Lip kiss experience of Ranjan Sanath Yureni Geetha

after

Member
Sep 5, 2009
3,692
486
0
මම කැමතිම ගීතට හාදු දෙන්නයි-සනත්
යුරෙනි නොෂිකාගේ දෙතොල් සිපගැනිමක් පසුගියදා අන්තර්ජාලයේ පුසිද්ධියට පත්වීමත් සමඟ තෙතොල් සිපගැනීමේ දර්ශන පිළිබඳව කලාකරුවන් කිහිපදෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් හෙළි කර තිබෙනවා.

රන්ජන් රාමනායක පවසන්නේ "දුවට මවක මිස" චිත්‍රපටයේ දුවගේ අම්මට දුන් දෙතොල් හාදුවේදී අධ්‍යක්ෂවරයා කට් කට් කියා තුන් පාරක් කියන නෑසුණු බවයි. එම දර්ශනයේදී ඔහු හාදු දී තිබුණේ සංගීතා වීරරත්නටයි.

යුරෙනි නොෂිකා පවසන්නේ "නිනෝ ලයිව්" චිත්‍රපටයේ දෙතොල් හාදු දෙන ආකාරය නොදැන සිටි නිනෝ ට හාදු දෙන්නට ඉගැන්වූයේ තමා බවයි.

සනත් ගුණතිලක පවසන්නේ තමා සමඟ මෙලෙස දෙතොල් සිපගැනීමේ දර්ශනයකට සුදුසු නිළිය කවුදැයි අධ්‍යක්ෂවරයෙක් ඇසුවොත් තමා ඒ සඳහා තෝරාගන්නේ ගීතා කුමාරසිංහ බවයි.
___________________________________________________
නිනෝ ට දෙතොල් හාදු දෙන්න ඉගැන්නුවේ මමයි - යුරේනි නොෂිකා
ඒ දර්ශනය අපි දෙන්නා ඇත්තටම කළා. නිර්මාණයක් කරද්දි චකිතය කියන එක තියෙන්න බෑ. ඒ වගේ දෙයක් ජාත්‍යන්තර සිනමාවේදී සාමාන්‍ය දෙයක්.

චිත්‍රපටයක නළුවෙක් නිළියක් සිපගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. චරිතයට සාධාරණයක් කරන්න අවශ්‍ය නම් ඒ සීන් එක කරන්න ඕන.

අපි හරි වෘත්තීය මට්ටමෙන් ඒ දේ කළා. මම හිතන්නේ නිනෝගේ ජීවිතයේ පළමු නිර්මාණය කළේ මාත් එක්ක. ඒ නිසා මට සිද්ධ වුණා නිනෝට පොඩි සපෝර්ට් එකක් දෙන්න. පළවැනි එක නිසා නිනෝට පොඩි ලැජ්ජාවක් තිබුණා. බයෙන් හිටියේ. මගෙත් ඒ වගේ දර්ශනයක් කරපු පළමු වතාව. මගෙත් පොඩි තැතිගැන්මක් තිබුණා. අන්තිමට අපි දෙන්න කතාවෙලා රිලැක්ස් එකේ පිටපතට අදාළව ඒ දර්ශනය සාර්ථකව කළා. වැඩිය මහන්සි වෙන්න වුණේ නෑ. ටේක්ස් දෙකෙන් සීන් එක
ගන්න පුළුවන් වුණා.
___________________________________________________

මම කැමතිම ගීතව සිපගන්නයි - සනත් ගුණතිලක
එවැනි දර්ශනයක් රඟපෑමට කැමතිම නිළිය කවුදැයි මගෙන් ඇසුවොත් දෙවරක් නොහිතා දෙන උත්තරය වන්නේ ගීතා කුමාරසිංහයි.

ඇයගේ රංගන කෞෂල්‍යයත් නිසඟ ආකර්ෂණයත් නොව චරිතයක් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව අති විශිෂ්ටයි.

පාලම යට, රාජ්‍ය සේවය පිණිසයි, තිරගත නොවූ වාසුලි ඇතුළු චිත්‍රපට රැසක ඇයගේ මෙම අවබෝධාත්මක රංගනය තුළින් මට ලැබුණු සහාය අති මහත්. මල්සර දෝණි, ඔබටයි ප්‍රියේ ආදරේ වැනි චිත්‍රපටවල ඇයගේ පෙම්වතා ලෙස මම රඟපෑමේදී ඇය ලබාදුන් ගෘංගාරය අමුතුම මිහිරක්.

මා එවැනි දර්ශනයක් මුලින්ම රඟපෑවේ ඔක්කොම රජවරු චිත්‍රපටයේ නදීකා ගුණසේකරත් සමඟයි. මමත් නදීකාත් තරුණ අඹු සැමි යුවළක් ලෙස රඟපෑවා. කතාවේ හැටියට නදීකාගේ පරණ පෙම්වතා අපේ පවුලට හිරිහැර කරන්නට පටන් ගැනීමත් සමඟ අපේ කිට්ටු සම්බන්ධය දෙදරා යනවා.

ඒ හින්දාම මුල් දර්ශනවලදී අපි දෙදෙනා ඉතාම තරුණ යුවළක් ලෙස හැසිරිය යුතුව තිබුණු අතර එක් දර්ශනයක දී මම උදේ රාජකාරියට පිටත් වන විට ඇගේ නළල සහ දෙකොපුල් සිඹ පිටත්ව යන දර්ශනයක් තිබුණා. නමුත් එහිදී මමත් නදීකාත් කතාකරගෙන ඉතාම ශිෂ්ට විදියට දෙතොල් සිප ගැනීමකට ගියේ එම තිර රචනයේ තිබූ දෙදෙනාගේ ළයාන්විත බැඳීම නිසයි.

අධ්‍යක්ෂවරයාටවත් නොකියා අපි කරපු දේ දුටු අධ්‍යක්ෂවරයාත්, කැමරා ශිල්පියාත් කෙතරම් ප්‍රබෝධයට පත්වුණාද කිව්වොත් තත්ත්පර ගණනකදී සිදුවූ එම සිප ගැනීමෙන් පසුවත් ඔවුන්ට කැමරාව නවත්වා ගැනීමට නොහැකි වුණා. මා සහ නදීකාගේ හිතාදර සිවදාසන් ඔහු සිනමාවේ දැකපු හොඳම පෙම් යුවළ සනත්-නදීකා කියලා අදටත් කියයි. ඒ වගේම මගේ මුල්ම චිත්‍රපටයක් වන දෙවැනි ගමනේත් එච්.ඩී. ප්‍රේමරත්නගේ අනුමැතිය යටතේ එවැනි දෙතොල් හාදුවක් තිබුණා. එය කරන්න ගිහින් මගේ පපුව නැවතුණා. ඒ ඇයි කියලා මම අදටත් දන්නේ නෑ.
___________________________________________________

සංගීතට දුන්න දෙතොල් හාදුවේදී අපි හිටියේ ආදරෙන් බැඳිලා. කට් කට් කියනවා ඇහුනෙත් නෑ - රන්ජන් රාමනායක
මගේ සිනමා ජීවිතයේ පළමු සිප ගැනීමේ දර්ශනය කළේ සංගීතා එක්ක. 'දුවට මවක මිස' චිත්‍රපටයේ තමයි ඒ දර්ශනය තිබුණේ. සුමිත්‍රා පීරිස් මහත්මියගේ කලාත්මක චිත්‍රපටයක්.

සුමිත්‍රා පීරිස් මහත්මිය කතා කරලා මට කිව්වා රන්ජන් මේකේ කිස් කරන සීන් එකක් තියෙනවා කියලා. බොරු කියන්න ඕනෙ නෑනේ මට අවංකවම සතුටක් දැනුණා.

ඒ කාලේ සංගීතා ගැන හරි ආදරයක් තිබුණා. ඉතින් මම හරිම ආසාවෙන් කැමැති වුණා. නන්දදේව කියලා කැරැක්ටර් එකක් කළේ. ගාල්ලේ ෂූටින් කළේ. සීන් එක ඉවර වෙලා මට ගෙදර එන්න දුකයි. ඒත් මේක ෆිල්ම් එකක්නේ. මගෙත් තරුණ කාලේ. ෆිල්ම් එක ඉවර වෙද්දි මගේ හිත ඇත්තටම සංගීතා එක්ක ආදරෙන් බැඳිලා.

සංගීතා ඉන්නවා ගාණක් නැතිව. ඒත් මට දුකයි. ඒ වගේ දර්ශනවල ඉන්න එක හරි භයානකයි. ආදර දෙබස් කියන, ගහගන්න දර්ශන වගේ නෙවෙයි. ඒ වගේ දර්ශනයක් කළාම ආදරයක් ඇති වෙනවාමයි. මම දන්නේ නෑ අනෙක් අය ගැන. මට නම් ඇතිවෙනවා. ගෙදර ආවට පස්සේ ලොකු ආතතියක් තමයි දැනෙන්නේ.

ඒ දර්ශන කළාට පස්සේ අවංකවම මම සංගීතාට ආදරේ වුණා. ඒක මගේ හිතේ තදින් කාවැදිලා තියෙන්න ඇති. බහු භාර්යා එකට උදයකාන්ත කතා කළාම මට ටක් ගාලා මතක් වුණේ සංගීතාව. මේ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිතයක් තිබුණා තේජා කියලා. රාගාධික බිරියකගේ චරිතයක්.

මේ චරිතයට සංගීතාට හොඳම නිළියට හිමි සම්මානයත් ලැබුණා. මේ චරිතය රඟපාන්න බොහෝ දෙනෙක් බය වුණා. සබීතාට කතා කළා. නිල්මිණිට කතා කළා. ඒ අය බය වුණා. සංගීතා බොහොම රැඩිකල් තීරණයක් අරන් ඒ චිත්‍රපටයේ රඟපාන්න ආවා. රූගත කිරීමේදී දර්ශන තලයේ හිටියේ කැමරා ශිල්පියා වුණු ප්‍රියනාත්, අධ්‍යක්ෂ වුණු උදයකාන්තත් විතරයි.

අනෙක් අය ඉවත් කළා. ඉතාම ලස්සනට රූගත කළා. ඒ චරිතයට මම බොහොම ආධ්‍යාත්මිකවත් බැඳිලා හිටියේ. අවට ඉන්නේ කවුද කියලාවත් මට මතක නෑ. ඇත්තටම රොමැන්ටික්. ඒ වගේ චිත්‍රපට ඉවර කරලා ගෙදර යද්දි අඬන තත්ත්වයට පත් වෙනවා. අධ්‍යක්ෂවරයා තුන්පාරක් කට් කියලාත් මට නම් ඇහුණේ නෑ. සුමාන දෙකක්වත් යනකල් මට නම් අමතක වෙන්නේ නෑ, ඒ නිසයි මං කිව්වේ ඒවා බොහොම භයානක දර්ශන. ආත්මීයව ඒවාට බැඳෙනවා.
___________________________________________________

ඒ කාලයේ ඊට වඩා හොඳට දෙතොල් හාදු දෙන්න තිබුණා. දැන් දුකා..යි - ගීතා කුමාරසිංහ
චිත්‍රපටයක කොච්චර ඒ වගේ සුන්දර ජවනිකා තියෙනවද? චරිතයට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒවා අපිට කරන්න වෙනවා. මට තියෙන දුක මට එහෙම අභියෝග ආවේ නෑ.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ ලොකු දුව චිත්‍රපටයේ දෙතොල් සිපගන්නවා වගේ හැඟීමක් දෙන දර්ශනයක් තිබුණා. ජැක්සනුයි මමයි තමයි ඒක කළේ. මූණ හුඟාක් ළං වෙනවා වගේ පෙන්වනවා. එතකොටම අනිත් පැත්තට කැමරාව කැරකෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ මේ දෙදෙනා දෙතොල් සිපගන්නවා කියලා තමයි.

අනිත් චිත්‍රපටවල ලොකුවට එහෙම තිබුණේ නෑ. එහෙම හැඟීමක් මිනිස්සුන්ට දෙනවා. දෙයියම්පල්ලා ඇත්තට නම් ඒ වගේ සීන් එකක් කරලා නෑ. අපේ චිත්‍රපටවල ඒවා පෙන්නුවෙත් නෑනේ. පෙන්නුවත් ඔළුවට හරි කවර් කරලා තමයි පෙන්වන්නේ. ලිංගික දර්ශනයක් නම් කකුල් දෙක විතරයි පෙන්නන්නෙ. ගොඩක් ඒවා හරිම සංයමයෙන් කළේ. අපිටත් වඩා අධ්‍යක්ෂවරු තමයි සංයමයට පත් වෙන්නේ. මට මීට වඩා හොඳ සිපගැනීමේ දර්ශනයක් කරන්න තිබුණා. එහෙම දෙයක් කරන්න නොලැබීම ගැන අද මම කනගාටු වෙනවා. ඒවා හැංගීමේ අවශ්‍යතාවක් නෑ. මොකද රංගනයේදී කාටවත් බොරු සදාචාරයක් ඉස්සරහට දාලා පැනලා යන්න බෑ.

ඇත්තටම මට මීට වඩා කරන්න තිබුණා. කොටින්ම පෙම්බර මධූ එකේ දර්ශනයක් තියෙනවා නිරුවත් යුවළක් අෑතට දුවගෙන යනවා. ඒකෙදි මං වෙනුවට දිව්වේ කොල්ලෙක්. ඒ වගේ හරි සංයමයකින් කළේ. එවැනි දර්ශනයක් ඇතුළත්වීම බොහොම සුන්දර දෙයක්. වල් දෙයක්වත් වනචර දෙයක්වත් නොවෙයි. චිත්‍රපටයක දෙදෙනකුගේ ආදරය ප්‍රකාශ කර ගැනීමට එවැනි දෙයක් යොදා ගැනීමේ වැරැද්දක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. සිප ගැනීම කියන්නේ ලොකු කුණුහරුපයක් නොවෙයි. චිත්‍රපට බලන්න එන්නේ ඒවා ගැන දන්නේ නැති අය නෙවෙයිනේ.

සනත් එක්කත් එවැනි මූණ සමීපව ළං වෙලා ඉන්න දර්ශන තිබුණා. සනත් කියනවා නම් මම තමයි එවැනි දර්ශනයකට හොඳම කෙනා කියලා. මට සනත්ට කියන්න තියෙන්නේ අපරාදේ සනත් අපි දෙන්නට මීට වඩා හොඳ දර්ශනයක් කරන්න තිබුණා.
___________________________________________________
ඉහත සඳහන් නළු නිළියන් විසින් තම අත්දැකීම් වලින් විස්තර කර ඇති එම දෙතොල් හාදු වල වීඩියෝ පහතින්.

සංගීතා හා රන්ජන්ගේ දෙතොල් හාදුව


සනත් ගුණතිලක හා ගීතා කුමාරසිංහගේ දෙතොල් හාදුව


යුරෙනි නොෂිකා නිනෝට දුන් දෙතොල් හාදුව


අර්ජුන් කමලනාත් නිලූෂිට දුන් දෙතොල් හාදුව

 

Josh_0x0

Member
Aug 14, 2014
182
5
0
monawa wunath sangeethagei,ranjan gei eke amuthu romantic gathiyak thiyenawa.anith ewa nan thanikara wala wage thamai.