‘එලීට්’ කි‍්‍රකට් තරගාවලිය ජනවාරියේදී
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව ප‍්‍රධානතම තරගාවලිය වන ‘එලීට් චැම්පියන්ෂිප්’ තරගාවලියේදී ශ්‍රී ලංකාව ප‍්‍රධාන ක‍්‍රිකට් කළාප පහකට වෙන්කරමින් කණ්ඩායම් පහක් ලෙස තරග කිරීමට සූදානම් කර තිබේ.
කොළඹ (බස්නාහිර පළාත), ගාල්ල (දකුණු පළාත), කුරුණෑගල (වයඹ පළාත), හම්බන්තොට (නැගෙණහිර පළාත) සහ මහනුවර (මධ්‍යම පළාත) යන නගර වල පිහිටි මධ්‍යස්ථාන පහක් යටතේ මෙම තරගවලිය ක‍්‍රියාත්මක වේ.
මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත අතර විස්සයි:20 තරග වලින් මෙම තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
කොළඹ කළාපයට කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කද, ගාල්ල කළාපයට ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්ද, කුරුණෑගල කළාපයට කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, මුලතිව්, වව්නියාව, මුත්තලම, මාතලේ, යාපනය, මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කද, හම්බන්තොට කලාපයට බදුල්ල, අම්පාර, ත‍්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මඩකලපුව යන දිස්ත‍්‍රික්කද, මහනුවර කළාපයට මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කද, ඇතුළත් වේ.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය (කොළඹ), ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය (ගාල්ල), දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය (කුරුණෑගල), සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය (හම්බන්තොට) සහ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය (මහනුවර) යන ක‍්‍රීඩාංගණ පහ තුළ මෙම කළාප මධ්‍යස්ථාන ක‍්‍රියාත්මක වේ.
මෙම කළාපවල පුහුනුකරුවන් ලෙස රොමේෂ් කළුවිතාරණ, රෝයි ඩයස්, අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ පියල් විජේතුංග යන මහත්වරුන් පත්කිරීමට නියමිතය.
මෙම කළාපවලට ක‍්‍රීඩා සමාජ වෙන්කිරීමේදී කොළඹ ප‍්‍රධාන ක‍්‍රීඩා සමාජ රැුසක් පිට පළාත් මධ්‍යස්ථානවලට ඇතුළත් කර තිබේ. අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ දස්කම් අනුව මෙම තරගාවලියේ කණ්ඩායම්වලට ක‍්‍රීඩකයන් නම් කිරීමට නියමිතය.
මෙම තරගාවලියට සිවුදින, එක්දින සහ විස්සයි20 තරග ඇතුළත් වන අතර විස්සයි20 තරගාවලියේදී එක කණ්ඩායමකට විදේශීය ක‍්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කර ගැනීමේ අවස්ථාව තිබේ.
මෙම තරගාවලිය පිළිබ`ද දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්මුණි මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සෑම තැනකටම ක‍්‍රිකට් ගෙන යෑමේ අරමුණින් හිටපු සුපිරි ක‍්‍රීඩක මහේල ජයවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගාවලිය සැළසුම් කළ බවයි.