life saving drone concept

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
උබල මේක කියවල මට හිනා වෙන්න එපා දවල් හීන දකිනව කියල :P මම දැනට අවුරුදු කීපයක ඉඳන් බයික් පදින්නේ දැන් නම් දිනපතා පදිනවා වැඩට යන්න ඕන නිසා. මට ගොඩක් අවස්ථාවල වෙච්ච දෙයෙක් තමයි.

අපි පාරෙ යන කොට පැති පාර වල් වලින් එන වාහන ඉවක් බවක් නැතිව පාරට දාන එක. කීප සැරයක් ලෝක අමාරුවෙන් නවත්තගත්තේ. ගොඩක්ම වෙන්නේ ත්‍රීවීලර් සහ බයික් තමයි. :sorry:

තව මේ ගැටලුව පෙන්නේ නැති වංගු වලත් වෙනව. සෑහෙන්න බයෙන් බයික් එකේ යන්න වෙලා තියෙන්නේ. වෙන වාහන වගේ නෙමේ නේ වැදුනොත් බයික් එකේ යන කෙනාට වෙන ඉම්පැක්ට් එක විශාලයිනේ. :sorry: අනික සැප වාහන ගන්න සල්ලිත් නෑ.

ඉතින් මේ ගැන හිත හිත ඉන්නකොට නිකන් ආපු අයිඩියා එකක්. මේක මට කරන්න බෑ ඒත් එළකිරියේ ඇති මේ වගේ දෙයක් එක්පෙරිමන්ට් කරන්න පුලුවන් ‍දැනුමක් තියෙන අය ඉන්න පුලුවන්.

මෙන්න මේකයි අයිඩියා එක.

ඩ්‍රෝන් එකක් හදනව අපි යන පාරේ ඉහලින් අපිට තරමක් ඉදිරියෙන් යන විදියට.
ඒකට gps පහසුකම තියෙන්න ඕන. ඒ වගේම කැමරා පහසුකම් තියෙන්නත් ඕන. කැමරා කෙසේ වෙතත් පාරක් අනිත් දේවල් වලින් පැහැදිලව හඳුනාගෙන ඒවායේ චලනය වෙන ඔබ්ජෙක්ට්ස් ඩිටෙක්ට් කරල ඒවාවල වේගය හා දිශාව ඩිටෙක්ට් කරන්න පුලුවන් වෙන්න ඕන.

ඒ වගේම මේ ගන්න දත්ත අපේ වාහනයේ හෝ මෝටර් සයිකලයේ රඳවා තියෙන තිරයකට ගන්න පුලුවන් වෙන්න ඕන.

අපි පාරක යන කොට එම පාරට පැති වලින් වැටෙන පාරවල් වල අපි ඒ ආසන්නයෙන් ගමන් කරන කොට වාහන ඇවිත් වදින්න පුලුවන්ද යනවද? වගේ තොර තුරු දෙන්න පුලුවන් වෙන්න ඕන.

මේකේ ප්‍රායෝගික ගැටලු තියෙනව ඩ්‍රෝන් වල බැටරි ලයිෆ් එක වගේ දේවල්. ඒත් මේ වගේ දෙයක් කරන්න ශක්තිය තියෙන අය මේ වගේ කන්සෙප්ට් එකක් ඩිවලොප් කරන්න ට්‍රයි කරන්න විනාඩි 15ක එකක් උනත් කමක් නෑ. සෑහෙන්න වටින දෙයක්.

පාරවල් වල බ්ලයින්ඩ් ස්පොට් තමා ලොකුම හිසරදේ මට නම්. :sorry:
 
Last edited: