maha puduma yaluwo oi mun nam

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,448
    16,160
    113
    "සල්ලිවලට කෑදරකමක්‌ හිතුණා.."
    'පස්‌ දෙනාම මැරුවේ මම'
    අනුරපුරේ ඝාතකයා පාපොච්චාරණය කරයි



    dide.jpg





    "සල්ලි ගැන ලොකු කෑදරකමක්‌ හිතිච්ච නිසා ගෙදර මිනිස්‌සු සේරටම කොටලා ඒ අය මරල දාලා සල්ලි ටිකත් අරගෙන පැනල ගියා" ය යි අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ප්‍රදේශයේ නිවසක සිටි මව, පුතා, දියණිය ඇතුළු පස්‌දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
    මෙම ඝාතන සියල්ල තමන් තනිවම කළ බවත් ඊට කිසිවකුත් හවුල් නොවූ බවත් සැකකාර 30 හැවිරිදි නම්බුකාරගමගේ ජගත් කුමාර නමැති ලොරි සහායකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    මෙම සැකකරු ඝාතනයට ලක්‌වූ ප්‍රියන්ත නමැත්තාගේ සමීපතම මිතුරා බව පොලිසිය පවසයි. මොහු ප්‍රියන්ත සහ ඔහුගේ මව සමඟ ලොරියේ බඩු පටවාගෙන පැමිණි පුද්ගලයාය.

    පොලිසිය හමුවේ තවදුරටත් පාපොච්චාරණය කරමින් සැකකාර ජගත් කුමාර නමැත්තා මෙසේද කියා තිබේ.

    ප්‍රියන්තයි එයාගෙ අම්මයි අනුරාධපුරෙන් ඉඩමක්‌ ගන්නයි ආවේ. මහියංගනයේ ඉඳලා එනකොට ඒ ගැන කියව කියව ආවා. ලක්‍ෂ ගාණක්‌ සල්ලි ඒ අය ළඟ තියෙන බව මම දැනගත්තා.

    හොඳින් හරි නරකින් හරි ඒ සල්ලි ගන්නව කියලා මම හිතුවා. එදා පාන්දර 2.00 ට විතර මම ගේ ඇතුළෙ ඇවිදලා සල්ලි හොයද්දී ගෙදර අයිති ගෑනු කෙනාට ඇහැරුණා. කරන්න දෙයක්‌ නැති තැන මම කුස්‌සියෙ තිබුණ මන්නෙන් එයාට කෙටුවා. ඊට පස්‌සේ අනිත් අයටත් කෙටුවා යෑයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.



    dide2.jpg






    මෙම ඝාතන සඳහා මියගිය සොහොයුරියන් දෙදෙනාගේ බාලසොයුරා සහ එක්‌ සොහොයුරියක්‌ද මිලට ගැනීමට සූදානමින් සිටි ඉඩමේ හිමිකරුද සම්බන්ධ බවට ජගත් කුමාර නමැති සැකකරු කලින් කළ ප්‍රකාශය අමූලික බොරුවක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    මෙම පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජගත් කුමාර යුද හමුදා 10 ගැමුණු බළකායේ වසර 3 ක කාලයක්‌ රාජකාරි කර මීට වසර 6 කට උඩදී ඉන් පලා ගිය අයෙකි.

    මාතලේ ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ලොරි සහායකයකු ලෙස හසලක ප්‍රදේශයේ සේවය කළේය.

    ඝාතනයට ලක්‌වූ ප්‍රියන්තගේ සමීපතම මිතුරා වන මොහු ඒ හිතවත්කම මත අනුරාධපුර ගමනට එක්‌වී ඇත. ප්‍රියන්ත සිය මව සමඟ මහියංගනයේ ඉඩකඩම් විකුණා අනුරාධපුරයට ගොස්‌ ඇත්තේ ජගත් කුමාර සේවය කරන ලොරි රථයෙන්ය. ප්‍රියන්තගේ මවගේ බාල සොහොයුරියගේ නිවසේ ඔවුන් එදින රාත්‍රිය ගතකර තිබේ.

    ප්‍රියන්ත සමඟ පැවැති හිතවත්කම මත සැකකරු අජිත් කුමාර අනුරාධපුර විහාරහල්මිල්ලකුලම නිවසේ එදින රාත්‍රිය ගත කර තිබේ. සැකකරුගේ අරමුණ වී තිබුණේ එදින රාත්‍රිය එම නිවසේ ගතකර කෙසේ හෝ මුදල් කොල්ලකෑමටය.
    අලුයම 2.00 ට පමණ සැකකරු නිවස පුරා ඇවිදිමින් සඟවා ඇති මුදල් සොයා ඇත. ඒa අවස්‌ථාවේ නිවසේ සිටි පියදාසගේ බිරිඳ අවදි වී තිබේ. එහිදී කලබලයට පත්වී ඇති සැකකරු කුස්‌සියේ තිබූ මන්නා පිහියකින් නිවස හිමිකරුගේ බිරිඳට සහ ඇගේ දියණියට කොටා ඇත.

    ඇය විලාප නගන ශබ්දයට ඇගේ වැඩිමහල් සොහොයුරියද (මහියංගනයේ සිට පැමිණි කාන්තාව) අවදි වී තිබේ. එහිදී සැකකරු ඇයටද පිහියෙන් පහරදී මරාදමා තම මිතුරාවන එම කාන්තාවගේ පුත්‍රයා ප්‍රියන්තද කපාකොටා මරාදමා ඇත.

    පසුව යාබද කාමරයේ සිටි නිවස හිමි පියදාසටද මන්නා පිහියෙන් පහරදී කපාකොටා ඔහුගේ පුත්‍රයාද කපා ඝාතනය කර තිබේ. පසුව නිවසේ සඟවා තිබූ රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ සහ රන් භාණ්‌ඩ කීපයක්‌ද සොරාගත් සැකකරු පියදාසගේ 13 හැවිරිදි දියණිය (ඝාතනයට ලක්‌වූ) පාසල් යන පාපැදියේ නැගී අනුරාධපුර දහයියාගම හන්දියට පැමිණ ඇත.

    අලුයම 4.00 පමණ එහි පැමිණි සැකකරු පාපැදිය හන්දියේ වෙළෙඳසලක්‌ අසල තබා කුලී ත්‍රිරෝද රථයකින් අනුරාධපුර නවනගරයට ගොස්‌ තිබේ.

    පසුව මොහු බස්‌ රථයකින් හෙට්‌ටිපොල ප්‍රදේශයට පැමිණ ඇත. එහිදී රන් ආභරණ අලෙවි සලකින් රුපියල් අසූදහසක්‌ ගෙවා රන් මාල හතරක්‌ මිලයට ගත් සැකකරු පසුව බස්‌ රථයකින් හසලක ප්‍රදේශයට ගොස්‌ තිබේ.

    මෙම පංචපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර තිබිණි. මෙම ඝාතන සිදුකර පලාගොස්‌ සිටි සැකකරුට බකමුණ පොලිසියේ රථවාහන නඩුවක්‌ තිබෙන බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

    ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම සැකකරුගේ ලිපිනය ඇතුළු තොරතුරු බකමුණ පොලිසිය මාර්ගයෙන් සොයාගැනීමට හැකිවිය.
    එම තොරතුරු මත පොලිසිය හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

    එහිදී සැකකාර අජිත් කුමාර ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතන මියගිය කාන්තාවන් දෙදෙනාගේ බාල සොහොයුරු සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයා විසින් කළ බවයි. ඔවුන් ඝාතන සිදුකරද්දී තමා ඔත්තු බැලූ බවද අජිත් කුමාර ප්‍රකාශ කර ඇත. කොල්ලකන ලද ලක්‍ෂ හයක පමණ මුදල් තිදෙනාම බෙදාගත් බවද පොලිසියට පවසා තිබේ.

    ඒ අනුව ඝාතනයට ලක්‌වූ කාන්තාවන් දෙදෙනාගේ සොහොයුරා සහ ඉඩම විකිණීමට සිටි පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
    එහෙත් සැකකාර අජිත් කුමාර අනුරාධපුරයට රැගෙන ගොස්‌ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී මෙම පංචපුද්ගල ඝාතනය තමන් විසින් කළ බව පිළිගත්තේය.

    ඝාතන සිදුකර සැකකරු පලාගිය පාපැදියද පොලිසිය සොයාගත් අතර එහි ලේ පැල්ලම් කීපයක්‌ද තිබූ බව පොලිසිය පවසයි.
    අවිවාහකයකු වන සැකකාර අජිත් කුමාර නමැත්තා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

    මෙම පංච පුද්ගල ඝාතනය සිදුවී පැය 24 ක්‌ ගතවීමට පෙර එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන කොල්ලකන ලද මුදල් සහ රන් ආභරණද සොයාගෙන ඝාතනවල සුලමුල අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වීම විශේෂත්වයකි.

    උතුරු මැද ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක ප්‍රභාත් ගාල්ලගේ ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.








    source දිවයින






    උබලත් උබලගේ යාළුවො ගේ අස්සේ දාගන්න කලින් දෙපාරක් හිතපල්ලා..පේනවනේ යාළුවො ගෙට දාගෙන වෙන දේවල්..:oo:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Scurvy වගේ එකෙක් වෙන්න ඇති. ඌටත් වෙන්නේ කවදා හරි ඕකම තමයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    aurudu ganak mekatath naduwak ahala muth nisahas wela eliyata eida dan na
    mun wage ungen thawa monawa ahannada. ara wagema kapala marala danna thiyenne
    anith untath padamak igena ganna
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,694
    2,498
    113
    Bevery Hills-90210
    හොඳවෙලාවට මුට 5 දෙනාම මැරුවා කියලා මතක තිබුනේ... අමතක උනා නම් එහෙම.. නිදහස් නේ.....:cool::cool: