Linkin Park ගැන ටිකක්

dxcharith

Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    linkinpark දැනට americaවේ ඉන්න හොදම rock band කීපයෙන් එකක් කිව්වොත් හරි. එත් ගොඩක් අපි මෙයාලගේ සින්දු ඇහුවට band එක ගෙන දන්නා දේවල් අඩුයිනේ. ඉතින් මන් පළවෙනියටම rock අහපු linkinpark ල වෙනුවෙන් පලවෙනි tread එක.
    linkinpark මුලින්ම බිහිවෙන්නේ 1996 දී. උසස් අධ්‍යාපනය හදාරන ගමන් තම යාලුවෝ තුන්දෙනෙක් මේක හදන්නේ. මයික් ශිනොඩ, රොබ් බොවුඩන් සහ බ්‍රැඩ් ඩෙල්සන් කියන තුන් දෙන එකතු වෙලා තම linkinpark අරඹ කරන්නේ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මේ තුන් දෙන තීරණය කරනවා මේක බැහැලාම කරමු කියල. මේ කට්ටිය මුලින්ම කණ්ඩායමේ නම විදියට තීරණය කරන්නේ XERO . පස්සේ මෙයාල ජෝයි හංව කණ්ඩායමට එකතු කරගන්නවා. පස්සේ මාර්ක් වොල්ක්ෆීල්ඩ් සහ ඩේව් මේ කණ්ඩායමට එකතු වෙනවා. අඩු පහසුකමක් යටත් ඔවුන් ඔවුන්ගේ පලවෙනි සින්දුවේ පටිගත කිරීම කරන්නේ මයික් ශිනොඩගේ කාමරයේ හදපු පොඩි studio එකේ. ඔවුන් මේකේ සින්දු හතරක් පටිගතකරනවා. එත් ඔවුන්ට මෙය ප්‍රචාරය කරන්න බේරී වෙන්නේ සල්ලි නැති කමට. මේ නිසාම ඒ කලේ කණ්ඩායමේ ගායකයා වෙලා ඉදපු මාර්ක් වෙක්ෆිලෙඩ් කණ්ඩායමෙන් අයින් වෙනවා. ඩේව් ත් වෙන කණ්ඩායමකට එකතු වෙනවා.

    මේ නිසා හිස් උනු ගයන තනතුරට චෙස්ටෝර් බෙනින්ග්ටන් පැමිණෙනවා. චෙස්ටර් අනිත් අයට යෝජනා කරනවා කණ්ඩායමේ නම වෙනස්කර්මු කියල. ඒ අනුව Xero වෙනස් වෙනවා Hybrid Theory කියල. වෙනස් වෙලා නැවත අරන්බ කරන මෙම කණ්ඩායම නග සිටුවන්න ශිනොඩ සහ චෙස්ටෝර් බෙනින්ග්ටන් ලොකු මහන්සියක් දරනවා. ඔවුන් ඉන්ටෙර්නෙට් එක යොදාගන්නවා ඔවුන්ගේ සංගීත ජිවිතේ ගොඩ නගන්න. යලිත් ඔවුන් තීරණය කරනවා නම වෙනස් කරන්න. ඔවුන් තීරණය කරනවා නම Lincoln Park විදියට වෙනස් කරන්න. නමුත් අවසානයේ එය අවසානයේ Linkin Park විදියට එන්නේ අන්තර්ජාලයේ ඔවුන්ගේ ඔවුන්ගේ domain name එකේ පහසුව සදහා( www .linkinpark .com )
    නමුත් ඔවුන්ට හොද නිෂ්පාදකයෙක් හොයාගන්න බේරී උන නිසා ගොඩක් ලොකු කට්ටක් කන්න සිද්ද උන. අවසානේ ඔවුන්ට හෙමදම උදව් කරපු ජෙෆ් බ්ලු ගෙන් උදව් ඉල්ලනවා. ඔහු තම වරතමනේ Warner Bros සමාගමේ උප සබාපති. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ පලවෙනි albam එක එළිදක්වනවා Hybrid Theory කියල, 2000 ඔක්තෝම්බර් 24 වෙනිදා release කරනවා. මේක කොඉතරම් සාර්ථක උනාද කිව්වොත් 2001 හොදම අලෙවියක් වාර්තාකළ album එක උන. වසර අවසන් වෙද්දී මිලියන 4.8ක සාර්ථක අලෙවියක් පෙන්නුම් කල. ඒ වසරේ හොදම හොදම rock කණ්ඩායමට හිමි grammy award එක ලබාගත්ත. කව්රුත් නොදන්නා කණ්ඩායමක් එක album එකකින් ලෝකෙම දෙන ගත්ත. ඔවුන් ගොඩක් අසාර්ථක උන . එත් ඔවුන් උත්සාහය අත්හරියේ නැහැ. ඔවුන් එකටම මරුන. මුලින් කන්ඩයමෙන් අයින් උන අය දැන් අඩනවා ඇති නේද.
    මස 18කට සැරයක් අලුත් album එකක් එලියට දන්න්න ඔවුන් පුරුදු උන. අද වෙද්දී ඔවුන් අතිසාර්ථක කණ්ඩායමක්. ඔවුන් උත්සාහය අතහෙරියෙන් නැහැ. ඕනෑම දෙයක් අපිට සාර්ථක කරගන්න පුළුවන් ඒ දේ තුලම ජිවත් වෙලා එකටම කැප උනාම. ඔවුන් කියල දුන්නේ එක.

    ගත්තේ මේකෙන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    LP මම දකින්නේ අසාර්ථක nu-metal band එකක් විදියට.උන්ගේ මුල් ඇල්බම් දෙක ඇරෙන්න අනිත් ඒවා
    මෙලෝ රහක් නැ.rock අහන අයටනම් මම දන්නේ නැ.nu-metal ගැන දන්නා අය දන්නවා ඇති LP down වෙච්ච හැටි
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    LP මම දකින්නේ අසාර්ථක nu-metal band එකක් විදියට.උන්ගේ මුල් ඇල්බම් දෙක ඇරෙන්න අනිත් ඒවා
    මෙලෝ රහක් නැ.rock අහන අයටනම් මම දන්නේ නැ.nu-metal ගැන දන්නා අය දන්නවා ඇති LP down වෙච්ච හැටි
    LP ල තම මම දැකපු සාර්ථකම nu metal සහ rap metal පාවිච්චි කරපු හොදම band එක. අද වෙද්දී එයාලගේ පසු බෑමක් තියෙනවා. මට නම් Minutes to Midnight album එකත් හොදයි මචන්. Living Things නම් ඒ තරම්ම සාර්ථක නැහැ. එත් එයාල උත්සාහය අතහරින band එකක් නම් නෙමෙයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    LP මම දකින්නේ අසාර්ථක nu-metal band එකක් විදියට.උන්ගේ මුල් ඇල්බම් දෙක ඇරෙන්න අනිත් ඒවා
    මෙලෝ රහක් නැ.rock අහන අයටනම් මම දන්නේ නැ.nu-metal ගැන දන්නා අය දන්නවා ඇති LP down වෙච්ච හැටි

    'A Thousand Suns' poddak awul, but 'Living Things' pattaii
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    keep-calm-cause-i-m-only-a-crack-in-this-castle-of-glass.png
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    LP මම දකින්නේ අසාර්ථක nu-metal band එකක් විදියට.උන්ගේ මුල් ඇල්බම් දෙක ඇරෙන්න අනිත් ඒවා
    මෙලෝ රහක් නැ.rock අහන අයටනම් මම දන්නේ නැ.nu-metal ගැන දන්නා අය දන්නවා ඇති LP down වෙච්ච හැටි

    අනේ ලන්කවෙ මෙ රොක් වලට මාර අමුතු එකක් හදාගෙන තියෙන්නෙ. කුඩ්ඩො පැනි කාරයො දැන් රොක් උන්ගෙ කල්ච එක කරගෙන. උන් රොක් කියල අහන්නෙත් ඇන්ටි ක්‍රයිස්ට් ඩෙත් මෙටල්. පට්ටම ඩවුන් එව්ව. මහ විහිලුවක් . අපි නම් පොඩි කාලෙ ඉදලම රොක් තමා අහන්නෙ. මෙව්ව දකිනකොට මට නම් හිනා යන්නෙ, ආය එහෙම නු මෙටල් ට්‍රැශ් අරක මේක කියල හදන් ඉන්න එකත් මොඩ වැඩක්. මොකද හැමදාම එකම දේ කරල පවතින්න බෑ. අවෙන්ජ් 7ෆොල්ඩ් මුල් කාලෙ ගහපු විදියටම ගැහුව නම් තාම මුඩුක්කු ක්ලබ් තමා.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    LP මම දකින්නේ අසාර්ථක nu-metal band එකක් විදියට.උන්ගේ මුල් ඇල්බම් දෙක ඇරෙන්න අනිත් ඒවා
    මෙලෝ රහක් නැ.rock අහන අයටනම් මම දන්නේ නැ.nu-metal ගැන දන්නා අය දන්නවා ඇති LP down වෙච්ච හැටි
    සිරාවට බන්...
    Hybrid Theory සිරා :yes: METEORA උපරිම පට්ට :cool: Minutes To Midnight අවුලක් නෑ.... :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනේ ලන්කවෙ මෙ රොක් වලට මාර අමුතු එකක් හදාගෙන තියෙන්නෙ. කුඩ්ඩො පැනි කාරයො දැන් රොක් උන්ගෙ කල්ච එක කරගෙන. උන් රොක් කියල අහන්නෙත් ඇන්ටි ක්‍රයිස්ට් ඩෙත් මෙටල්. පට්ටම ඩවුන් එව්ව. මහ විහිලුවක් . අපි නම් පොඩි කාලෙ ඉදලම රොක් තමා අහන්නෙ. මෙව්ව දකිනකොට මට නම් හිනා යන්නෙ, ආය එහෙම නු මෙටල් ට්‍රැශ් අරක මේක කියල හදන් ඉන්න එකත් මොඩ වැඩක්. මොකද හැමදාම එකම දේ කරල පවතින්න බෑ. අවෙන්ජ් 7ෆොල්ඩ් මුල් කාලෙ ගහපු විදියටම ගැහුව නම් තාම මුඩුක්කු ක්ලබ් තමා.
    එතකොට METALLICA වගේ bands තාම තියෙන්නේ style එක වෙනස් කරල වෙන්න ඇතිනේ....:rolleyes: :rolleyes:
    දැන් LP ලගේ එන සිංදු දිහා බැලුවම මට පේන්නේ chester ගේ talent එක නිරපරාදේ අපතේ යනව කියන කියලයි....:dull: