Macklemore පෙම්වතිය සමග ගාල්ලේ !
ඇමරිකාවේ ප්රසිද්ධ රැප් ගායකයෙකු වන Macklemore මේ දිනවල ගාල්ලේ සංචාරයක නිරතව ඇති බව වාර්තා වේ. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ පෙබරවාරි පස්වන දා ආරම්භ කල ඉන්දියානු සංචාරය අතරතුරදීය.
ඔහු ගාල්ලේදී නවාතැන් ගෙන ඇත්තේ ජෙට්වින්ග් සමුහයට අයත් හෝටලයක වන අතර Macklemore ගේ පැමිණීමත් සමග ඔවුන් ට්විටර් පණිවුඩයක් මගින් ඔහුගේ පැමිණීම සම්බන්ධව සටහන්කොට තිබේ.
ගාල්ලේ සංචාරය අතරතුරදී Macklemore විසින් ගාල්ලේ රෑන්පාට් හි පන්සල ඉදිරිපිට තරුණයන් පිරිසක් ක්රිකට් සෙල්ලම් කරන ආකාරයේ ජායාරුපයක් ඉන්ස්ටග්රෑම් වෙත එක්කිරීමෙන් අනතුරුව ලංකාවේ සිටින ඔහුගේ රසිකයන් Macklemore ලංකාවට පැමිණි බව දැනගෙන ඇත.
source:33000lk