මම මාස කිහිපයකට කලින් එලකිරි එකට ඉතාලියෙ පාතාල ගැන පොඩි ඉගියක් දුන්නා.
මෙන්න මගෙ ලිපිය
මෙ ලගදි දිවයිනෙ ඒ ගැන සම්පූර්ණ ලිපියක්ම ගිහින්.
මෙන්න ඒ ලිපිය. හැබැයි මේක ලියපු එක්කෙන ගොඩක් තරහෙන් ලියලා තියෙන්නෙ. එහෙම කියන්නෙ මේකෙ තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඒක හින්දයි.
ඇත්ත හැබැයි ඉතින් කියන්න බෑ. එක එක හේතු හින්දා.
කෝකටත් මේ ලිපිය බලන්න. මේක මම ලියපු එකක් නම් නෙමේ.
මෙකෙ තියෙන කරුණු මම edit කරන්න ගියෙත් නෑ.
හැබැයි මේ ලේඛකයා මේ ලියපු දේ හින්දා මෙහෙ නැති ප්‍රශ්න ඇති වෙන්නයි යන්නෙ.
අර මම කලින් ලිව්ව ලිපිය ගැනැත් දෙයක් කියන්න ඕනෙ.
ඒකෙ මම කිව්වනෙ රත්ගම විදුර තාම ඉන්නවා , හැබැයි විදේශ ගතව කියලා.
ඒක වැරදි , මේ පාර ලංකාවට ගියාම තමයි ඇත්ත දැනගත්තෙ.
එයාගෙ ලගම කෙනෙක් කීවා
" නෑ මල්ලි , එයා තාම මේ ලංකාවෙ ඉන්නවා කියලා "
මෙන්න මගෙ ලිපිය
මෙ ලගදි දිවයිනෙ ඒ ගැන සම්පූර්ණ ලිපියක්ම ගිහින්.
මෙන්න ඒ ලිපිය. හැබැයි මේක ලියපු එක්කෙන ගොඩක් තරහෙන් ලියලා තියෙන්නෙ. එහෙම කියන්නෙ මේකෙ තියෙන හැමදේම ඇත්ත නෙමෙයි. ඒක හින්දයි.
ඇත්ත හැබැයි ඉතින් කියන්න බෑ. එක එක හේතු හින්දා.
කෝකටත් මේ ලිපිය බලන්න. මේක මම ලියපු එකක් නම් නෙමේ.
මෙකෙ තියෙන කරුණු මම edit කරන්න ගියෙත් නෑ.
හැබැයි මේ ලේඛකයා මේ ලියපු දේ හින්දා මෙහෙ නැති ප්‍රශ්න ඇති වෙන්නයි යන්නෙ.
මියයායුතු උන් ජීවත් වීම පුදුමාකාර අවාසනාවකි. එබඳු කාලකණ්නි අත්දැකීමක් කිසිම සමාජයක් විසින් ප්‍රාර්ථනා කරන්නේ නැත. ජීවත් වීම ස`දහා මිනී මරණ ගමන්ම කුඩු විකුණන, "ආතල් ගන්නට" අසරණ ගෑනුන් දූෂණය කරන, පොකැට් මනී සොයා ගන්නට කප්පම් හෝ කොල්ලකෑම් කරන පාදඩයින් පිළිබ`ද සමාජ විද්‍යාත්මක හෝ අපරාධ විද්‍යාත්මක දෘෂ්ටියෙන් විවරණය වන ප්‍රභූ අර්ථ කථන තිබෙන්නට පුළුවන. එහෙත් ඇත්තනම් එවැනි අපභ්‍රංශ හුඟ ශාස්ත්‍රීය පර්යේෂණවලට විනා ප්‍රායෝගික ජිවිතය විවරණය කරගැනීමට වලංගු නොවීමය.
මිනී මරමින්, අසරණ ගැහැණුන් දූෂණය කරමින්, මහා පරිමාණ කුඩු ජාවාරම් කරමින්, කප්පම් ගනිමින්, කොල්ල කමින් මේ රටේ ජන ජීවිතය විකල් කළ කාලකන්ණි අපරාධකාරයින් කීපදෙනෙක් මේ රටින් ඉතාලියට පැන ස්වකීය ති§රිසන් ම්ලේච්ඡත්වය එහි ජීවත් වන ලාංකිකයන් මතද මේ මොහොත වනවිට මුදාහරිමින් හිඳිති. ඉතාලියේ වෙසෙනා ශ්‍රී ලාංකිකයින් පවසන ආකාරයට මේ ම්ලේච්ඡ පෙළා දැමීම උක්ත පාතාල මිනීමරුවන් විසින් සිදු කරන්නේ ඉතාලියේ පවත්නා ලිහිල් නීතිරීතී අතරින් රිංගා යන අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි සිටිනා සමහර ඉහළ නිලධාරීන් හා කමින් බොමින් ඔවුන්ව සමීපව ඇසුරු කර ලබාගත් බලයද සහිතවය.
ඉතාලි පොලීසිය ලංකාවේ අපරාධකාරයන් ගැන නොදැනීම පිළිගත හැකිය. එහෙත් අපේ තානාපති නිලධාරීන් ඇසුරු කරමින් සිටින්නේ ඉතාලියට පැමිණ අහම්බෙන් "ගේම් වලට සෙට් වූ" නන්නාඳුනන පුද්ගලයින් නොවන බව අරුමයකි. ඔවුන් මෙසේ "එකගෙයි කන්නේ " නම කී පමණින් ලංකාවේ වැඩි දෙනෙක් හඳුනන දැනට පාතාලයේ ඉතිරිවී සිටිනා කාලකණ්නින් කීපදෙනෙක් සමගය. නියර ගොයම් කනවිට ඒ කටයුත්ත රක්ෂා කරමින් ඇත්තේ දඬුවැටය. මෙවැනි පරිසරයකදී කරන්නට දෙයක් නැති ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ගෙවීයන ශීත කාලය නිමා වූ වහාම මේ අමානුෂික පාතාලයට එරෙහිව විථි බැසීමට සූදානමින් සිටිති. තානාපති කාර්යාලයේ සමහර නිලධාරීන්ව සාක්කුවල දමාගෙන උන් විසින් කරනු ලබන හිරිකිත ගනුදෙනු පිළිබඳ ලංකාවේ ජනාධිපතිවරයාව දැනුවත් කරනා පෙත්සමක් සඳහා මේ වනවිට ඔවුහු අත්සන් කරමින් සිටිති. ඔවුන් විසින් පවසනු ලබනා මේ කතාව අප විසින් සටහන් කරනු ලබන්නේ නුදුරේදී මතුවීමට නියමිත ඒ ජන විරෝධයට පෙරය.
ඉතාලිය තුළ පාතාලයේ දහජරාකම් වඩාත් සංවිධානත්මකවත්, පුළුල් ලෙසත් මෑත කාලයේදී කැපී පෙනෙන ලෙස වැඩිවී තිබිණි. ඒ මිනීමැරුම් කොල්ලකෑම් ගණනාවකට වැරදිකරුවූ කොස්ගොඩ නදුන්, ඕල්කට් නම් නමගිය අපරාධකාරයාගේ පිටුපස සිට කුඩු ජාවාරම මෙහෙයවූ, ඕල්කට්ගේ බුද්ධි ඒකකය ලෙස කටයුතු කළ බව කියන ඔහුගේ මාමා කෙනෙක්වූ බෝපගේ ප්‍රදීප්, මිනීමරුවන් සේ හංවඩු ගැසී ඇති කෙහෙල්වත්තේ කොටකුමාර සහ මැගා අජිත් ලෙස හ`ඳුනාගෙන සිටිනා අපරාධකාරයින් පිරිසක් අධිකරණයට වසන් වී ලංකාවේ සිට ඉතාලියට පැන ආ පසුය.
අපරාධකරුවන්ගේ පැටිකිරිය
කොස්ගොඩ නදුන් මිනීමැරුම් විස්සකට අධික ප්‍රමාණයක් කළ බවට පොලීසිය විසින් තොරතුරු සොයාගෙන ඇති කාලකණ්ණියෙකි. නදුන් ධර්මවික්‍රම නම් වූ මේ අපරාධකරු මුලින්ම පොලීසියට කොටුවන්නේ වර්ෂ 1997 දීය. එවිට ඔහු විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. වර්තමානයේ පොලිස් අධිකාරීවරයෙක් ලෙස කටයුතු කරනා ප්‍රියන්ත ජයකොඩි විසින් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඒ වනවිට මඩකලපුවේ සේවය කරමින් සිටි නදුන් පාතාලයේ ප්රබලයන්ට අවි ආයුධ හා බෝම්බ සැපයීමේ ජාවාරමක් හෙළිවීමෙනි. පසුකලෙක සම්බා, ආමි මල්ලි ඇතුළු අපරාධකාරයින් නිර්මාණය කරගෙන දකුණේ පාතාලයේ බලය පැතිරවීමට නදුන් කටයුතු කළේය.
නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් නමැති මිනීමරුවා ඉතාලියට පැනගන්නේ තමුන්ගේ පණ බේරාගන්නටය. පාතාලයේ මොළකරුවෙක් ලෙස හ`ඳුනාගෙන ඇති ඕල්කට්ගේ මාමා වන බෝපෙහෙට්ටිආරච්චිගේ ප්‍රදීප් මේ වනවිට සිටියේ ඉතාලියේ ය.
බෝපෙ හෙට්ටිආරච්චිගේ ප්‍රදීප් ඕල්කට්ගේ බොහෝ අපරාධ පසුපස සිටි අයෙක් ලෙස පොලීසිය විසින් හ`ඳුනාගෙන තිබිණි. ටවුන්හෝල් ප්‍රදේශයේ සුප්‍රකට ව්‍යාපාරයකට සම්බන්ධ කෝටිපති කාන්තාවකගේ අනියම් සැමියා ලෙස සිටි එම ව්‍යාපාරයේ ආරක්ෂක අංශය භාරව උන් හිටපු හමුදා ලෙµaaටින්ට් වරයෙක් හා තවත් පුද්ගලයෙක් කොටිකාවත්ත ඉන්ධන පිරවුම්හලක් අසලදී ඝාතනය කිරීමට සැකපිට මල්පුර ශාන්ත නමැත්තාගේ නිවසේදී කොළොන්නාව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනුණි. කුඩු ජාවාරම ඇතුළු සමාජවිරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ ප්‍රදීප් එරෙහි නඩුවක් මේ වනවිටත් මහාධිකරණයේ විභාගවෙමින් තිබේ.
ඉතාලියේ ලාංකික පාතාලය
ඉතාලියේ මෙම පාතාලය නිර්මාණය වන්නේ සැබෑ ලෙසම බෝපෙහෙට්ටිආරච්චිගේ ප්‍රදීප් ඒ රටට පැන ආ වකවානුවේ සිටය. ඔහුට පසුව පැමිණෙන නදුන්ද ඔවුන්ට එක් වී සිටින මැගා අර්ත් හා කොටකුමාර ද සමග තවත් පිරිසක් ඉතාලියේදී එක්වී තිබිණි. ඉතාලියේ නන්ත්තාර වී සිටි ලක්මාල්, චීනා, පොට්ට රොෂාන්, බත්තරමුල්ලේ නිලක්ෂ, චුලා ලෙස හ`ඳුනාගෙන සිටිනා තුට්ටුදෙකේ රස්තියාදුකාරයන් හා ගංජා හෝ කුඩු වලට ඇබ්බැහිවූ තවත් එබ`දුම හාල්පාරුවන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තමුන් වටා එකතු කරගන්නට ප්‍රදීප් සමත් වූයේය.
ඒ සමගම ලංකාවේ සිටිනා අපරාධකාරයින් හා සම්බන්ධවී ඉතාලියේ සිට යම් අපරාධ මෙහෙයවීමේ ජාලයක් ද මේ කණ්ඩායම විසින් නිර්මාණය කරගෙන තිබිණි. ඒ ජාලය හරහා ප්‍රධාන වශයෙන් කප්පම් ගැනීමේ කටයුතු සිදුවූයේය. කප්පම් නොදෙන උන්ට දෙන ප්‍රධානම ද`ඩුවම බලාපොරොත්තු රහිත මොහොතක ලැබෙනා පිහි පාරය. සමහරුන්ගේ ලංකාවේ නිවෙස් ගිනිබත් වී යැමය. නොඑසේනම් ලංකාවේ ඥාතීන්ට නා`ඳුනන තුවක්කුකරුවන්ගෙන් වෙඩිකන්නට සිද්ධවීමය. අනෙක් කාලකණ්ණිම කතාව වන්නේ මේ වනවිට මිලානෝ ආශ්‍රිතව කුඩු විකිණීමේ ව්‍යාපාර වලටද මේ අපරාධකාරයින් හවුල් වීමය. ඔවුන් මේ ජාවාරම වැඩිපුරම කරනු ලබන්නෙ කාර්ලෝපර්නි ප්රදේශයේය.
පාතාලයේ අපරාධ
චිගේරා නමැත්තෙකුගේ ඉල්ලීමක් පිට ප්‍රදීප් ද ඔහුගේ බිරිඳ වන සුරංගි නමැත්තියද ඉතාලියට ගෙන්වන්නේ ඉතාලි ජාතිකයෙක් විසිනි. ඔවුන් ඉතාලියට පැමිණෙන්නේ රැකියාවක් කර කිසිවෙකුට කරදරයක් නැතිව ජීවත් විය හැකි පසුබිමක් සහිතවය. මේ පිරිසට නවාතැන් ලැබෙන්නේ මිලානෝහි ඉසාගෝ ප්‍රදේශයේ රංග නමැති සිංහල තරුණයාගේ නිවසේය. මුලින්ම ප්‍රදීප් නමැත්තා කරනු ලැබ තිබුණේ රංගගේ පවුල් ජීවිතය විනාශකර දැමීමය. ඉන් අනතුරුව ඔහු නිවසින් පලවාහැර නිවස අත්පත් කරගැනීමය. ප්‍රදීප් මුලින්ම තම ස්වරූපය ප්‍රකාශයට පත්කරන්නේ ඒ ලෙසය. තවමත් එම නිවස පවතින්නේ රංගගේ නමිනි. ඉන්නට හිටින්නට තැනක් නොලැබ පාරට වැටෙන රංගට ගෙවල්කුලී පමණක් නොව, තම නමින් ඇති නිවසේ විදුලි බිල ගෑස් බිල පවා ගෙවන්නට සිදුවී ඇති අයුරු පිළිබ`ද ඉතාලියෙන් වාර්තා වේ.
කොස්ගම නදුන්ද දැන් ජීවත් වන්නේ නිවසේ හිමිකරු පන්නා බලහත්කාරයෙන් අත්පත් කරගත් නිවසකය. වියාපාදුවා වල පිහිටි එම නිවස අයත්ව තිබුණේ ගම්පහ බෝලා ලෙස ඉතාලියේදී හ`ඳුන්වනු ලබන පුද්ගලයෙකුටය. ඔහු දැන් මහමගට වැටී සිටී. එමෙන්ම මේ පාතාලයන් කොමසිනා ප්‍රදේශයේ ජීවත්වන අජිත් නමැත්තාට හිමි නිවසද බලහත්කාරයෙන් අත් කරගැනීමට කටයුතු කරමින් ඇති අයුරු ඉතාලියේ වෙසෙනා ශ්‍රී ලාංකිකයන් විසින් පැමිණිලිකර සිටී.
ඉතාලියේ මිලානෝ අවට සිංහල පන්සල් දෙකක් තිබිණි. එහි එක් පන්සලක් වූයේ ලංකාරාමය ය. ඉතාලිවාසී බෞද්ධයන්ගේ ආගමික ජීවිතය යථාවත් කළ මෙම පන්සල ඉතා ආදර්ශමත් ලෙස දියුණු කරගෙන පැමිණි, ප්‍රභූ දායක පිරිසක් සහිත එකක් විනි. තමුන්aගේ සමාජ විරෝධී ක්‍රියාකලාපය ලෝකයට වසන් කරගැනීමට මෙම පාතල කල්ලිය පන්සලේ දායක සභාවේ බලය අත්පත් කරගත්තේය. ඒ සමගම එහි යථා පැවැත්ම මුළුමනින්ම බි`දවැටෙන්නට විය. නායක හාමුදුරුවෝ පන්සල අත්හැර ලංකාවට වැඩියහ. මිනිස්සු පන්සල අත්හැරියහ. දහම් පාසල නැවතිනි. මේ වනවිට එහි වාසය කරනා පොඩි හාමුදුරුවන්ට දානයක්වත් නොලැබෙන මට්ටමට පන්සල ඇදවැටී තිබේ.
මේ අතර දරාගතම නොහැකි අපරාධය කප්පම් ගැනීමය. ඉතාලිය වැනි රටක මුදල් හම්බු කිරීම සරල කටයුත්තක් නොවේ. එහිදී උපයන සෑම ශතයක්ම වටින්නේ ඒ මුදලටත් වඩා වැඩි කැපකිරීමක් ඒ ස`දහා කළයුතු වීමත් ජීවත් වීමේ වියදමේ ප්‍රමාණයත් සලකා බලන විටය. එබඳු වටපිටාවක හම්බු කරනා මුදල කප්පමක් සේ දෙන්නට සිදුවීම මරණය තරම්ම වන වේදනාවකි. ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ මේ වනවිට ඕනෑවටත් වඩා වැඩියෙන් ඒ වේදනාව වි`ඳිමින් හි`ඳිති. මෙසේ කප්පම් ගෙවනා සිද්ධි දිනපතා වාර්තා වෙමින් ඇත.
ලංකාවෙන් පැමිණ ඉතාලියේ සාර්ථකවූ ව්‍යාපාරිකයන් පනහකට ආසන්න ප්‍රමාණයක් මිලානෝ අවට වෙසෙති. මින් එක් ව්‍යාපාරිකයෙක් සේවකයින් විස්සක් පමණ සහිතව ඉතා සාර්ථකව තම ව්‍යාපාරය කරගෙන යමින් සිටියේය. මේ ව්‍යාපාරයේ ලාභයෙන් අඩක් ලබාගැනීමට මේ පාතාල කරුවන් කළ උත්සාහයක් ප්‍රතිඵල ලෙස දැන් ඒ ව්‍යාපාරය විනාශවෙමින් තිබේ. පිරිසිදු කිරීමේ සේවයක් හා ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යන ඉතාලියේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගෙන් පසුගිය දා මුන් යුරෝ දසදහසක කප්පමක් ගත්තේය. යුරෝ දස දහසක් යනු රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලකි. දැන් මේ ව්‍යාපාරය පවත්වාගෙන යැමට නම් දිගින් දිගටම කප්පම් ගෙවියයුතු මට්ටමකට මේ ව්‍යාපාරිකයා පත්වී සිටී.
ඉතාලියේ කාලයක සිට ජීවත්වන වත්පොහොසත්කම් සහිත ලාංකිකයෙක් ජීවිතය බේරාගැනීම ස`දහා යුරෝ තුන්දහසක කප්පමක් ගෙවූ ආකාරය පිළිබ`ද වාර්තාවිය. මෙම තැනැත්තාගේ සොහොයුරා කොළඹ නගරසභාවේ සිටි උසස් නිලධාරියෙකි. එදිනෙදා විවිධ පුද්ගලයින්ගෙන් ලබාගන්නා කප්පම් ගැන කියෑවෙනා කතා කොතෙකුත් වේ. ඉතාලියේ සිට ලංකාවට පැමිණි චන්දන නැමැත්තෙක් මේ කප්පම් කල්ලියේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කණ්ඩායමක් විසින් පැහැරගන්නා ලදුව ජීවිතය බේරාගෙන යළි ඉතාලියට පැමිණ තිබුණේ රුපියල් ලක්ෂ පහක කප්පමක් ගෙවීමෙනි. ඉතාලියේ ජීවත්වෙමින් සිටිනා එක් කාන්තාවකට හිමිව තිබූ කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක් ගිනි තබා විනාශ කෙරුණේa මේ කප්පම් කල්ලියේ මෙහෙයවීම මත බව පැවසිනි. ඉතාලියේ වෙසෙනා අයෙකුගේ දික්කසාද ආරවුලකට මැදිහත් වූ මේ කණ්ඩායම දැන් එම දේපලවලින් කොටසක් ඉල්ලමින් බලපෑම් කරනා ආකාරය ගැන වාර්තා වේ.
එමෙන්ම කප්පම් නොදුන් සිංහල ව්‍යාපාරික සොහොයුරන් දෙදෙනෙක් මුන්ගේ පිහි ඇනුමට ලක්වූහ. පසුගිය දෙසැම්බර් 31 දා එබ`දුම ප්‍රතික්ෂේප වීමක් නිසා පානදුරේ අනිල් නමැත්තෙකුට මේ කප්පම් කල්ලිය පහර දුන්නේය.
රට තුළ අපරාධ රැල්aලක් පැවතීම හෝ එය නවත්වාගත නොහැකි වීම රටේ ප්රශ්නයකි. එහෙත් රටින් පැනයන අපරාධකාරයින් වෙනත් රටවලට ගොස් ඒ රටවල ජන ජීවිතත් අවුල් කරන්නේ නම් ඉන් කියෑවෙන්නේ නුදුරේම ඉතාලියෙන් ලැබෙමින් පවතිනා රැකියා අවස්ථා තබා අපේ මනුස්සයෙකු එවැනි රටක හතර මායිමට වැද්ද නොගන්නා ආකාරයේ ප්‍රතිචාරයක් අප විසින් අපේක්ෂා කළයුතු බවය. දුක හිතෙන කතාව වන්නේ මේ පසුබිම වර්ධනය වන්නේ ලංකාවේ තානාපති අංශවල හුරතලයත් සමග වීමය. මේ රටේ අවාසනාව එයය.
by Jaliya Weerakkodi
අර මම කලින් ලිව්ව ලිපිය ගැනැත් දෙයක් කියන්න ඕනෙ.
ඒකෙ මම කිව්වනෙ රත්ගම විදුර තාම ඉන්නවා , හැබැයි විදේශ ගතව කියලා.
ඒක වැරදි , මේ පාර ලංකාවට ගියාම තමයි ඇත්ත දැනගත්තෙ.
එයාගෙ ලගම කෙනෙක් කීවා
" නෑ මල්ලි , එයා තාම මේ ලංකාවෙ ඉන්නවා කියලා "







