LNG ගෑස්_බලාගාරය ජපානයෙන්
ස්වාභාවික ද්‍රව වායු හෙවත් LNG ගෑස් බලාගාරය ස්ථාපිත කිරීම සඳහා ජපාන රජයේ පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා මගී ප්‍රවාහන කළමණාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවෙමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වරින්වර බලපාන විදුලි අර්බුදයට ස්ථිරසාර විසදුමක් ලබාදීම සඳහා ක්‍රියාත්මක කළ හැකි දිර්ඝකාලීන විසඳුම වන්නේ ස්වාභාවික ද්‍රව වායු හෙවත් LNG ගෑස් බලාගාරය ස්ථාපිත කිරීම වුවත් 2016 වසරේ සිටම එම බලාගාර ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් වරින්වර ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දෙන අතරම, විදුලි බිල ඉහළ යාම මෙන්ම විදුලිබල මණ්ඩලය අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත්වීමද සිදුවිය.
කෙරවලපිටිය පළමු ස්වාභාවික ද්‍රව වායු හෙවත් LNG ගෑස් බලාගාරය ස්ථාපිත කිරීම ප්‍රමාද වූ අතරම 2022 වැඩ අවසන් කළ යුතුව තිබෙන එකී LNG ගෑස් බලාගාරය ආරම්භ කිරීමද මේ වන විටත් ප්‍රමාදව ඇතැයි ප්‍රකාශ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හැකි ඉක්මණින් එම බලාගාරය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා වත්මන් රජය වශයෙන් මෙන්ම විෂයභාර අමාත්‍යවරයා වශයෙන්ද තමන්ට ගත හැකි සියළුම ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.
ඊයේ(09) දින පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා, පළමු ලේකම් Chaihara Hoshiai, දෙවන ලේකම් Kenichi Kakeya යන මහත්ම මහත්මීහු අමාත්‍යවරයා හමුවී LNG ගෑස් බලාගාරය ස්ථාපිත කිරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
රජයකින් රජයකට ප්‍රතිපත්තිය යටතේ මෙම බලාගාරය ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ ආරම්භ කිරීමට අපේක්ෂිත අතර, 2022 එහි සමස්ත ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.
එමෙන්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා 2016 දී G7 සමුළුවේදී ජපානයට ඉදිරිපත් කළ අදහසක් අනුව LRT හෙවත් Light Raillway Transist දුම්රිය පද්ධතියක්, කොළඹ පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදීමට දැනටමත් ජපාන රජය විසින් තීරණය කර ඇතැයිද ජපාන තානාපතිවරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ජපාන රජය සෑම විටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිත්‍ර සම්බන්ධතා මත කටයුතු කිරීම පිළිබඳව තම කෘතඥතාවය පළ කරන බවද පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව විවිධ ආපදාවන්ට ලක්වූ සෑම අවස්ථාවකම පළමුවෙන්ම උදව් කිරීමට ඉදිරිපත් වූයේ ජපාන රජය බවද සඳහන් කළේය.
එම නිසා විදුලි අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදීමටත්, කොළඹ වාහන තදබදය තුරන් කරලීමටත් ක්‍රියාත්මක කිරීමට යෝජිත විසඳුම් සඳහා සහය දක්වන ලෙස ඉල්ලීමක් කළේය.
Ada derana