Leak වෙලා .................................................. .........................

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    පාස්කු ඉරිදා ‍ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගේ ප්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයන් එල්ල කර තව්හිද් ජමාද් නමැති මුස්ලිම් අන්තවාදී සංවිධානය අයිඑස් ත්‍රස්තවාදීන් ගේ සහායෙන් සිදු කළ ප්‍රහාරයක් ලෙස මේ වනවිට මත පැතිරෙමින් පවතී.පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය ට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය එල්ලේ බවය. ඉන්පසු අයිඑස් ත්‍රස්තවාදී නායකයා කියාගන්නා අබුබකර් බග්දාදී මීට දින කිහිපයකට පෙර තත්පර 40 ක වීඩියෝවක් මගින් පැවසුවේ සිරියාවේ සහ ඉරාකයේ දී තම සංවිධානය පරාජය වීමට පලිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රහාරය එල්ල කර බවය.මෙම ප්‍රහාරයේ වගකීම බාර ගැනීම සහ ඊට හේතු දැක්වීමට ඉදිරිපත් වන මොවුන්ගේ අරමුණ තම පරාජයෙන් තබාගැනීමටය. එසේ ම අපි තවමත් බලවත් යැයි පවසා ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනීමටය. එහෙත් ලංකාවට අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ප්‍රහාරය මේ කිසිවක් නොව නේටෝ සංවිධානයේ The north atlantic treaty organitaion මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමෙරිකානු උපක්‍රමයක් බව පීටර් කොයින්ග් නැමැති දේශපාලන සහ ආර්ථික පිළිබඳව ජාත්‍යන්තර විචාරකයා සඳහන් කරයි.
    උතුරු ඇමරිකානු සහ බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 29 කින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ යටි අරමුණ වී ඇත්තේ ඇමරිකානු කඳවුරු තමනට අවශ්‍ය රටවල ස්ථාපනය කිරීමට ය. ඒ සදහා ඔවුන් යොදා ගන්නා උපක්‍රමය වන්නේ යම් රටක් අනාරක්ෂිත තත්ත්වයකට පත්කර එම රටේ ආරක්ෂාවට සහාය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳ ගැනීම බව මෙම ලේඛකයා පවසයි.ශ්‍රී ලංකාවේ නේටෝ කදවුරක් පිහිටුවීමට අවශ්‍ය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත්වෙමින් සිටින චීනයේ සේද මාවත ගමන් කරන ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඇති බැවිනි. ඒ අනුව ඇමරිකාවට ශ්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කරගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගතහැක. ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා අයිඑස් ත්‍රස්තවාදී යොදාගෙන ප්‍රහාර එල්ල කර එම ප්‍රහාර මැඩ පැවැත්වීම සඳහා සහාය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සව්දි ආරාබියේ පිහිට වූ බවය.ලෝක සාමය ගැන කතා කරන ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැගිටීම හමුවේ සිටින්නේ දැඩි බියකිනි. චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත්‍රත්වය, ප්‍රවාහනය, වෙළඳාම, සංස්කෘතිය සබඳතා, පර්යේෂණ ආදී කටයුතු වැඩි දියුණු වේ. මෙය ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයකි.මේ සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ජනාධිපති ෂී ජින් පින් ජාතීන් 120 ක් සමඟ අස්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම් බවය. මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට අධික ආයෝජනයක් සිදුවේ.මෙය ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවලට හිතකර තත්වයක් නො වේ. එබැවින් ආසියාවේ සිය කඳවුරක් පිහිටුවීමට ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවලට දැඩි අවශ්‍යතාවයක් මතුව තිබේ. ඒ සඳහා හොඳම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය.
    ශ්‍රී ලංකාව තුළ නේටෝ සංවිධානයේ කඳුරක් පිහිටුවීමට නම් රට තුළ ජාත්‍යන්තර ත්‍රස්තවාදී තර්ජන බිය තිබිය යුතුය. ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව අයිඑස් ත්‍රස්තවාදීන් බව ඇමරිකාව හඳුනාගෙන ඇත. සව්දි අරාබිය තුල නේටෝ සංවිධානය කඳවුරු ස්ථාපිත කර ඇත්තේ අයිඑස් ත්‍රස්තවාදීන්ගේ පිහිටෙනි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළද අයිඑස් ත්‍රස්තවාදීන්ගේ තර්ජන ඇති බවට මත පතුරුවා ශ්‍රී ලංකාවේ නේටෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටුවීම තුළින් චීනය ප්‍රමුඛ ආසියාවේ නැගිටීම නිරීක්ෂණය කළ හැකි බවද මෙම ලේඛකයා සඳහන් කරයි.ලෝක බැංකුව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30 ක අත්දැකීම් සහිත පීටර් කොයින්ග් ආර්ථික විශ්ලේෂකයෙක් මෙන්ම ලෝකයේ දේශපාලනය පිළිබඳ නිරීක්ෂකයෙකි. ඔහු සිය අත්දැකීම් මත නාවරණය කර ඇති මෙම තොරතුරු පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ගේ දැඩි අවධානය යොමු විය යුතුය. මන්දයත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ආසියාවේ සහ වාමාංශික දේශපාලනයේ නැගී සිටීම දක්වන දැඩි භීතියකි.

    :yes::yes::yes:
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    doxkk0.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,567
    113
    G

    https://m.facebook.com/dr.annabarch...96684211473/306377589516714/?type=3&source=54

    ඌරු තොලා යාළු කරගත්තු ඔත්තුකාරියක්.ඇගේ නමට සමාජසේවා පදනමක් තියෙනවා. UN එකේ බ්‍රෙසියර් පෙන්නනවා. රතු අඳින්නේ...
    බම්දුලයා අවුරුදු 20 ට කොච්චර ඔත්තු තොරතුරු දීලා ඇත්ද? ජරාජීර්ණ දේශපාලනේ තවත් පැතිකඩක්.
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රටේ මේතරම් ප්‍රශ්ණ තියෙනවා ඒව අමතක කරන්න UNP+JVP කාලකණ්ණි ගෑණු වගේ අනුන්ගෙ කුණු හොයලා අාතල් දෙනවා.උඹලත් ඒවට අහු වෙනවා.:lol::lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1898075

    eka nennam! Ape sir oya wage wada karanawada? :confused::confused::confused::confused: