Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උස් අහස් ගැබ කළඹා...
    සැඩ අකුණු වැල් එනවා...
    ඔබේ වචනෙක පැටලී....
    සිත් අහස වැලපෙනවා......

    හිස් තැනක් නොම පෙනෙනා...
    ආදරේ ඉතිරෙනවා...
    ඒ පෙමට නොම ලංවී....
    ඔයා ඈතට යනවා.......
    මා.. දමා ඈතට යනවා....

    සත්තමයි කී හැම දෙයක් ලග...
    අවිශ්වාසය ඇක රන්දා....
    ඒ තුලින් ඔබ මා දකින්නේ...
    සොරෙකු විලසට දෝ මන්දා....
    ඉතින් කිව මැන වරද කොතැනද..
    සමාවක් නම් නෑ කැන්දා....
    සීමිතව ගිය ඔබේ ආලයෙ..
    තවත් හිමිකම් නැති හින්දා....

    පිදූ තරමට මා නොලද පෙම...
    සදා රැකගෙන හද රන්දා....
    බලා උන්නෙමි යලිත් එනතුරු..
    නෙත් අගින් තනිකම හංගා....
    සිතූ විලසින් යලිත් නොලැබෙන...
    ඔබේ පෙම් හිත දුර හින්දා....
    සරණ සොයනෙමි නික්ම යන්නට...
    ජීවිතේ දිග වැඩි හින්දා....

    34835.jpg


     
    • Like
    Reactions: Ysa Karu and zl1