Madame Tussauds in Sri Lanka ???

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    Madame Tussauds කියන්නෙ ලොව ප්‍රකට ලන්ඩන් වල තියෙන wax museum එකක්නෙ.
    ලෝකෙ ඉන්න , හිටපු ප්‍රසිද්ධ අය ගොඩක ජීවමාන ප්‍රමාණයේ ඉටි රූප මේකෙ නිර්මාණය කරලා තියෙනවා.
    දැන් නම් ලන්ඩන් වල විතරක් නෙමේ තවත් රටවල් කිහිපයකම Madame Tussauds හී ශාඛා තියෙනවා.

    madame-tussauds-london.jpg



    දැන් කියන්නෙ යන්නෙ ඒ වගේම ජීවමාන ඉටි රූප හදන්න පුලුවන් අපේ රටේ දක්ෂයෙක් ගැන.
    ඒ අතුල හේරත් .

    athula1.jpg


    athula2.jpg


    athula3.jpg


    අතුල පොඩි කාලෙ ඉදලම කලා නිර්මාණ කරන්න දක්ෂ කෙනෙක්. ඒත් ඔහු ඉගෙන ගත්තෙ ජීව විද්‍යාව.විශ්ව විද්‍යාල යන්න ලකුණු
    මදි වුන හින්දා පසු කලෙක අතුල ගුවන් හමුදාවට බැදිලා තියනවා.ඔහු 1984 හොදම ගුවන් භටයා විදියටත් සම්මාන අරගෙන තියෙනවා.
    අතුල ගුවන් හමුදාවෙ ඉද්දි තමයි චිත්‍ර කලාව හදාරලා තියෙන්න.සේවය නිමා කරලා ගෙදරට වෙලා ඉන්න අතරෙ තමයි අර කලින් කීව
    ලන්ඩන්වල ඉටි කෞතුකාගාරය ගැන පොතක් අතුලට හම්බෙලා තියෙන්නෙ. මේක කියෙව්වම අතුලටත් ආසාවක් ඇතිවෙලා තියෙනවා
    ලංකාවෙත් මේ වගෙ කෞතුකාගාරයක් තිබ්බනම් කොච්චර හොදද කියලා. ඊට පස්සෙ මේ වගෙ ජීවමාණ ප්‍රමාණයට නෙලන පිලිම ගැන
    විස්තර තියෙන පොත් රැසක් කියවන්න අතුලට පුලුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සෙ ඔහු මිනිසුන්ගෙ ශරිර ලක්ෂණ අධ්‍යයනය කරලා
    තියෙනවා. ඔහුට මුලින්ම හිතුනෙ ලයනල් රන්වල මහතාගේ නිර්මාණක් හදන්න.ඒත් ඒ වෙනකොට ඒ මහතා මියගිහින් තිබුණ නිසා
    නිවැරදි මිණුම් දඩු ගැනීමට අතුලට නොහැකි වුනා.

    ඊට පස්සෙ අතුල එයාගෙ ප්‍රියතම කලාකරුවෙකු වන මහෙන්ද්‍ර පෙරේරාව මුණ ගැහෙනවා.සෑහෙන වෙලාවක් මහෙන්ද්‍ර සමග කතා
    කරන අතුල ඒ අතරතුර ඉතා සියුම්ව මහේන්ද්‍ර පෙරේරාගෙ ශරීර ලක්ෂණ , ඔහු කතාකරන විට ඔහුගෙ ඇහිබැමි වල ඇති වන වෙනස්වීම්
    ඉතා සියුම්ව නිරික්ෂණය කරලා මහෙන්ද්‍ර පෙරේරාගෙ උදව්ද රැගෙන ඔහුගෙ ජීවමාණ ඉටි රූපයක් හදන්නෙ මහෙන්ද්‍ර පෙරේරාවත්

    විතයට පත් කරමින්.එකට අවුරුදු එකහමාරක් ගිහින් තියෙනවා. පස්සෙ මහෙන්ද්‍ර පෙරේරාගෙ ඉල්ලීම මත මාලනී ෆොන්සේකාගෙ
    ඉටි රුවක් තැනීමට කටයුතු කරන අතුලට එයට ගත වන්නෙ මාස 3ක් පමණයි. ඒ ඔහුට මෙම කාර්යය ඒ වන විට හොදට හුරුවු බැවිනි.
    ආර්ථික අපහසුකම් මැද පෞද්ගලික වියදමින් ඉටි රූප හදන අතුලගෙ එකම අරමුණ අනුග්‍රාහකයෙකුගෙ උදව් සමග ලංකාවේ ඉටි
    කෞතුකාගාරක් ඇති කිරීමටය.

    මෙවැනි දක්ෂයන් අපි අගය කල යුතුයි.

    athulaherath.jpg


     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    අඩේ.... සිරා පොරක්නේ..... පට්ට හැකියාවක් තියෙනවා. (හැබැයි මහේන්ද්‍ර පෙරේරා නම් චුට්ටක් විතර අවුල්)
     

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Patta macho. Me wage ayata atha deela idiriyata genna one. Museum ekak damma nam ratatath hondai.

    Rep +++
     
    • Like
    Reactions: eghty

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ado pattane :D hebei lankawe thiyena heat ekath ekka beluwama me room eka ac karala thiyanna wei netham mewa diya wei neda ?