lassanata..inna..kemathi..kollanta

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කලිසමට බෙල්ට් එකක්

    BSGCH.jpg


    කලිසමක් අඳිනවනම් අනිවා බෙල්ට් එකකුත් ඕනි වෙනවා. නැත්තං ඉතිං හැලෙනවනෙ. :D මං කියල දෙන්න යන්නෙ හරි ක්‍රමේට බෙල්ට් එකක් තෝරගන්න හැටි.

    ඔය නෝලිමිට්, ෆැෂන්බග් වගේ තැන්වල විතරක් නෙමේ පිටකොටුවෙත් බෙල්ට් තියනව පේමන්ට් එකේ. ඒත් මේව කෝකත් ගන්නකොට පරිස්සමෙන්. සමහර බෙල්ට් හදල තියෙන්නෙ යකඩ වලින් ඉතිං ඉණ කියන්නෙ නිතරම දහඩිය දාන ප්‍රදේශයක් නිසා මේ යකට බෙල්ට් ඉක්මනටම නාස්ති වෙනවා. ඒ විතරක් නෙමේ බෙල්ට් එකේ මලකඩ කලිසමෙත් ගෑවෙන්න පුලුවන්.

    ඔබ අඳින්නෙ කොට කලිසමක් නම් සැහැල්ලු, පළලින් අඩු බෙල්ට් එකක් තෝරගන්න. ඔබ අඳින්නෙ ඩෙනිම් කලිසමක් නම් පළලින් වැඩි සමහර විට ඔබ කැමති නම් බකල් එක ටිකක් විතර විශාල බෙල්ට් එකක් තෝරගන්න පුලුවං. ඒත් සාමාන්‍ය කාර්යාල හෝ වෙනත් වැදගත් ඇඳුම් සඳහා සාමාන්‍ය පළල සහිත බකල් එකේ ඒතරම් වැඩකෑලි නැති එකක් තෝරගන්න තරමට හොඳයි. විශේෂයෙන්ම කාර්යාල ඇදුම් සඳහා දිලිසෙන බෙල්ට් පැළඳීමෙන් ඔබේ පෙනුමට අමුතු sexy ගතියක් එක බව කිව යුතුයි. :D. එවගේම මේ බකල් වල හැඩය පවා වැදගත්. මම නම් කියන්නෙ හතරැස් හැඩයෙන් යුත් බකල් සහිත බෙල්ට් වඩාත් පෙනුමක් තියනව.

    ඊ ළඟ ප්‍රශ්නය බෙල්ට් එකේ දිග. මුලින්ම ඔබේ ඉනේ ප්‍රමාණය මැනගන්න. එක එක අය කලිසං අඳින්නෙ එක එක තැන් වලට. සමහරු ඉණට, සමහරු බඩට. තවත් සමහරු ඉනෙන් පහලට. සාමානයෙන් කලිසම ඇඳිය යුත්තෙ ඔබේ පෙකනියේ සිට ඇඟිලි 3ක පළළ විතර පහලට මැන්නම තියන ප්‍රදේශයට. අපැහැදිලි නම් පහළ පින්තූරෙ බලන්න. මිනුම් පටියෙන් මැනල තියෙන්නෙ ඉණ. ඉතිං සමහරුන්ට මේක වෙනස් වෙන්න පුලුවං. කලිසම් ගැන කතා කරනකොට මං මේ ගැන තවත් කියන්නම්.


    2245733.jpg


    ඉතිං දැං ඉණේ ප්‍රමාණය මැන්නනෙ. බෙල්ට් එකේ දිග, ඉණේ ප්‍රමාණයට තවත් අඟලක් එකතු කලාම කියන ප්‍රමාණයයි වෙන්නෙ. කෝකටත් බෙල්ට් එක පන්ච් කරන්න කලින් මේක හරියටම මැනගන්න. බෙල්ට් පන්ච් කරනකොට එක එක උල් වලින් අනින්න එපා. ඒ සඳහා විශේෂ අඩුවක්ම පාවිච්චි කරන්න.

    ඊ ළඟට වර්ණය. නිතරම සපත්තුවේ වර්ණයට බෙල්ට් එකේ වර්ණය ගලපන්න. උදා. සපත්තුවේ වර්ණය දුඹුරු නම් බෙල්ට් එකත් දුඹුරු. එවගේමයි මං කලින් කිව්වනෙ දිලිසෙන බෙල්ට් කාර්යාලයට වඩාත් සුදුසුයි කියල. එහෙම කිව්වෙ දිලිසෙන සපත්තු වලට වඩාත් ගැලපෙන්නෙ දිලිසෙන බෙල්ට් වීම නිසා.

    අවසාන වශයෙන් කලිසම ඇඳල ගෙදර ආවම බෙල්ට් එක ගලවල පැත්තකින් එල්ලල තියන්න. බෙල්ට් රෝල් කරන්න එපා. එහෙම කලාම මැහුම් ගැලවෙනවා. ඒ වගේම මෙන්න මේ ටිකත් මතක තියාගන්න. ගොඩක් විශාල බකල් සහිත බෙල්ට් අඳින්න එපා ඒව හරියන්නෙ කව් බෝයිස්ලට. ඒ වගේම බෙල්ට් නැතුව ෂර්ට් යටකරල කලිසම් අඳින්නම එපා. එහෙම ඇන්දම හරි කැතයි :(. බෙල්ට් එකක් නැත්තං ෂර්ට් එක යට නොකර උඩින් දාල යන්න.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ම්ප් ..පිටකොටුවෙන් බෙල්ට් ගන්නවානම් පරිස්සම් වෙයල්ලා .බෙල්ට් එක 100 විදින හිලට 25 යි:P

    ( පරණ සත්‍ය සිද්දියක් ..දැන් වුනත් වෙන්න පුළුවන් :P)