Life savers at Mt. Lavinia beach

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
26-Page-05-Rasa-2.jpg



මහ සයුරේ සැඩ ජල කඳට අසුව දියඹේ ගසාගෙන ගොස් උදව් ඉල්ලා කෑ ගසන විට තම ජීවිතය පරදුවට තබා ජීවිත අනූනවයක් බේරා ගත් මේ අපූරු මිනිසුන් අපට මුණගැහුනේ ගල්කිස්ස වෙරළ තීරයේදීය.

පසුගිය මාස දහය ඇතුළත මොවුන් මරණින් ගලවාගත් ජීවිත ගණන අනූනවයකි.

ඔවුන්ගේ තියුණු ඇස් යොමුව තිබෙන්නේ නිතරම මහ සයුර දෙසටය. ජල කඳ අතරේ නොපෙනී යන දෑතක්. ගිලෙන මිනිස් රුවක් කොයි මොහොතේ රළ අතරින් මතුවේද කියා ඔවුන් බලා සිටින්නේ විමසිල්ලෙනි.

එක්දාස් නවසිය අනූ අට වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක‍්‍රියාවට නැංවුණු කළ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසුව දෙදාස් දෙක වර්ෂයේදී යම් පසුබෑමකට ලක් වූවත් දෙදාස් නවය වර්ෂයේ සිට නැවතත් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ලෙස නව ගමන්මගකට අවතීරණය වන්නේ ඉතාමත් ශක්තිමත් ආකාරයට.


වැඩි විස්තර

මෙවන් නිර්භීත පුද්ගලයින් අපි අගය කල යුතුයි මම සිතමි.