waliyak giya ada mara case eka

kvu

Well-known member
  • Dec 15, 2009
    930
    925
    93
    Homagama
    podi waliyak giya mage yaluwo dennek. waliya patan gaddima mama diwuwa. weradila wath naraka parak wedunoth awula neh ekai. kohoma hari passe dena gaththe mage gf ge yaluwek. seen eka dekala kiyala dan eyage school eke un hint gahanawalu ekita. eka nisa mama baluwe, kawuru hari hire karala script ekakata mama mokek hari ekka waliyak dagena, uta nelana widiye seen ekak create karanna. donige issaraha mata weeraya wenna. kawuru hari kalin ehema karapu kenek innawda ? hire karanna kenekwa recommend karanwda? habai hodata guti kanna puluwan kenek. script eka mathaka thiyennath ona. naththam mata aayeth duwanna wenawane.

    ඔන්න තිත් කොමා දාල ආයි දැම්ම :lol:

    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට
    ඔය කෙල්ල යනව උඹව දාල
    :no:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,390
    7,107
    113
    කතුවපිටියේ පොරක් ඉන්නවා හයයි හතරේ තඩියෙක් පොර ඔයා වගේ සල්ලි වලට ගුටි කනවා රුපියල් 2000ක් දීලා කොත්තුවක් දුන්නොත් සිහි නැති වෙනකම් නෙලන්න පුළුවන්
    කොත්තුවක් දීල ඌට ගහන්නද? නැත්තම් වලියට එක්කන් යන්නද?

    ඔය කියන පොර මම දන්නවා
    පොරට ABCD කියලා ලෙඩක් තියනවා
    මුලින් කැමති උනාට සමහරවෙලාවට හිටපු ගමන් ට්‍රිගර් වෙලා ABCD එනවා එහෙම උනොත් ඌ මූටත් ගහලා මුගෙ කෑල්ලත් ස්කූටරේ දාගෙන කැලේකට අදීවි
    පොර මේ දවස් ටිකේ අවුවෙ ඉඳලා හෙනටම මෝල කරවෙලා තියෙන්නෙ, ගැනියෙක් අතේ ගෑවුනත් වෙන ගෑනියෙක් ඒකිගෙ කොල්ලා කිස් කරනවා දැක්කත් ඒවට ගහන්න යන තරමට මෝල කරවෙලා මේ දවස් ටිකේ
     

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    452
    343
    63
    podi waliyak giya mage yaluwo dennek. waliya patan gaddima mama diwuwa. weradila wath naraka parak wedunoth awula neh ekai. kohoma hari passe dena gaththe mage gf ge yaluwek. seen eka dekala kiyala dan eyage school eke un hint gahanawalu ekita. eka nisa mama baluwe, kawuru hari hire karala script ekakata mama mokek hari ekka waliyak dagena, uta nelana widiye seen ekak create karanna. donige issaraha mata weeraya wenna. kawuru hari kalin ehema karapu kenek innawda ? hire karanna kenekwa recommend karanwda? habai hodata guti kanna puluwan kenek. script eka mathaka thiyennath ona. naththam mata aayeth duwanna wenawane.

    ඔන්න තිත් කොමා දාල ආයි දැම්ම :lol:

    තරහ වෙන්න එපා මල්ලි මෙහෙම කිව්වට
    ඔය කෙල්ල යනව උඹව දාල
    :no:
    Bohoma stuti tits and coma tikata

    Echchra hitanna epa aiye mewa me attata dana ewa newei :rolleyes:

    ඔය කියන පොර මම දන්නවා
    පොරට ABCD කියලා ලෙඩක් තියනවා
    මුලින් කැමති උනාට සමහරවෙලාවට හිටපු ගමන් ට්‍රිගර් වෙලා ABCD එනවා එහෙම උනොත් ඌ මූටත් ගහලා මුගෙ කෑල්ලත් ස්කූටරේ දාගෙන කැලේකට අදීවි
    පොර මේ දවස් ටිකේ අවුවෙ ඉඳලා හෙනටම මෝල කරවෙලා තියෙන්නෙ, ගැනියෙක් අතේ ගෑවුනත් වෙන ගෑනියෙක් ඒකිගෙ කොල්ලා කිස් කරනවා දැක්කත් ඒවට ගහන්න යන තරමට මෝල කරවෙලා මේ දවස් ටිකේ
    Ehenam epa ethkota thawa naduwak neh ane manda wede karanna wenne ne ehema unot :shocked:
    ------ Post added on Sep 22, 2026 at 10:14 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,390
    7,107
    113
    Bohoma stuti tits and coma tikata

    Echchra hitanna epa aiye mewa me attata dana ewa newei :rolleyes:


    Ehenam epa ethkota thawa naduwak neh ane manda wede karanna wenne ne ehema unot :shocked:
    ------ Post added on Sep 22, 2026 at 10:14 AM
    ඔය තරං කට්ට කන්න මේවලින් එකක් වෙන්න ඕන
    1. දෝනිගෙ bed performance උපරිම වෙන්න ඕන හෝ.
    2. දෝනිගෙ තාත්ත කෝටිපතියෙක් වෙලා දෝනි තනි ලමය වෙන්න ඕන
    ඔය දෙකෙන් මොකද්ද

    ෆොටෝ එකක් දැම්මා නං දල අදහසක් ගන්න පුලුවං
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,146
    5,463
    113
    mmmm here is the script for ya
    thanks me later


    "ම්ම්ම් එහෙනම් බීච් යන්ද...."

    "අපෝ මේ අව්වේ මොන බීච්ද අයියෝ... අපි පොඩි ෂොපින් පාරක් දාමු. ල‍ඟකදි අළුත් ඇඳුමක් ගත්තෙත් නෑනේ..."

    සුපුරුදු දඟකාර හඬින් ස්නේහා අසද්දී, මමත් සිනාසෙමින් ඇයට එකඟ වුනෙමි. අත් පටලාගෙන කතා කරමින්ම අප සෙවණ පිරුණු පාර දිගේ ඇවිද ආවේ නගරයට මහා ලොකු දුරක් නොවූ බැවිනි.

    ස්නේහාගේ බලවත් ඉල්ලීම මත අසල වූ කඩයකින් චොක්ලට් අයිස් ක්‍රීම් දෙකක්ද මිලට ගත් අපි සුපුරුදු ලෙසම සිනා කතා බොහෝමයක් සමඟ සෙමෙන් ඇවිද ගියේ අයිස් ක්‍රීම් වලද රස බලමිනි.

    "අක්කි නැතුව හරි පාළුයි ස්නේහා....මෙහෙම හරි එළියට එන්න හම්බ වෙන එකත් ලොකු දෙයක්.....ඔයත් නොහිටියනම් මට පි/ස්සු හැදෙයි...."

    "කොහොමහරි ජොබ් එකක් කරන්න ගෙදරින් පර්මිෂන් ගන්න බලන්න අසලි. මට නම් අවුලක් නෑ... ඒත් ඉතින් මෙච්චර කල් එකටම ඉ‍ඳලා ඔයාව දාලා මට තනියෙන් යන්නත් මොකද්ද වගේ...."

    "ඒවටනම් තාත්තා කැමති වෙන එකක් නෑ අනේ... අක්කිත් නැති එකේ දැන් මාව කූඩුවක දාන්නේ නැති ටික විතරයි.. අනේ මංදා මොකට මාව මෙච්චර පරිස්සම් කරනවද කියලා...."

    මගේ නෝක්කාඩු අසල ස්නේහාගේ මුවේ ඇඳුනේ විසල් සිනහවකි.

    "පරිස්සම් නොකර පුළුවන්ද මෙහෙම බෝනික්කෙක් වගේ ඉද්දී....දැන් මේ විනාඩි ගාණටම බලන්න...කොල්ලෝ කීයක් ඔයා දිහා බල බල ගියාද...අම්මයි තාත්තයි ඔයා ගැන ඔච්චරටම බයවෙන එක පුදුමයක් නෙවෙයි අසලි...."

    සැබැවින්ම ඕනෑම අයෙකු දෙවරක් හැරී බලනා තරම් සුන්දර රුවක් මා සතු වූ අතර, දණහිසටත් වඩා මදක් දිගු වූ කෙස් කළඹත්, සිනාසෙන විට සිහින් වන දෑසත්, පැහැපත් වතත් නිරන්තරයෙන්ම කැපී පෙනෙන්නට විය. අම්මාත් තාත්තාත් මේ තරම් මාව ප්‍රවේශම් කරනුයේ රූපය නිසා බව වැටහුනත් විටෙක එය මට මහත් නොරිස්සුමක් වූයේ අන් යුවතියන් සේම නිදහසේ සිටීමට මමද ප්‍රිය කල බැවිනි.

    කල්පනාවෙන්ම සෙමෙන් අඩි තබමින් ඉදිරියට යමින් සිටි අප පිටුපසින් ආ නොදන්නා පුද්ගලයෙකු එක්වරම මගේ බෑගය උදුරාගෙන වේගයෙන් ඉදිරියට දිවගියේ මාව පසෙකට තල්ලු කර දමමිනි.

    "දෙයියනේ අසලි....අන්න හොරෙක් හොරෙක්....
    "

    ස්නේහා මහ හඬින් කෑ ගසද්දී ,මා බිම වැටීමෙන් මහ පාරේ ඇනී රිදුම් දෙන වැලමිට අල්ලාගෙනම අපහසුවෙන් නැගිටින්නට උත්සහ කළෙමි.

    ක්ෂනිකයෙන් දූවිලි අවුස්සාගෙන ඉතා වේගයෙන් අප පසුකරගෙන ගිය යතුරු පැදියක් ඉදිරියෙන් දිවයන සොරා හරස් කොට නැවතූවේ මා බියපත් දෑසින් එදෙස බලාසිටියදීය.

    මුහුණ වැසෙන සේ හෙල්මට් එකක් පැලදි උස් තරුණයෙකු අඩියට දෙකට එයින් බැස, සොරාගේ ගෙල මුලින්ම අල්ලාගෙන ඒ කම්මුල හරහා දැඩි පහරක් එල්ල කලේ ඔහු කැරකී ගොස් බිම ඇදවැටෙද්දීය.

    චිත්‍රපට ජවනිකාවක් බඳු වූ ඒ දසුන බලා සිටින විටත් මට ක්ලාන්ත ගතියක් දැනුනේ මින්පෙර කිසි දිනෙක මෙවැන්නට මුහුණ දී නොමැති බැවිනි. තත්පර ගණනාවක් ඇතුළත විදුලියක් සේ ක්‍රියාත්මක වූ නාඳුනන තරුණයා දැඩි පහරවල් රැසක් සොරා වෙත එල්ල කලේ මාව තව තවත් තැති ගන්වමිනි.

    කොහොමටත් මට වඩා සමාජශීලී වූ ස්නේහා මගේ අතක් තදින් අල්ලාගෙන ඉදිරියට පා තැබුවේ, ඒ වන විටත් සොරා අතේ වූ මගේ බෑගය තරුණයා විසින් උදුරාගෙන තිබූ බැවිනි.

    "අ....අයියේ...."

    ස්නේහාගේ හඬට අප දෙසට ඔහුගේ අවධානය යොමු වූ තත්පරේම, ඒ දෑතින් මිදී ගිය සොරා, ඔහුවත් තල්ලු කර වේගයෙන් අතුරු පාරක් දිගේ දිව ගියේ ඇසිපිය සලනා ඉක්මනිනි.

    "ශිට්...ඌ පැන්නා නේද....අපරාදේ..."

    කෝපයෙන් අත මිට මොලවාගෙන මිමිණූ ඔහු යලිත් වරක් අප දෙසට හැරුණේ වේගයෙන් හුස්ම ඉහළ පහළ දමමිනි. මුළු මුහුණම වැසී තිබෙන සේ පැළ‍ඳි හෙල්මටය එක් අතකින් ගලවා ගත් ඔහු අනික් අතින් අල්ලා සිටි බෑගය මවෙතට පෑවේය.


    "තෑන්ක්ස්...."

    ඇහෙන නෑහෙන ගාණට ඉතා සෙමෙන් මා මුමුණද්දි, ඔහු සිනාසුනේය.

    ඉතා උස් සිරුරැති, ත‍ළෙලු ඔහු සැබැවින්ම කඩවසම් ය. අකීකරු හිසකෙස් නළල පුරා විසිරී ගොස් තිබුණේ දඟකාරි ලෙසය. ඒ තීක්ෂණ නෙතු යොමුව තිබුණේ මා වෙතටමය.

    කෙතරම් අවධානය ලැබුණත් පිරිමි ළමුන් යන විෂයේදී කොහොමටත් ලැජ්ජාශීලී බැවින් මා සිටියේ කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව රතු වූ වතිනි.

    "අනේ තැන්ක් යූ සෝ මච් අයියේ.. ඔයා ලොකු උදව්වක් කලේ... අපි දෙන්නම සෑහෙන්න බය උනා.. මේ මහ දවල් මෙහෙම හොරු ඉන්නවයි කියලා කවුද හිතන්නේ..."

    ස්නේහා කියාගෙන යද්දී මා හිත යටින් ඇයට තුති පිදුවේ මට කියාගත නොහැකි වූ දේවල් ඇය ඔහුට කියූ බැවිනි.

    "තෑන්ක්ස් කරන්න දෙයක් නෑ නංගී. කොහොම උනත් පරිස්සමෙන්...දැන් කාලේ දවල් රෑ කියලා නෑ.. ගෑණු ළමයි උනාම කොයි වෙලෙත් හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ..."

    ඔහු මිතුරු හඬින් උපදෙස් දෙද්දී මා බිම බලාගෙනම සිටියෙමි.

    "ඉතින්....මං හසරැල්...."

    එක්වරම ඔහු වෙනසක් නැතිව මවෙතටම අතක් දිගු කරද්දී මා ඇතුලාන්තයෙන් ගැහෙන්නට වීමි.

    "එයා හරි ලැජ්ජයි අයියේ... මං ස්නේහා...මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් අසලියා...."

    එවරත් මා බේරාගනිමින් ඔහු දිගු කල මිතුරුකමේ දෑත ස්නේහා අල්ලාගත්තාය.

    "ශා....හරි ලස්සන නම් දෙකක්නේ.. ඔය දෙන්නටම මැච් වෙනවා...එහෙනම් මං ගිහින් එන්නම් ගර්ල්ස්....යන තැනක කල්පනාවෙන් පරිස්සමෙන් යන්න ඕකේ...."

    එපමණක් කියූ ඔහු යලිත් සිය යතුරු පැදියට නගිද්දී, මා එක්වරක් පමණක් සෙමෙන් හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි. පුදුමයකට මෙන් ඔහුගේ දෑස්ද මා මුහුණ මතටම වැටී තිබූ අතර, ඒ දෑස්වල වූයේ කියවාගත නොහැකි කතාන්දරයකි.