Lightning ගැන දැනුවත් වෙමු

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Lightning ගැන දැනුවත් වෙමු

    Lightning - අකුණු ගැසීම​



    unzhjp3.gif


    මේ ට්කේ ගොරොව ගොරොව වැහිනවනෙ. මේ ත්‍රෙඩ් එක දාන්නෙ ඔයාලව අකුණු ගැන දැනුවත් කරන්නයි. Naradapathum සහෝදරයත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුනා. ඔයාලව තවත් දැනුවත් කරන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ. අකුණක් ගහන්නෙ කොහොමද කියල දාල තියෙන විස්තරේ තේරෙන්නෙ නැතිනම් අත ඇරලා දාන්න. අකුණු ගැන සමාජගත වුන දේවල් ගැන විස්තරයක් ත්‍රෙඩ් එකේ පහලින් දාල තියෙනවා.

    හරි දැන් අපි බලමු කොහොමද අකුණක් ගහන්නෙ කියලා

    සම්පූර්ණ පෘතුවියම ගත්තම කූලෝම් 10^5 වගෙ ඍන අරෝපනයක් තියෙනවයි කියල පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. යහපත් කාලගුණයක් තියෙන දවස් වලට ඉහළ වායුගෝලයෙ තියෙන ධන ආරෝපිත තත්වයත් පෘතුවියෙ තියෙන ඍන ආරෝපිත තත්වයත් හින්ද 130 Vm-1 වගෙ විද්‍යුත් ක්ෂෙත්‍රයක් ඇතිවෙනවා. ඒත් වහින දවස් වලට මීට විරුද්ධ පැත්තට තමයි විද්‍යුත් ක්ෂෙත්‍රය ඇතිවෙන්නෙ. අපි බලමු ඒ කොහොමද කියල,
    අහසෙ වලාකුළු වර්ග ගොඩක් තියෙනව. ඒත් අකුණු ගහන වැඩේට දායක වෙන්නෙ කැටි වැහි වලාකුළු කියන වලාකුළු ජාතිය. ජල බිංදු, හිම අංශු, වායු අනුත් එක්ක ඇතිවෙන සංකීර්ණ ක්‍රියාවලියකින් මේ වලාකුළු වල ඉහළ කොටස ධන ආරෝපනත් පහළ කොටස ඍන ආරෝපනත් සාන්ද්‍රණය වෙනවා. මේ වගෙ වෙලාවකට පෘතුවියත් ආරෝපණය වෙච්ච වලකුලේ යට කොටසත් සලකපුවහම ප්‍රේරිත විද්‍යුත් ක්ෂෙත්‍රය නෝමල් දවසක තියෙන විදිහට විරුද්ද විදිහට තමයි සෙට් වෙන්නෙ. වලාකුලේ ඍන ආරෝපණ සාන්ද්‍රණය වැඩි වුන වෙලාවක මේ විද්‍යුත් ක්‍ෂේත්‍ර දෙකේම එකතුව ඉහලට තමයි ඇතිවෙන්නෙ. ඒ කියන්නෙ අපි වලාකුලෙ ඉදන් බැලුවොත් අපිට පේන්නෙ පොළොව ධන වගේ පොලොවෙ ඉදන් බැලුවොත් වලකුලේ යට කෑල්ල පේන්නෙ ඍන වගෙ (ඔයාලට පැහැදිලි වෙන්නයි මෙහෙම කිව්වෙ).
    මේ විදිහට ආරෝපණ සාන්ද්‍රණය වැඩි වෙලා එකම වලාකුලක හරි වලාකුළු දෙකක් අතර හරි වලකුලකුයි පොළවයි අතර හරි මේ ධන ඍන ප්‍රේරිත කොටස් දෙකක් අතර ක්ෂණික විද්‍යුත් විසර්ජනයක් ඇතිවෙන්න පුළුවන්.
    මේ විදිහට පෘතුවියයි වලාකුලකුයි අතර විසර්ජනයක් ඇතිවෙන්න නම් 100-1000 kVm-1 වගෙ ලොකු ක්ෂෙත්‍රයක් ඇතිවෙන්න ඕනෙ. මේ විදිහට ලොකු විද්‍යුත් ක්ෂෙත්‍රයක් ඇතිවෙද්දී පොලොවෙ තියෙන තියුණු උල් වගේ වස්තුවලින් ධන අයන වායුගෝලයට විසර්ජනය වෙනවා. මෙහෙම ධන ආරෝපණ පොළොවෙන් විසර්ජනය වෙද්දී වළාකුලේ පහළින්ම ඍන ආරෝපණ ප්‍රවාහයක් ක්ෂණිකව ගමන් කරනවා. මේ විදිහට අකුණු පහරක් ඇතිවෙනවා. ( මෙහෙම ඇතිවෙනවා කිව්වට මේකත් පියවර කිහිපයකින් ඇතිවෙන දෙයක්, ඒ ගැන මම විස්තර කරන්නෙ නෑ)

    විකිපීඩියාවේ තිබිලා හොයාගත්ත මේ gif එක බැලුවහම ඔයාලට තවත් පැහැදිලි වෙයි.


    rVmoaca.gif

    ● අකුණු පහරක දිග 100m-10km පමණ වේ.

    ● ආරෝපණ රැගෙන යන ගර්බයෙහි උෂ්ණත්වය 30000 C පමණ වේ.

    ● ගෙනයන විද්‍යුත් ධාරාව 10^5 A පමණ වේ.

    ● එම ධාරාවට අදාල විබව අන්තරය 10^8 V පමණ වේ.

    ● අකුණු පහරකට ගතවන මුළු කාලය 2 ms පමණ වේ.

    ● අකුණක් ගසන විට ගිගුරුම් ශබ්දය ඇතිවන්නේ ධාරාව ගමන් කරන පථය ඉතා කෙටි කාලයක් තුල ඉතා අධික උෂ්ණත්වයකට රත්වීම නිසා වාතයේ ඇතිවන ක්ෂණික ප්‍රසාරණය නිසාය.

    ●ගිගුරුමක් සාමාන්යෙන් 60Hz පමණ සන්කයතයකින් යුක්තය.

    ● ගිගුරුමක් 15km ට වැඩි දුරකට නොඇසේ.




    ★ Lightning conductor එකේ සීන් කෝන් එක.

    අකුණු සන්නයකයකින් වෙන්නෙ මොනවද කියල සරලවම කිව්වොත්, මේකෙන් වෙන්නෙ ගොඩනැගිලි, වෙනත් දේවල් වලට හානියක් වෙන්නෙ නැතිවෙන්න අකුණ භූගත කරන එක.
    අකුණු සන්නායකයක් ඉහලට අකුණු වලාවක් ආපුවහම සිදුවන විද්‍යුත් ප්‍රේරන ක්‍රියාවත් සන්නායක තුඩුවල ක්‍රියාවත් හින්දා අකුණු සන්නායකයේ තුඩු අසල අධික ආරෝපණ තත්වයක් ඇතිවෙලා අකුණ සන්නායකය(copper) මගින් පොලවට ගෙනියනවා. ඒ හින්දා අනතුරු අඩුවෙනවා.


    gvhlGsb.gif


    ★ ආරක්ෂා වෙන්න

    ●ගෙදර අර්ත් වයර් එක හොදට පොළොවට සම්බන්ද වෙලා තියෙනවද කියල බලන්න. නැත්නම් දන්න කෙනෙකුට කියල හදාගන්න.

    ●අකුණු ගහද්දි විදුලි උපකරණ ප්ලග් එකෙන්ම ගලවල දාන්න. මෙහෙම කරන එක මොකටත් හොදයිනෙ.

    ●ගෙදර ඇන්ටනාවෙ යකඩ බම්බුව හොදට පොළොවට සම්බන්ද කරල තියෙන්නත් ඕනෙ.

    ●අකුණු ගහද්දි කුබුරු, වෙල් වල ඉන්න එපා. (මේවා ඉතින් කවුරුත් දන්නවනෙ) එහෙම ඉන්නවනම් බිම දිගාවෙන්න.

    ●උදලු, කුඩ වගේ ලෝහමය දේවල් පාවිච්චි කරන්න එපා.



    ★mobile phone වලට අකුණු ඇදිල එනවද?

    පිළිතුර- නැහැ

    හේතුව- අකුණක් ගහන්නනම් ඕනෙ වෙන්නෙ සරලව කිව්වොත් වාතයෙ පරිවාරක බව බිද දාල ධාරාව ගෙනියන්න පාරක් හදාගන්න එක. (අකුණක් ඇතිවීමට අවශ්‍ය අවම ත්‍රිව්රතාව ඉක්මවිම මෙහිදී මා අදහස් කරමි.) ඉතින් ඕක තමයි වෙන්න ඕනෙ එකම දෙය. රෝඩියෝ වෙව්ස් වලින් අකුණ ඇතිවෙන්න හෙල්ප් එකක් දෙන්නෙ නෑ.

    එහෙමයි කියලා මොබයිල් පාවිච්චි කරන්න යන්න එපා. මොකටත් හොදයි මේවා පාවිච්චි නොකර ඉන්න එක. මෙන්න ගැලපෙනම වාක්‍ය Naradapathum සහෝදරයගෙ දාලා තිබ්බ අකුණු ත්‍රෙඩ් එකෙ jhnnwp සහෝදරයා දාලා තිබ්බා.


    CdleOBV.jpg



    Naradapathum සහෝදරයගෙ ත්‍රෙඩ් එකේ අහල තිබුන ප්‍රශ්න වගයක් තිබ්බා. මම ඒවට මෙතැනදී උත්තර දෙන්නම්.

    වාහන වලට අකුණු ගහන්නේ නැද්ද?


    GDsq33y.jpg

    වාහන වලට අකුණු ගහන්නෙ නෑ කියන්න හේතුව මේකයි.- වාහනයක චෙසිය හදල තියෙන්නෙ ලෝහ වලින්. එතකොට මේ වාහනෙ චෙසිය සම විභව පෘෂ්ටයක්. අකුණක් ගහනවානම් නිශ්චිත ඉලක්කයක් තියෙන්න ඕනෙ. මෙතැනදී වාහනේ සම විභව පෘෂ්ටයක් විදිහට හැසිරෙන හින්දා අකුණකට වහනයක් ඉලක්ක කරන්න බැහැ. මේකෙදි අකුණ වාහනේ වටේ කැරකීමක් වගේ දෙයක් ලොවෙත් සිද්ද වෙන්නෙ නෑ.


    වැහි නැති හෙන ගහපිය.

    XOdOXCi.jpg


    කාටවත් වැහි නැති හෙන ගහන්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා. ඇත්තටම මේ වැකියෙ තේරුමක් තියෙනවා. අපි බලමු කොහොමද මේක තේරුම් කරගන්නෙ කියල.

    සාමන්‍ය කාලගුණයක් තියෙන දවසකයි වහින දවසක, නැත්තම් වහින්න යන වෙලාවක වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩියි (A:H / නිරපේක්ෂ ආර්දතාව). ජලය කියන්නෙ විද්‍යුතය සන්නයනය කරන මාද්‍යක්. එතකොට වැහි දවසකදී වැහි නැති දවසකට වඩා වාතයේ සන්නායකතාව වැඩියි. ඒ කියන්නෙ වහින වෙලාවට අකුණු ගහන්න ඕන වෙන්නෙ අඩු තිවුතාවක්. වහින්නෙ නැති වෙලාවක් බැලුවොත් වාතයේ සන්නායකතාව අඩුයිනෙ. ඒ වගේ වෙලාවකට අකුණක් ගහනවානම් ඉතා ලොකු තිවුරතාවක් ඕනෙ. තවත් පැහැදිලි කලොත් වැහි නැති වෙලේට අකුනට අදාළ විභව අන්තරය ඉතා විශාල අහයක් ගන්නවා. තවත් විදිහකින් කියනවනම් මේ අකුණ සුපිරි අකුණක්. ලොකු ශක්තියක් අකුණේ ගැබ්වෙලා තියෙනවා. ඒක හින්ද ලොකු හානියක් මේ වගේ අකුණකට කරන්න පුළුවන්.


    එකම තැනට දෙතුන් පාර අකුණු වැදීම.


    riNbiYR.jpg


    ප්‍රදේශයට සාපේක්ෂව බලද්දී අකුණකට ඉලක්ක වෙන පහසුම මාර්ගය මෙන්න මේ අකුණු වදින තැන තමයි. ඒකයි ඔහොම අකුණු වදින්නෙ.


    බැංකු එහෙම අකුණු ගහද්දීත් වැඩනෙ.

    It9njdY.jpg


    මේවල හොද විද්‍යුත් ආරක්ෂක උපකරණ පාවිච්චි කරනවා. නගර ආශිතව තියෙන බිල්ඩින්ග්ස් වල ගොඩක් වෙලාවට අකුණු සන්නායකත් හයි කරලනෙ තියෙන්නෙ. ඉතින් අකුණු වදින්න තියෙන සම්භාවිතාවය අඩුයි. කොහොම උනත් මේන් ලයින් එකෙන් හරි ටෙලිෆෝන් ලයින් එකෙන් හරි ගෙදරකට අකුණක් ඇතුළු වෙන්න පුළුවන්.


    ඔයාල අහල තියෙනවද ටෙලිෆෝන් ලයින් එකෙන් අකුණක් එනවනම්. අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.

    අකුණු ගැන ඔයාලට තව දැනගන්න ඕනෙනම් මෙන්න කියවන්න.
    විද්‍යුතය අකුණු හා ගිගුරුම්- K.R. අභයසිංහ
    බල ක්ෂේත්‍ර- ලක්ෂ්මන් දිසානායක


    එහෙනම් කට්ටියටම ජය වේවා කියල Ruka මල්ලි යනවා.
    තවත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගොඩක් වැදගත් විස්තර ටිකක්..හොඳට පැහැදිලි කරලා තියෙනවා..බොහෝම ස්තූතියි..:D:D
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    patta macho :D

    ආරොන්;19192314 said:

    Ela ela ruka rep+

    patta bng +++

    ගොඩක් වැදගත් විස්තර ටිකක්..හොඳට පැහැදිලි කරලා තියෙනවා..බොහෝම ස්තූතියි..:D:D


    godak Wedagath mcho!!!!!!!!!!!!!!rep

    :):):)
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,781
    3,200
    113
    37
    @ katubedda
    ඔයාල අහල තියෙනවද ටෙලිෆෝන් ලයින් එකෙන් අකුණක් එනවනම්. අකුණ එද්දී ෆෝන් එක රින්ග් වෙනවා කියලා. මේක නම් පැහැදිලි කරන්න මම දන්නෙ නෑ.

    land phone එක මම දන්න තරමින් නම් නොර්මල් තියෙද්දි එකේ වයර් දෙකේ වොල්ටේජ් එක 50v විතර තියෙනවා. රින්ග් වෙනකොට එක්ස්චේන්ජ් එකේ ඉදන් 100v විතර එනවා Phone එකට එතකොට තමයි රින්ග් වෙන්නේ. අකුනක් එනකොටත් phone line එකේ 100v හෝ ඉට වඩා වැඩි වොල්ටේජ් එකක් induce වෙන්න පුළුවන්නේහ් එතකොට ඉතින් phone එක් ring වෙනවා ඇති.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    machan Bathroom eke indiddi wadinawada akunu ?? naana welawata ?? ara yakagenuth ahuwa reply na :angry: