Legend of රංවල මුත්තා

topkollek

Well-known member
  • May 22, 2014
    36,168
    1
    48,601
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රංවල දෙවියන්ගේ උපත පිළිබඳ ව විවිධ ජනප්‍රවාද තිබෙනවා. ඒ සැම එකක් ම තරමක් සමාන යි. ඒ අතරින් වඩාත් ප්‍රකට ජනප්‍රවාදය මෙයයි:


    ක්‍රිස්තු වර්ෂ 1635 දී රජ පැමිණ 1687 දක්වා මහනුවර රාජධානියේ කිරුළු දැරූ දෙවැනි රාජසිංහ රජුට අයත් වී අටුවක් ‌ සතර කෝරළේ කෑගල්ල රංවල ගමේ තිබුණා. මෙම අටුව කඩා, එහි තිබූ වී සොරුන් ගෙන ගිය අවස්‌ථාවේ මේ සොරකම එවක ඒ ගමේ විසූ අලවතුරේ රාළත්, ගණේගොඩ රාළත් සිදු කරන්නට ඇතැයි රාජසිංහ රජුට ගම්මුන් සැලකර සිටියා. රාජ උදහසට ලක්‌වූ මේ දෙදෙනා ඉන් බේරීමට ගම අතහැර පලා ගියා.

    සබරගමුවේ ගුරුගොඩ ඔය හරහා කැලණි ගඟබඩට පැමිණි ඔවුන් උණගස්‌ කපා සාදා ගත් පහුරක නැඟී කැලණි ගඟේ පහළට පාවී එන්නට වූහ. තරමක දුරක් ගමන් කිරීමේ දී ගනේගොඩ රාළ පහුරෙන් නික් ම ගොස් තිබෙනවා. තවත් පහළට පැදගෙන ගිය අලවතුරේ රාළ දංගල්ල ප්‍රදේශයේ දී තරුණියකගේ කවි ගායනයක් ඇසී පහුර නවතා ගඟින් ගොඩව තිබෙනවා.

    එකල කිසි ම දියුණුවක්‌ නොමැති ව කැලෑබද ව තිබු ප්‍රදේශයක් වූ දංගල්ලේ නැවතුණු ඔහු කවි කියූ තරුණිය සමඟ හාද වී ඇය හා දීග කන්නට පටන් ගන්නවා. ඒ අතර කැලෑව එළි පෙහෙළි කොට ගමක්‌ තනනවා. දැහැමි ව ජීවත් වූ ඔහු පස්කම් සැප ගැන කලකිරී කෙටිකලකින් විවාහ ජීවිතය අත්හැර අසපුවක් තනාගෙන හුදෙකලා ජීවිතයක් ආරම්භ කරනවා. ඔහු ඒ ගමේ ලෙනක පදිංචි වුණා. තමා උපන්ගම සිහිවීම පිණිස මෙම ගමට “රන්වල” යනුවෙන් නම් තබා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා.

    ගමේ දියුණුවට කටයුතු කළ මොහුට ගම්මුන්ගේ ගරු බුහුමන් හිමි වෙනවා. සැමට කරුණාව මෛත්‍රිය දක්වමින් අලවතුරේ රාළ සෑම පොහොය දිනක ම සිල් සමාදන් වීම සඳහා සුදුවතින් සැරසී ගඟ දිගේ පාරුවකින් කැලණි විහාරයට යාම සිදු කර තිබෙනවා. මේ නිසා ම ඔහු ගංදෑලේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ රංවල උපාසක කියල යි.


    කැලණි ගඟේ නයිගල වක්කලමේ පහුරු හරවා ගත නොහැකි ව රාත්‍රියට විනාශ වීමත් නිතර සිදුවුණු දෙයක්. මේ නිසා රංවල උපාසක රාත්‍රියට එහි පහනක් දැල්වීම පටන් ගන්නවා. පහන නිවෙන නිසා ගොක්කොළවලින් එය වටා ආවරණය කර තිබෙනවා. මේ අවදානම දැනුම් දීම නිසා පහුරුකරුවන් ආරක්ෂිත ව ගමන් කර තිබෙනවා. පුහුල් ගෙඩියක හැඩයෙන් යුක්ත නිසා පුහුල් පහන ලෙස එය ප්‍රකට වුණා. රංවල මුත්තා ලෙස ද ඔහු හඳුන්වා තිබෙනවා. ඔහු වෙදකමට ද ප්‍රසිද්ධ වෙනවා.

    ‘පුහුල් පහන්’ උපහාර​


    රංවල උපාසකගේ මරණයෙන් පසු ගම්වාසීන් ගං ඉවුර දිගේ ‘පුහුල් පහන්’ දල්වා උපහාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දේවත්වයට පත් ව ගැමියන්ට පිහිට වන දෙවි කෙනකු ලෙස ප්‍රකට වූ බව ද ජනප්‍රවාදයෙහි පැවසෙනවා. මෙම ජනකතාව ඇතැම් අවස්ථාවල දී පැවසෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා සහෝදරයන් බවත්, ඔවුන් ඇස්වත්ත තොටුළේ ඔරු පැදි තොටියන් දෙදෙනකු බවත් විදියට යි.


    කහටපිටියේ මුහන්දිරම්, ඔහුගේ රංවල උපාසක ගේ මරණයෙන් කාලයකට පසු ගඟෙන් එගොඩ දේවාලයක් ඉදිකර තිබෙනවා. අද අවිස්සාවේල්ල පුවක්පිටියේ එම දේවාලය දකින්න ලැබෙනවා. එය හඳුන්වන්නේ රංවල පහන ලෙස යි.



    https://archive.roar.media/sinhala/main/srilanka-life/the-god-called-ranwala-muththa-in-kelaniya
    2-Vna-Xtip5-TKXSMu-U-7.jpg