපි මේ වැඩ ටික කරනවා කියන එක. මෙන්න මේක පොසි මොටිවේෂන් එකක් වෙනවා. මොකද අපිට මුළු සිස්ටම් එකක් ගැනම හිතන්නේ නැතුව ටාගට් එකක් වගේ කරන්න පුළුවන් කොටසක් අපිම හදාගන්නවා.
3. දැන් ඉතින් මේ හදපු ටිකේ සෝස් කෝඩ් එකත් මේකෙම දාගන්න පුළුවන්. අර ස්ප්‍රින්ට් එකේ ටාස්ක් එකේ අයිඩි එක දාල කමිට් කරලා ඕනේ නම් පුල් රික්වෙස්ට් එකක් එහෙම තමන්ම ගහගෙන වැඩේ යන්න පුළුවන්. එකත් ඔක ඇතුලෙම කරන්න පුළුවන්
4. දැන් ඔය සෝස් කෝඩ් එකේ අවසාන සොෆ්ට්වෙයා එක ඔතන ඉදන්ම බිල්ඩ් කරලා ඕනේ නම් ක්ලව්ඩ් එකට දාල රන් කරනන්ත් පුළුවන් බිල්ඩ් පයිප් ලයින් එකයි රිලීස් පයිප් ලයින් එකයි ගහලා.
5. වෙනම හොස්ට් කරනවා නම් බිල්ඩ් පයිප්පෙ ගහලා එකෙන් එන ප්‍රතිපලේ නැත්නම් අරටිඵක්ට් (artifact ) එක ගන්න තියෙන්නේ
මේ ගැන වැඩි විස්තර වීඩියෝ ඕනේ තරම් තියෙනවා. ප්‍රැක්ටිකල් ප්‍රශ්න ඕනේ නම් අහන්න ඕනේ දෙකට උත්තර දෙනවා