Lust Stories (2018) සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රා

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Lust Stories (2018) සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රා

    image.png


    මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. ආරංචි හැටියට නිර්මාණ 6 ක් වෙනුවෙන් දැනටම මුදල් සම්මාදම් වෙලා අවසානයි මේ අතරේ බොහොම ජනප්‍රිය වේවි කියලා හිතන්න හැකි නිර්මාණයක් බොහොම ලගදී එන්න තියන බවත් පොඩි ඉගියක් දෙන්න ඕන… 🤨🤨 ඉතින් මේ මුල් පිම්ම සාර්ථක ද? කවුද මේ සාර්ථකත්වය එක්ක ඉන්න පිරිස කියලා පොඩ්ඩක් කතා කරලමු ඉම්මු…

    මතකද දන්නේ නැහැ ඈත කාලෙක අපේ දොස්තර මහත්තයා ඔබ වෙත අරගෙන ආවා Bombay Talkies කියල නිර්මාණයක් මේ ඔවුන්ට අනුව නම් එහි දෙවැන්න නමුත් කතා වලවත්, නළු නිළියන්ගේවත් කිසිම සම්බන්ධයක් නැහැ නැහැ ඉතින්, මේ දෙක යා වෙන්නේ කතාවේ මාතෘකාවෙන් කියල තමයි සඳහන්… තවත් යා වෙන එක නිර්නායකයක් තියනවා එකක් කිව්වට එකක්මත් නෙමෙයි…. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්ධ වෙන්නේ බොලිවුඩ් සිනමාවේ දැවැන්තයන් සිව්දෙනෙක් අතින් ඔවුන් නමින් Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, සහ Karan Johar ඉතින් තවත් මොනවා කියන්න ද? හින්දි පිස්සෙක් නොවෙන මමත් මේ මිනිස්සු ගැන අහලා තියනවා… ඉතින් මේ උදවියම තමයි කලින් වතාවෙත් අධ්‍යක්ෂණය වෙනුවෙන් දායක වෙලා තියෙන්නේ… මේ නිර්මාණය තුල ඉන්දියානු සමාජයේ ලිංගිකත්වය සහ කාන්තාව කියන කාරණා කතාබහ වෙන චිත්‍රපට හතරක් තියනවා.. එකිනෙකට වෙනස්, වෙනස් පසුතල තුල ඉදගෙන එක එක සමාජ පන්ති සහ තරාතිරම් එක්ක කාන්තාව සහ ඔවුන්ගේ ලිංගික ජීවිතය සිමාවෙන මායිම ගැන කතා කරන මේ නිර්මාණය වෙනුවෙන් තිරයේ අපි දකින පිරිසත් බොහොම ප්‍රසිද්ධයි…

    මුල් කතාව වෙනුවෙන් Anurag Kashyap අධ්‍යක්ෂණයෙන් දායක වෙන අතරේ ඒ වෙනුවෙන් Radhika Apte තමයි ප්‍රධාන චරිතයට පන පොවමින් අපේ සිත් හොරා ගන්නේ. අයගේ කතාව අසම්මත වගේම ටිකක් විනෝදයට බර කතාවක්…. වෘත්තියෙන් ගුරුවරියක් වෙන ඇය තමුන්ගේම පන්තියේ ශිෂ්‍යයෙක් එක්ක ගතකරපු රාත්‍රියක් වටා ගෙතෙන මේ කතාන්දරය තුල පිරිමින්ට පමණයි කිව්ව සිමා බිදගෙන යන හැටි වගේම තමුන්ගේම කියල ආත්මාර්ථකාමී කෝණයකින් ඇය ඔහුව අයිති කරගන්න හදන හැටිත්, ඔහු ලං වෙන මොහොතේ ඔහුව දුරස් කරන හැටිත් දැකගත හැකි වේවි… මේ තමයි පුද්ගලිකවම මම දෙවනියට කැමති කතාව…

    දෙවැනි කතාන්දරය Zoya Akhtar අතින් තමයි නිර්මාණය වෙන්නේ මේ තුල ඔබට දැකගන්නට ලැබෙයි Bhumi Pednekar සහ Neil Bhoopalam ප්‍රධාන චරිත හැටියට. කතාව මෙහෙමයි සුධා මුම්බායි නගරයේ නිවහනක මෙහෙකාරියක් මේ නිසාවෙ තරුණ පුතා එක්ක ඇයගේ සම්බන්ධයක් තියනවා නමුත් පෙනෙන හැටියට ඔහුට එය තවත් එක දෙයක් පමණයි දෙමව්පියන් මේ නිවහනට එන්නේ ඔහුගේ අනාගත සහකාරිය එක්ක ඔහුගේ විවාහය එකලාසයක් කිරීම වෙනුවෙන්… ඉතින් තමුන් ආදරය කරන මිනිසා, තමුන්ගේ පිරිසිදුකම හොරාගත් මිනිසා වෙනත් ගැහැණියෙකුට අයිති වෙන මොහොතක ඇය මේ සියල්ල දෙස බලා ඉන්න හැටි එහෙම වෙන්න හේතු වෙන දේ ගැන කතා වෙන මේ කතාන්දරයත් බොහොම අපූරුයි…

    තෙවැනි කතාව Dibakar Banerjee ගේ අධ්‍යක්ෂණයක් මෙහි නම් ඔබ දකින්නේ වැඩිය අහලා නැති නිලියක් කියන්න පුළුවන් ඇය නමින්… Manisha Koirala (මතකද දන්නේ නැහැ….) ඇයත් එක්ක Jaideep Ahlawat සහ Sanjay Kapoor තමයි රංගනයෙන් දායක වෙන්නේ… රීනා දෙදරු මවක් නමුත් ව්‍යාපාර වෙනුවෙන් අවධානය යොමු කරනා තමුන්ගේ සැමියා එක්ක කලකිරීමෙන් ඉන්න ඇය ඇසුරක් ආරම්භ කරන්නේ ඔහුගේම හොඳම මිතුරා එක්කයි…. කොටින්ම තමුන්ගේ බිරිද ගෙදර නැති බව දැනගත් සල්මාන් ඇමතුමක් අරගෙන පැමිණිලි කරන්නේ ඔහුගේම මිතුරාට ඒ තමුන්ගේ බිරිද ඔහු එක්ක බව නොදැන… ඉතින් ආදරයෙන් එහා ගිය පවුල් ජිවිතයක් ගැන කියවෙන මේ කතාව අමුතුම කතාවක් මොකද මේ තුල ඔබ දකින අවසාන තීරණය ගැන මට නම් තවමත් හරි අවබෝධයක් නැහැ කියන්නට හැකි.

    සිව්වැනි කතාව තමයි මම කැමතිම කොටස… මෙහි අධ්‍යක්ෂණය විශිෂ්ඨ Karan Johar ගෙන්… තිරයේ දකින මුහුණු වෙන්නේ අති සුරූපි Kiara Advani 😍😍 සහ Vicky Kaushal වගේම සරාගී Neha Dhupia. මෙගා පාසල් ගුරුවරියක් බාලිකා පාසලක කුඩා කල ඉදලම උගත් ඇය පිරිමි ඇසුරක් ගැන හාංකවිසියක් නොදන්නා ලැජ්ජාකාර තරුණියක්… කොහොම නමුත් ඇයට විවාහ වෙන්නට කතා කරගෙන උන් තරුණයාත් පිරිමි පාසලක උගත් ඒ වගේම ලැජ්ජාකාරයෙක්… තරුණ ජිවිතයේ බලාපොරොත්තු පොදියක් එක්ක විවාහ වෙන මේ සුරුපිනියට තමුන් බලාපොරොත්තු දේ නම් ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ඇයට සිද්ධ වෙනවා තත්පර 5 කට කොටු වෙන්න… බැලුවොත් ඔබට තේරෙයි මම මේ කියන තත්පර පහේ කතාව… 😂😂😂 ඉතින් මේ නිසා ඇය වෙනත් යමක් වෙන තමුන්ගේ අවදානය යොමු කරන්නේ මහා අකරතැබ්බයක් අවසානය කරමින්…. ඉතින් ඒ මොකක්ද කියන එකත් ඔබට දැකගත හැකි වේවි මේ සිනමා නිර්මාණයට අවස්ථාවක් ලබා දුන්නොත්….

    2018 වසරේ ජූනි 15 වැනිදා Netflix මගින් බෙදාහරින ලද මේ නිර්මාණය මිනිත්තු 120 ක කාල සීමාවක් පුරා දිවයන්නක්…. ලබාගන්නට සමත් වෙලා තියන IMDB අගය 6.9 ක්… රෝටන් ටෝමාටෝ අගය 100% වගේ ලොකු අගයක්… මොකක් වෙනුවෙන් නොබැලුවත් කරන් ජොහාර්ගේ අවසාන නිර්මාණය වෙනුවෙන් බලන්න කියලා අරාධනා කරනවා… මොකද ඒ නිර්මාණය තුල විහිළුවෙන් ගලා යන ගතයුත්තක් බොහොම අගේට තියනවා…

    ඉතින් විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන සිසිල සහෝට මේක කරන්න උනන්දු කලාට මේ නිර්මාණයේ උපසිරස බලලා හින්දි දෙබස් හරි වැරදි බලලා මට උදව් කලාට… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

    ගැහැණියෙකුගේ ආශාව ළමයෙක් විතරක්ම නෙමෙයි. (baiscopedownloads.com)



     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rip Netflix :sorry::angry::angry:



    ලංකාවේ චැනල්වලට රිංගල ගු කරලා දැන් මෙව්වටත් ඉන්දියන් ගු බකට් රිංගල :angry::angry:



    ඉස්සරහට හොද tv සිරිස් බලල හමාරයි :angry::angry:
     
    • Like
    Reactions: chathuranirmal

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Netflix eke oka 16+

    Thanks

    anal sex scenes thiyeanwada
    :P

    :D:D

    :love::love:

    මරුසිරා;23378699 said:
    rip Netflix :sorry::angry::angry:



    ලංකාවේ චැනල්වලට රිංගල ගු කරලා දැන් මෙව්වටත් ඉන්දියන් ගු බකට් රිංගල :angry::angry:



    ඉස්සරහට හොද tv සිරිස් බලල හමාරයි :angry::angry:

    :baffled::baffled::baffled:

    එහෙන් මෙහෙන් පෙන්නන එකක් නේද?

    ow bn
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    මරුසිරා;23378699 said:
    rip Netflix :sorry::angry::angry:



    ලංකාවේ චැනල්වලට රිංගල ගු කරලා දැන් මෙව්වටත් ඉන්දියන් ගු බකට් රිංගල :angry::angry:



    ඉස්සරහට හොද tv සිරිස් බලල හමාරයි :angry::angry:


    un moda na ban

    unge programme list ekata ganne sirama ewa

    balahan issella me film eka

    aa thwa sacred games ekath balapan

    ube adahasa wenasweyi:P
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;23378699 said:
    rip Netflix :sorry::angry::angry:



    ලංකාවේ චැනල්වලට රිංගල ගු කරලා දැන් මෙව්වටත් ඉන්දියන් ගු බකට් රිංගල :angry::angry:



    ඉස්සරහට හොද tv සිරිස් බලල හමාරයි :angry::angry:

    :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    un moda na ban

    unge programme list ekata ganne sirama ewa

    balahan issella me film eka

    aa thwa sacred games ekath balapan

    ube adahasa wenasweyi:P


    දෙකම බාල මකල දැම්ම .:dull: මටනම් ඇලජික් :dull:


    එහෙක නම් පොඩ්ඩක් කුක්කු පෙන්නනවා :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    Netflix විනාසයි. ඉන්දියන් ජරාව ඒකෙත්. මේකනම් වසංගතයක්






    :yes::yes::yes::yes:


    උබලා හිතන්නේ ඉන්දියන් උන් කියන්නේ ලේසි ජාතියක් කියලද??





    මචන් උන් ඇවිල්ලා ගු කන්න ඉපදිච්චි උන්.. උන් ඇවිල්ලා ඔහොම තැනක ඉන්න එකත් කැරීම ආඩම්බරයක්.. අපේ මන්දයෝන්ට ඔහොම දෙයක් වත් අඩුම ගානේ කරගන්න පුලුවන්ද??




    ඉන්දියන් උන් කියන්නේ මචන් ගේමක් ගහනවා නං එකෙන්ම ගහන උන්.. බලහන් මේ ලෝකේ ජිවත් වෙන්න අමාරුම රටවල්.. අය්ස්ලන්ඩ් පලයන්.. ලොවෙත් අල්ලපු රටේ එකෙක් ඇති පොඩි කඩයක් හරි දාගෙන.. පිලිගනින්. ඔෆිස් එකේ වැඩකට මට යන්න උනා මේහේ ඉදලා 300 කිමි වගේ දුර පොත එකකට.. සාමාන්යෙන් මචන් ඕනෑම ෆෙමස් නගරෙක,, දැන් නිව්යෝක්, ඔස්ලෝ, ඔන්ටාරියෝ වගේ ඔහොම නගරෙක නාගරික සිමාවේ විතරය් මචන් ලන්කන් උන් චව්වෝ ඉන්දියන් උන් ඉන්නේ.. යකෝ මේ මෙච්චර දුර පට්ට පත කලාවක්... ඉන්දියන් උන් හිටියා කියපන්..

    :yes::yes::yes::yes:










    අන්න උන්ගේ තත්වේ... එහෙම මහන්සි වෙලා ගේමක් ගහන්න පුළුවන් උන් ඉන්න රටක් ඔහොම හරි එන එක පුදුමයක් නැහැ
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    මරුසිරා;23463832 said:
    දෙකම බාල මකල දැම්ම .:dull: මටනම් ඇලජික් :dull:


    එහෙක නම් පොඩ්ඩක් කුක්කු පෙන්නනවා :rofl:

    :yes:
    basawa nam awul thama
    eth kathawa eke haraya watinwa

    ekane neda ona deka wadagath wenne aona

    :yes::yes::yes::yes:


    උබලා හිතන්නේ ඉන්දියන් උන් කියන්නේ ලේසි ජාතියක් කියලද??





    මචන් උන් ඇවිල්ලා ගු කන්න ඉපදිච්චි උන්.. උන් ඇවිල්ලා ඔහොම තැනක ඉන්න එකත් කැරීම ආඩම්බරයක්.. අපේ මන්දයෝන්ට ඔහොම දෙයක් වත් අඩුම ගානේ කරගන්න පුලුවන්ද??




    ඉන්දියන් උන් කියන්නේ මචන් ගේමක් ගහනවා නං එකෙන්ම ගහන උන්.. බලහන් මේ ලෝකේ ජිවත් වෙන්න අමාරුම රටවල්.. අය්ස්ලන්ඩ් පලයන්.. ලොවෙත් අල්ලපු රටේ එකෙක් ඇති පොඩි කඩයක් හරි දාගෙන.. පිලිගනින්. ඔෆිස් එකේ වැඩකට මට යන්න උනා මේහේ ඉදලා 300 කිමි වගේ දුර පොත එකකට.. සාමාන්යෙන් මචන් ඕනෑම ෆෙමස් නගරෙක,, දැන් නිව්යෝක්, ඔස්ලෝ, ඔන්ටාරියෝ වගේ ඔහොම නගරෙක නාගරික සිමාවේ විතරය් මචන් ලන්කන් උන් චව්වෝ ඉන්දියන් උන් ඉන්නේ.. යකෝ මේ මෙච්චර දුර පට්ට පත කලාවක්... ඉන්දියන් උන් හිටියා කියපන්..

    :yes::yes::yes::yes:










    අන්න උන්ගේ තත්වේ... එහෙම මහන්සි වෙලා ගේමක් ගහන්න පුළුවන් උන් ඉන්න රටක් ඔහොම හරි එන එක පුදුමයක් නැහැ

    :yes:
    lankawe ewunge thiyena baluwada unge na ban un un athare