linkedIn මගින් පැහැබර අනාගතයක්

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    linkedIn මගින් පැහැබර අනාගතයක්

    වෘත්තිය එහෙමත් නැත්නම් රැකියාව අපි කාගේත් ජීවිතයේ ප්‍රධාන කොටසකි. කරන කියන රැකියාවේ තව ඉහළට යන්නට මෙන්ම වඩාත් වාසි සහගත අළුත් රැකියා අවස්ථා උදාවෙනවා නම් අපි කව්රුත් කැමැත්තක් දක්වමු. මේ සඳහා නිමැවුණු කදිම වෙබ් අඩවියකි Linkedin (ලින්ක්ඩ්ඉන්). මෙම වෙබ්අඩවියේ සදාගන්නා වූ ඔබේ ගිණුම ඔබේ ඩිජිටල් ජීව දත්ත පත්‍රය ලෙස හැදින්වුවහොත් නිවැරදිය. බොහෝ දියුණු රටවල මුද්‍රණය කරන ලද ජීව දත්ත පත්‍රයකට වඩා, මෙම වෙබ් අඩවිය පුද්ගලයකුගේ වෘත්තීය ජීව දත්ත පත්‍රයක් ලෙස භාවිතා කරයි. ශ්‍රී ලංකාවේද තරමක් දුරට දියුණු පෞද්ගලික අයතන වල මානව සම්පත් කළමණාකාරීත්වය මෙය කුසලතාවයෙන් දැනුමෙන් පිරුණු නිවැරදි පුද්ගලයන් තම අයතනයේ පුරප්පාඩු සදහා සොයා ගැනීමට එහෙමත් නැත්නම් Head Hunting සදහා දැන් භාවිතයට ගනී. එමෙන්ම ඔබටද මෙය රැකියාවක් සොයාගැනීමට නොහොත් Job Hunting සඳහා භාවිතා කල හැකි කදිම සහ පහසු මෙවලමකි. :yes:

    ඔබට ඉතා පහසුවෙන් www.linkedin.com වෙබ් අඩවියේ ගිණුමක් ආරම්භ කර හැකි අතර එහි ඔබේ අධ්‍යාපන හා වෘත්තියේ සියළු සුදුසුකම් ඇතුල් කිරීමට ඉඩකඩ සලසා දී ඇත. එමෙන්ම ඔබට ඇති කුසලතා (Skills) වෙන වෙනම හුවා දැක්වීමේ හැකියාව ඇත. එමෙන්ම ඔබ විසින් සිදු කරන ලද සමාජ සත්කාරයන්, ස්වේච්ඡා සේවක (Volunteer) කොටස ඔස්සේ එකින් එක ඇතුලත් කල හැකිය. :)

    default-share.png


    ඔබට ලිවීමේ හැකියාවක් ඇත්නම් සටහන් (Posts) ඔස්සේ ඔබේ ලිපිය අන් අයට දැකගැනීමට හැකිවන ආකාරයට පල කල හැකිය. එමගින් ඔබේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් තුලින් අන්අය දැනුවත් කිරීම සිදුකල හැකි අතර එමගින් ඔබට සමාජ සත්කාරයකටද දායක විය හැකිය. විවිධ ආයතන ප්‍රධානීන්ට ඔබේ කුසලතාවයන් පිළිබඳව ඉතා හොද අවබෝධයක් මෙම වෙබ්අඩවිය තුලින් ලබාගත හැකිය.

    මෙහි ඇති තවත් විශේෂ අංගයක් නම් ඔබව ඔබේ සමකාලීනයන්ට මෙන්ම ආයතන ප්‍රධානීන්ට නිර්දේශ (Recommendation) කල හැකි පහසුකමක් සලසාදී තිබීමයි. එමෙන්ම එහිදී ඔවුනට ඔබත් සමඟ ආයතනයේ ලැබූ අත්දැකීම් හා ඔබේ චරිතය පිලිබඳ සහතිකයක් අනෙකුත් වෘත්තිකයන්ට දැකබලා ගැනීමට හැකිවන පරිදි ලියාදැක්විය හැකිය. :cool: එය ලිවීමෙන් පසු ඔබට ඔබේ ගිණුමේ පෙන්වීමට විධානය ලබාදිය හැකිය. ඒත් එක්කම ඔබේ ඇති කුසලතාවයන් වෙන වෙනම ඔවුනට අනුමත (Endorse) කිරීමේ අවස්ථාව ලබාදී ඇත. කාර්යය බහුල කෙනෙකුට ඉතා පහසුවෙන් එක ක්ලික් එකක් මගින් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කල හැකිය.:love::love:



    විවිධ වූ කණ්ඩායම් (Groups) නිර්මාණය කිරීමේ අවස්ථාව Linkedin තුල ලබාදී ඇති අතර, ඔබට ඔබේ වෘත්තියට අදාල තොරතුරු දැනුම අන්අය සමග බෙදාහදාගැනීමට මෙන්ම නව දැනුම ඔබට ලබාගැනීමටද මෙම කණ්ඩායම් වලට එක්විය හැකිය. මෙම කණ්ඩායම් ශ්‍රී ලාංකික හා ගෝලීය ලෙස වර්ග කල හැකිය. එමෙන්ම වෘත්තීය ක්ෂේත්‍රයේ මෙන්ම ලෝක ප්‍රසිද්ධ විවිධ චරිත පිලිබදව ඇති දැනුම ඔබට පහසුවෙන් අනුගමනය follow කල හැකිය. එමෙන්ම ආයතනවල පිටු Companies ඔස්සේ දැකගත හැකි අතර ඔබේ වෘත්තියට අදාල අයතනයන්හි පිටු සමඟ සම්බන්ධ වීමෙන් නව දැනුම මෙන්ම ආයතන සම්බන්ධ බොහෝ කරුණු ගැන ඔබට දැනුවත් විය හැකිය.

    එමනිසා ලෝකයත් සමඟ ගනුදෙනු කොට ඔබේ වෘත්තියෙන් ඉහළම පල ප්‍රයෝජන රටට අත්කර දෙන්න. මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාදී ඇති පහසුකම් තුලින් ඔබේ වෘත්තීය ජීවිතය වඩාත් අර්ථවත් කරගන්නට උත්සාහ දරන්න.


    Facebook මෙන් සමාජශීලි ලෙස පරිහරනය නොකල යුතු:-)lol:) එකක් වන මෙය අනාගතයේ CV ඉවත් වී ඔබ්ගේ CV එක LinkedIn Profile එක වනු නොඅනුමානය.... :yes::yes:


    කලින් දාපු Thread :

    කියුබානු මිසයිල් අර්බුදය - http://www..com//showthread.php?t=1774086

    කියුබානු මිසයිල් අර්බුදය II- http://www..com//showthread.php?t=1774087

    කියුබානු මිසයිල් අර්බුදය III- http://www..com//showthread.php?t=1774090

    ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට-http://www..com//showthread.php?t=1774097

    රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද -http://www.elakiri.com/forum/showthread.php?t=1772676

    Falcon-9 රොකට්ටුව -http://www..com//showthread.php?t=1774181

    ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් -http://www..com//showthread.php?t=1773172

    රාජාධි රාජසිංහ රජතුමන් -http://www..com//showthread.php?t=1774037
     
    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    තාමත් හදලා නැත්තම් අදම හදපන්... ALL STAR ම ගහපන් :yes: