Love කතාවක් : අයියෙ මගෙ මගුල් ගෙදරට එනවද ?

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Love කතාවක් : අයියෙ මගෙ මගුල් ගෙදරට එනවද ?

    ඔන්න මචන්ලා 11 වසරෙ කොල්ලෙක් යාළු උනාලු 8 වසරෙ කෙල්ලෙක් එක්ක. කෙල්ලත් හෙනම ලස්සනයිලු. දෙන්නගෙම කුළුදුල් ප්‍රේම පුරාණය තමයි මේ.

    :love: ඉතින් මේ Love එකත් නැගලම යනවලු.:love: ඔහොම ඉතින් මාස 4,5ක් ගෙවිල ගියා. එක පාරම මේ කෙල්ල දවස් 3ක්ම එක දිගට ඉස්කෝලෙ ආවෙ නැතිලු. අඩු ගානෙ Call එකක් වත් නැහැලු.

    අපේ කොල්ලටත් දැන් හෙනම අවුල. ඇයි යකෝ මේ හොදට උන්න කෙල්ලට එක පාරට මක් උනාද කියල. මූත් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලාගත්තු අත බලාන ඉන්නවලු.

    ඔන්න ඉතින් 3වෙනි දවසෙ හවස කොල්ලට Call 1ක් එනවලු කෙල්ලගෙ ගෙදර නොම්බරෙන්. මූත් ඉතින් බයෙන් බයෙන් Answer කලා. කෙල්ල තමයි කතා කලේ.

    Girl : අයියෙ මම ඔයාට කතා කරන්න හිටියෙ ගොඩ දවසක ඉදන්. වෙලාවක් හම්බුන් නැහැනේ. ඔයා එනව නේද මගෙ මගුල් ගෙදරට ?

    Boy : මො.. මො.. මොකක්ද නංගි ?

    යකෝ මේ මොන හෙන ගෙඩියක්ද පාත් උනේ. ඉදල ඉදල මේකි කියන කතාවක් ????
    කොල්ලට දැන් හෙනම අවුලලු. ඔලුවට නිකන් තඩි පොල්ලකින් පත බෑව වගේලු.

    Boy : ඇයි නංගි ඹයා මට මෙහෙම කලේ. මම ඔයාට කොච්චර ආදරේ කලාද ? ඇයි එහෙනම් ඔයා මාත් එක්ක යාළු උනේ....... ඔයා කොහොමද නංගි මාව අමතක කරල වෙන කෙනෙක්ව කසාද බදින්නේ.......????

    Girl : නැහැ නැහැ මෝඩයො...., මම ඇහුවෙ මගෙ Big Girl පාටියට ඔයා එනවද කියල ????

    කෙල්ල තේරෙන සිංහලෙන්ම ඇහුවලු.................. :lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඊයා ... ඌ ගහෙන් වැටෙන්න කලින්ම යාලු වෙලාද ? මම නම් ගහෙන් වැටෙනකම් බලං ඉදලා ඇහුවේ :D
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඊයා ... ඌ ගහෙන් වැටෙන්න කලින්ම යාලු වෙලාද ? මම නම් ගහෙන් වැටෙනකම් බලං ඉදලා ඇහුවේ :D

    :love::love:උබත් සිරා ඩයල් එකක්නේ......... :D:D:D
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඊයා ... ඌ ගහෙන් වැටෙන්න කලින්ම යාලු වෙලාද ? මම නම් ගහෙන් වැටෙනකම් බලං ඉදලා ඇහුවේ :D

    ග‍හෙන් වැටුන එකාට ‍ගොනා අනිනව කියන්නෙ ඔන්න ඕකට තමයි:rofl:
     
    • Like
    Reactions: smaldeniya