Mage kukula nasu eka

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    There was a description about this in FB and allow me to share

    කුකුළු හැවිල්ල
    තිරිමාදර ආ මහ දුර...
    පසුගිය දෙසැම්බර් 14 වැනිදා Chat N' Music වැඩසටහනේ ගයපු මේ ගීයෙන්, තිරිමාදුර තුල දස්කම් බොහොමයක් සඟවා ගෙන සිටින කුමාරයාගෙ ගායන හා රස භාවයන් මතුකර පෑමේ කුසලතාව හරි අපූරුවට පිළිඹිබු වුනා. තිරිමාදුර, ඔබ සැබෑ දක්ෂයෙක්.තව තව බැබලෙන්න ඔබට වාසනාවන්! ඔබ අපට වාසනාවක්.

    දුදනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද
    සාමිනේ ....//

    මගෙ කුකුළා නැසූ එකා //
    දදය ඔබගෙ පාළු ය කා
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු ය කා
    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල
    හෙළුව හෙල්ල
    මුලැම බෙල්ල
    මරු තැනේ

    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ...//

    පයින් මැ ගොස් ඇවිදැ වටේ
    පොළොවෙ උලා නළල් ඇටේ

    දිගට ඇදී
    දිගට ඇදී
    නැඟැ පැහැදී

    මහ හඬ දී
    දෙවියනේ
    දිගට ඇදී

    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජුවටක් පුදමි
    රන් දුනුහී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි

    කතරගමේ //
    බල මහිමේ
    දුටු ද එ මේ
    හැම තැනේ
    කතරගමේ

    කියමින් නම'කුරු ඔබ ගේ‍
    බොළඳුන්ගෙ ද කිරි තුඬගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එක'තින් හිමි සදුනි මගේ

    දුදනොද බිඳ
    බඳ තෙද කඳ
    කඳ දෙව් රද
    සාමිනේ ...//

    මට කළ මෙවිපත අනේ
    බලා ගන්නැ දෙවියනේ
    වැජඹෙන නා මෙ විමනේ
    බලන්න නා සාමිනේ

    රැපියෙල් තෙන්නකෝන් රචනා කල මේ පලි ගැහිල්ල දෙවියන් ඉදිරියේ සුනිල් ශාන්ත ඉදිරිපත් කරණ ආකාරය හරිම අපූරුයි.
    මේ ගීය ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් "ගී මිණිආර 1" කෘතියෙහි කරණ විස්තරයෙන් උපුටා ගත් තැන් කිහිපයක් මෙහි ඇතුළත් කරන්නේ රැපියෙල් තෙන්නකෝන් කිවිඳානන්ගෙ වදන් හරඹය වඩාත් හොඳින් විඳින්න ඉඩ සලස්වන්න.
    උපුටා ගැනීම...
    "මෙහි ගායනයේ එක් පොඩි පරහකට තිබෙන්නේ 'දදය ඔබගෙ පාළු ය කා' යන්න, 'දදය ඔබගෙ පාළු යකා' යි ගායනා කිරීමයි.
    කතරගම දෙවියන්ගේ කොඩියේ ලාංඡනය කුකුළාය. එහෙයින් කුකුළා මරා කෑවායින් පසු කොඩිය (දදය) පාළුය.

    ගම්වැසි දිළිඳු ගැහැනියකගේ කුකුළෙක් තවත් දිළිඳු ගැමියෙක් විසින් සොරා ගෙන මරා කනු ලබයි.
    ඒ හේතු කොට ඇති වන්නාවූ කෝපය, වෛරය හා ක්‍රෝධය විසින් මෙහෙයවනු ලබන ගැහිනිය, ගමේ නා ගසක් වෙත ගොස්, එහි වෙසෙතැයි සැලකෙන නා සාමීන් අබියස පළි ගසයි. තවද තමාට කළ විපත බලාගන්නා ලෙස කතරගම දෙවියන්ට බාරයකුත් වෙයි.
    අය බාර වන්නේ කතරගම දෙවියන්ට පොඩි මානසික පගාවක් ද ගැසීමෙනි. ඇය මෙසේ කියයි. මොහු මේ හානිය විපත කළේ මට නොව ඔබ වහන්සේටය. ඔහු කළේ ඔබ වහන්සේගේ කොඩියේ කුකුළා මරා කා එය පාළු කිරීමයි.
    ඊට පසු ඇය කතරගම දෙවියන්ට මෙසේ කියයි

    තව එක බුද දිනක් තකා
    ඉන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල
    හෙළුව හෙල්ල
    මුලැ මැ බෙල්ල
    මරු තැනේ

    මෙලෙස ඈ දෙවියන්ට කියන්නී, බෙල්ලේ මරු තැන බලා, නිසි නිලය අල්ලා, හෙල්ල හෙලා, එක් පහරින් කුකුළු සොරා විනාශ කර දමන්නටය.
    ඇය නිරතුරුව කියන්නී එසේ කළ හොත් තමා බාරය ඔප්පු කිරීමට කතරගමට පයින්ම එන බවය....."
    උපුටා ගැනීම නිමයි.
     
    • Like
    Reactions: mudrana

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    Thanks for the description