මචන් ,පිටකෝට්ටේ තියනවා මරු තැනක්(perera sons එක ගාවින් ඇතුලට යන්න ඕන ,ඕන කෙනෙක් දන්නවා ඒ පාරේ ඉන්න .අහපුවම කියයි ).ආයි නියම තැන මචන් .අපේ අම්මත් අසනීප උනා එක පාරක් හිටි ගමන් .කොහොම හරි අම්මව ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නකොට මායි තාත්තයි ගියා එතනට .ඒ මහත්තයා කිවා අපේ අම්මගේ ඇගට විෂ බීජයක් තම ගිහින් තියෙන්නේ කියලා තව එක එක දවල් කිවා ,ඒ කියපු දේවල් සේරම ඇත්ත .
අඩෝ හරි පුදුමයි මචෝ , මෙන්න ඊලග දවසේ අම්මගේ ඒ වෙනකොට hospital එකෙන් කරලා තිබ්බ test වල රෙපොර්ට්ස් අනුව අම්මගේ ඇගට විෂබීජයක් ඇගට ඇතුල් වෙලා කියලා කිවා .
-එතන ඉන්න මහත්තයා පහනක් පත්තු කරන්න දෙනවා ගාථාවකුත් එක්ක , ඒ පහන පත්තු කරන්නේ ජය ශ්රී මහා බෝදීන් වහන්සේට ,සිරාවටම ප්රතිපල තියනවා බන් .හැබැයි පිළිවෙත් අනුගමනය කරන කාලේ මස් මළු බිත්තර කන්න බෑ (අම්මා සනීප වෙනවනම් ඕන දෙයක් නොකා ඉන්න පුළුවන්නේ බන් )
පුලුවන්නම් ගිහින් බලපන් ,එතන දෙවියෝ අදහන තැනක් නෙවෙයි තනිකරම බුදු හාමුදුරුවොයි ජය ශ්රී මහා බෝදින් වහන්සේටයි විතරයි පිළිවෙත් කරන්නේ , උබේ අම්මට ඉක්මන් සුව පතනවා මචෝ !!!