Lesbian Sex කරාට_දඩුවම්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සම ලිංගික සේවනයේ යෙදීමට උත්සාහ කිරීම: මැලේසියානු කාන්තාවන් දෙදෙනෙකුට වේවැල් පහර

    මෝටර් රථයක් තුළ සම ලිංගික සේවනයේ යෙදීමට තැත්කිරීම හේතුවෙන් වරදකාරියන් කෙරුණු මැලේසියානු කාන්තාවන් දෙදෙනෙකුට ආගමික අධිකරණයකදී වේවැල් පහර දී තිබේ.

    තෙරෙන්ගානු (Terengganu) ප්‍රාන්තයේ පිහිටි ෂරියා මහාධිකරණයේදී, වයස අවුරුදු 22 ක් සහ 32 ක් වූ මුස්ලිම් කාන්තාවන් දෙදෙනා හට එක් තැනැත්තියකට වේවැල් පහර හය බැගින් දෙනු ලැබීය.

    මෙය සමලිංගික සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රාන්තය තුළ දඬුවම් පැමිණ වූ හා ප්‍රසිද්ධියේ වේවැල් පහර දෙන ලද පළමු අවස්ථාව බව නිලධාරියෙක් පැවසීය.

    මේ සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් ඉතා බලවත් ලෙස ප්‍රතිචාර දැක්වීය. එහෙත්, සමලිංගික ක්‍රියා මැලේසියාවේ සාමාන්‍ය සහ ආගමික නීතිය අනුව තහනම් ය.

    මැලේසියාවේ ද ස්ටාර් (The Star) පුවත් සේවයට අනුව, මෙම වේවැල් පහර දීම සියයකට වැඩි පිරිසක් නැරඹුහ.

    "මෙම දැඩි මානව හිමිකම් උල්ලංඝණය කිරීමෙන් තැතිගැන්වීමක්," කර ඇතැයි මැලේසියාවේ අයිතිවාසිකම් සඳහා වන කණ්ඩායමක් වූ කාන්තා ආධාර සංවිධානය (Women's Aid Organisation) රොයිටර් පුවත් සේවයට පැවසීය.

    _103275299_722905a1-5bcf-4ee4-99bf-544a611bf442.jpg

    මෙමගින්, "වධ හිංසාවන්ට පැමිණවීම හෝ පිඩාවට පත්කිරීමට" අපේක්‍ෂාවක් නොවූ බවත් එය ප්‍රසිද්ධියේ කරන ලද්දේ "සමාජයට පාඩමක් ලෙස," බවත් පවසමින්, තෙරෙන්ගානු ප්‍රාන්ත විධායක කවුන්සිලයේ සාමාජිකයෙකු වූ සටිෆුල් බහ්රි මමත් (Satiful Bahri Mamat) දඬුවම අනුමත කළේය.

    'වේදනාවක් දීමට අරමුණක් තිබුණේ නැහැ'

    අනන්‍යතාවය හෙළි නොකළ කාන්තාවන් දෙදෙනා තෙරෙන්ගානු ප්‍රාන්තයේ පොදු චතුරශ්‍රයක මෝටර් රථයක් තුළ සිටියදී පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනිණි.

    ඉස්ලාමීය නීතිය උල්ලංඝණය කළ බවට පසුගිය මාසයේ වරද පිළිගත් එම කාන්තාවන් දෙදෙනාට වේවැල් පහර සහ රිංගිට් 3,300 ක (ඩොලර් 800) දඩයක් නියම විය.

    _103284880_gettyimages-687064574.jpg

    "වැඩිහිටියන් දෙදෙනෙක් තමන්ගේ කැමැත්ත අනුව ලිංගික ක්‍රියාවල යෙදීම අපරාධයක් වශයෙන් නොසැළකිය යුතුයි" යැයි කාන්තා ආධාර සංවිධානය පවසයි.

    ද ස්ටාර් පුවත් සේවයට අනුව, ඉස්ලාමීය නීතියට අනුව වේවැල් පහර දීම, සාමාන්‍ය නීතියට අනුව අපරාධ සඳහා කෙරෙන වේවැල් පහර දීමට වඩා වෙනස්ය, වේදනාව ඇතිකරවීම එහි අරමුණ නොවේ.

    මැලේසියාව වඩාත් මධ්‍යස්ථ මුස්ලිම් බහුතරයකගෙන් සමන්විත රාජ්‍යයක් ලෙස සලකුණද, මෑතක සිට ආගමික මතවාද උත්සන්න වීමක් දක්නට ලැබේ.

    පසුගිය අගෝස්තු මාසය මුලදී, සමරිසි ක්‍රියාකාරීන්ගේ ඡායාරූප මහජන ප්‍රදර්ශනයකින් ඉවත් කරන ලෙස රජයේ ඇමතිවරයෙක් නියෝග කර තිබිණි.

    මැලේසියාවේ ද්විත්ව නීති ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර, ඒ අනුව, මුස්ලිම් ජනයා තමන්ගේ විවාහය වැනි පුද්ගලික කාර්යයන්හිදී ෂරියා හෝ ඉස්ලාමීය නීතියට අනුව කටයුතු කළයුතු අතර, අනෙක් ආගම් අදහන පුද්ගලයන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ යුතුය.




    bbc-blocks-dark.png
     

    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    Samalingika bawa manasika trauma syndrome ekakwath wipareetha bawakwath newei...
    api mekata wenama namak deela e ayawa kon karana ekai awula!
    api hamoma wiwidakara sexual drives,instincts passe duwana un... ekedi sanskruthika h:(ththawal kadagena api humanity kiyana de diha balanna one...:baffled:
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    එහෙම කරලා ඇතුලට ගිය කෙනෙක් ඉන්නවද?:lol:

    දන්න තරමින් නම් නෑ. තරහ කාර සමලිංගිකයෙක් ඉන්නවනම් පොලිසියට පැමිණිල්ලක් කරපං. එතකොට උසාවි දාන්න වෙනවා.

    http://www.equaldex.com/region/sri-lanka