demand එකක් තියනවා.. හැබැයි මිනිස්සුන්ව හූරන් කාල නම් දියුණුවක් නෑ..
මොන බිස්නස් එක කලත් repeat customers හදාගන්න බැරිනම්, word of mouth promote කරගන්න බැරි නම් අනාගතයක් නෑ..
එන එකෙක් ආයේ මොකක්හරි කැඩුනම තමන් ලඟට එන විදියේ, දන්නා එකෙක්ට තමන්ගේ වැඩ හොඳයි කියල කියන විදියේ service එකක් දෙන්න බැරිනම් කරන්න එපා..
බාල පාර්ට්ස් දාල වැඩි ගණන් වලට වැඩ කරනවා නම් එත් කරන්න එපා..
මම දන්නා ගොඩක් උන් ඉන්නවා උන්ට වැඩ පුළුවන්.. හොරකම හින්ද එක පාරක් යන මනුස්සයෙක් ආයේ යන්නේ නෑ..
උඹ මේ වැඩේ කරනවා නම් අනිවා උඹේ repair social media දාපන් video කරලා..
courier කරලා තමන්ගේ device එක එවල හදාගන්න පුළුවන් විදියේ process එකක් හදපන්..
එතකොට තමන් ඉන්න area එකෙන් පිට මිනිස්සුත් උඹට වැඩ දෙයි..