lottery එකක් ඇදුනොත් ?

Despacito

Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    කෝටි දෙකක් forex වලට දානවා .
    ඉතුරු කොටි 3 අරන් ලංකාවෙන් යනවා
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කෝටි 5ම දීල තට්ටු 2 කඩයක් ගන්නවා. යට තට්ටුව බදු දෙනවා. එකෙන් ලුනුයි බතුයි හරි කාල ජීවත් වෙනවා. උඩ මන් කඩයක් දාගන්නවා. එකට ලස්සන කෙල්ලෙක් වැඩට අරන් ඇද ඇද ආතල් එකේ ඉන්නවා. :love2:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපි කිවොත් tv එකේ දාන්න එපා කියලා එයාලා දාන් නැහැ
    හැබයි සල්ලි වලට හරි එකෙක් අරන් ඇවිත් චෙක් එක ගන්නවා පෙන්නවා tv එකේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොටි 5ක් කියන්නෙත් ගානක්ද බන්. ඕකෙන් පොඩි ඉඩම් කෑල්ලක් අරන් තියාගනින් කොළඹ අවටින්. ඒකේ මොකුත් කරන්න්න යන්න එපා. ඊට පස්සේ කවුරු හරි/කම්පැනියකින් හරි ඉල්ලගෙන ආවොත් වැඩි ගානකට විකුනපන්,ආයෙත් වෙන ඉඩමක් ගනින්
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් නම් mask එකක් දාගෙන යන නිසා බේරෙන්න පුළුවන්. ඒත් name ඒකන් හොයන්න පුළුවන් නෙ.?
    හොඳම දේ මාස 6ක් valid නිසා prize එක මාස 5කින් විතර ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට ටිකක් අමතකයි. ඒත් website, facebook දානවා නේ බං.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    කොටි 5ක් කියන්නෙත් ගානක්ද බන්. ඕකෙන් පොඩි ඉඩම් කෑල්ලක් අරන් තියාගනින් කොළඹ අවටින්. ඒකේ මොකුත් කරන්න්න යන්න එපා. ඊට පස්සේ කවුරු හරි/කම්පැනියකින් හරි ඉල්ලගෙන ආවොත් වැඩි ගානකට විකුනපන්,ආයෙත් වෙන ඉඩමක් ගනින්
    උබට කෝටි පහක් කියන්නේ ගානක් නෙමේද ? හරි බන් එල
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබට කෝටි පහක් කියන්නේ ගානක් නෙමේද ? හරි බන් එල
    කෝටී 5 කියන්නෙ ගානක් තමයි. ඒත් උබට කෝටී 5ක් ඇදුනොත් ඒ සතුට වැඩි කමටම මුලින්ම උබ වාහනයක් ගනියි කොටී 1-2ක් විතර වියදම් කරලා. ඊට පස්සේ ගෙවල් හදයි, පාටි දායි, ට්‍රිප් යයි, පිටරට ටුවර් යයි. අන්තිමට කෝටී 5 ඉවර වෙද්දි තමයි වැඩේ තේරෙන්නෙ. මම ඒකයි කිව්වේ උබට කෝටි 5 කියන්නෙ මහ ගාණක් නෙමෙයි.මට නම් කෝටි 5ක් ඇදුනොත් මුලින්ම කරන්නේ ඉඩම් ටිකක් අරන් දාන එක. නැත්නම් සල්ලි ටීක නිකරුනේ නාස්ති වෙනවා.

    උබට පොඩි උදාහරණයක් දෙන්නම්. මැණික් පතල් කරන උන් එක පතලක් හාරපු ගමන් කෝටී ගාණක මැනික් හොයා ගන්නවා. ඒ මදිවට කට්ටා කෑලි මුදු හදන අයට විකුනලා තවත් ගාණක් හොයනවා. ඒත් බන් ගොඩක් උන් තාමත් දුප්පත්. ඒ මිනිස්සුත් සීමාවක් නැතුව කාලා බීලා සල්ලි නාස්ති කරනවා. බොහොම ටීක දෙනයි මේවගෙන් ගොඩ යන්නෙ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කවුරුත් දැනගන්නෙ නැතිව ගන්න අමාරුයි. දන්න විදියට ටිකට් එක විකුණපු අළෙවි නියෝජිතයාටත් තෑග්ගක් හම්බවෙනවා. එතකොට මිනිහා දැනගන්නවා කාටද දිනුම ඇදුනෙ කියලා. අපේ පැත්තෙ ලක්ෂ ගණන් වල ඉඳලා කෝටි ගණන් වෙනකම් ටිකට් ඇඳුනු හැමෝ ම ගැන පළාතම දැනගත්තා ටික කාලයක් යද්දි.
    කෝටි ගානක් වැටුනොත් ඒකෙන් ලක්ෂයක් දෙකක් වියදම් කරලා පාටි දාලා සල්ලි නාස්ති කරා වගේ පෙන්නුවනම් හරි. අපේ පැත්තෙ කෝටි හතරක් විතර වැටුනු මිනිහෙක් එහෙම වැඩක් කළා. පාටි දාලා සල්ලි නාස්ති කරලා ඈත පැත්තකින් ඉඩමක් අරන් ගමෙන් ගියා. ඇත්තටම සල්ලි ටික ඉවර කරගත්තද නැද්ද දන්නෙ මිනිහා විතරයි.
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    idam aran dana eka risky nadda bn? koti nm ithin wahanayak aran geyak hadagattama iwarai wage. mulinma karana de job eken as wena eka :D