http://www.elakiri.com/forum/showthread.php?t=1568061
ඔතන පොඩි වලියක් යනව OS එක ගැන ඒක නිසා කට්ටියගෙ අදහස් බලන්න හිතුන OS ගැන
තමන් වැඩියෙන්ම පාවිච්චි කරන OS එකට VOTE එකක් දාගෙන මෙ චුට්ටත් කියවල,තමන්ගෙ අයිඩියා එකත් ලාවට කියල මාරු වෙයල්ල.
ගොඩක් අය ඉතින් උබුන්ටු කියලනෙ ලිනක්ස් ගැන දන්නෙ,ලිනක්ස් වල නරක් කරපු වර්ශන් එකක් තමා උබුන්ටු තව තීය්නව එක එක ඒව එක එක ආතල් වලට හදපුව
http://www.makeuseof.com/pages/best-linux-distributions
මෙතන තියෙන ඒව ගැන පොඩි පොඩි විස්තර ටිකක්,ඕවගෙ ස්ක්‍රීන් ශොට් විතරක් බලල ඩව්න්ලොඩ් කරල ඉන්ස්ටොල් කරල මට කෑ ගහන්න එපා රූප වගෙ නෑ කියල.යූ ටියුබ් පාරක්වත් දාල හිටපල්ල.
ලිනක්ස් හොදයි මචන් ගේම්ස් නොගහන,ඉමජ් ලොකුවට එඩිට් නොකරන ප්‍රොගැමින්ම ගොඩක් කරන අයට.අනිත් අයටත් හොදයි නමුත් හොදටම හොද අරගොල්ලන්ට තමා.
වින්ඩොස් හොදයි ඕනි කෙනෙක්ට එ උනාට ප්‍රොගෑමර් කෙනෙක් නම් ලිනක්ස් ගැනත් දැනගෙන සිටීම හොදයි,ඒක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ වින්ඩොස් කියන්නෙ කොම්පුටර් වල තියෙන එකක්නෙ. ( එහෙම හිතන් හිටපු කාලයක් තිබ්බ )
මැක් එක පට්ට මචන්.මම යාළුවෙක්ගෙ ලැප් එකක් යුස් කරල තියෙනව ආසවෙ බෑ.එක මචන් අමුතුම අත්දැකීමක් අපිට ඔළුව වෙහෙසල කරන්න කිසි දෙයක් නෑ.හරියට වේටර් කෙනෙක් වගේ.ඉල්ලන ඔක්කොම ගෙනත් දෙනව අන්තිමට ඉතින් බිලත් ගෙවන්න ඕනි (ටිප් නම් ඕනි නෑ ).පාවිච්චි කරන එකා ගැන ඔක්කොම දන්නව වගෙ තමා වැඩ.
19 ඩොලර් වලට ගන්න පුළුවන් හැබයි වග කියන්නෙ නෑ වැඩ කරනව කියල ඇපල් නොවන මැශින් වල
ගේමක් දීල වැඩ කරන තත්වෙට ගන්න පුළුවන් එත් ඒ වෙනකොට ඇපල් එපා වෙන්න තියෙන ඉඩ 99%,
http://store.apple.com/us/product/MC573Z/A/mac-os-x-106-snow-leopard
මම වැඩියෙන් පාවිච්චි කරන්නෙ ලිනක්ස් එක එක කාලෙට එක එක ඒව මේ ටිකෙ නම් උබුන්ටු, ඊට කලින් Arch https://www.archlinux.org/ (දැනට පාවිච්චි කරල තියෙන හොදම ලිනක්ස් ඩිස්ට්‍රො එක,),කොයි ලිනක්ස් එක දැම්මත් වෙන පාර්ටිශන් එකක් තියෙන WINDOWS වල හොර කොපි එකට,ඉදල හිටල ගේමක් ගහන්න එහෙම

Last edited:
windows original, linux

habai liecense free habuna ewa
mama nam ithin windows use karanne games gahanna thama