Mahamevnawa Asapuwa_සිංහාවලෝකනය_12 (Video) @4th Jhana Samapaththi Breathing Stops

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Mahamevnawa Asapuwa_සිංහාවලෝකනය_12 (Video) @4th Jhana Samapaththi Breathing Stops

    ආස්වාස-ප්‍රස්වාස නිරෝධ වන තැනක් ත්‍රිපිටකයෙ සදහන් වෙයි.


    එවිට හුස්ම ගැනීම/හෙලීම නිරුද්ධ වේද? එය විය නොහැක්කකි.


    "සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති."





    කිරිබතගොඩ ඥානානන්ද ගොයියාගේ කට විතරයි, ධ්‍යනයකටවත් සමවැදිලා නැහැ


    -----------------------------------------------------------


    රහෝගත සුත්‍රය (සංයුක්ත නිකාය - සළායතන වර්ගය - වේදනා සංයුක්තය - රහෝගත වර්ගය)






    රහෝගත සූත්‍රය

    259. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මgහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.


    මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්‍ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්‍යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.


    එතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවනනහුට ප්‍රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්‍රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දොසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.


    වැලිදු මහණ, මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සංහිඳීම පවසන ලද්දේ වේ. පළමුවන දැහැනට සමවන්නහුට වචනය සන්හිඳුනේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වේ. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්සිඳුනේ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හිඳුනේ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්සිඳුනේ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්සිඳුනේ වේ. සඤ්ඤාවෙදයිත නිරොධයට සමවන්නහුට සංඥාත් වෙදනාත් සන්සිඳුනාහු වෙත්. රහත් මහණහුට රාගය සන්සිඳුනේ වේ. දොසය සන්හිඳුනේ වේ. මොහය සන්හිඳුනේ වේ.


    මහණ, මේ සන්හිඳුම් සයෙකි. පළමුදැහැනට සමවන්නහුට වචනය සන්සිඳුනේ වේ. දෙවනදැහැනට සමවන්නහුට විතර්කවිචාර සන්සිඳුනේ වේ. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්සිඳුනේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්සිඳුනේ වේ. සඤ්ඤා වේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දොසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.




    සංයුක්ත නිකාය 4 අස්සාස සුත්‍රය සහ පරමස්සාස සුත්‍රය මෙයට ගැලපෙන්නේ කෙසේද? නොගැටී සිත බලන්න.


    අස්සාසය යනු හුස්මට පමණක් සිමනොකොට, රහෝගත සුත්‍රයේ සිවුවන දැහනේදී එය (තාවකාලිකව) නිරෝධ වීම සමග වඩා ගැලපෙන්නේ පහත ත්‍රිපිටක සුත්‍රයේ පවසා ඇති දෙය නේද? එවිට හුස්මට එහා ගිය පංචස්කන්ධය පටිච්චසමුප්පනවා රාග, ද්වේශ, මෝහ වලින් උපාදාන කිරීමට අදාළ අස්සාසය වඩා ගැලපෙයි මට සිතේ.


    4.1.5. අස්‌සාස සූත්‍රය (http://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1802)


    320. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.


    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.


    4.1.6. පරමස්‌සාස සූත්‍රය (http://www.thripitakaya.org/tipitakaya/Index/130?s=1803)


    321. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, උතුම් අස්වැසුමට පැමිණියේ උතුම් අස්වැසුමට පැමිණියෙ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, ඇවැත්නි, මෙතෙකින් උතුම් අස්වැසුමට පැමිණියේ වෙයි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි.


    ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ අරිඅටඟිමග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ උතුම් අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි. සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි.
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Machan vivechanaya karanne umba oya sinhavalokanaya program eka complete balalada ? :rolleyes:


    මම ඇතුලේ හිටපු එකා. ඇතුලත කාතාව හුගක් වෙනස්. ඔය ආයතනයට අහුවෙන්න එපා. මුට busines අඩුවෙලා. එකයි ඔකා මේ සිංහාවලෝකනය්ක් දාමාගෙන කෑගහන්නේ.
    බලපන් මම දාලා තියන ත්‍රිපිටක සාක්ෂී.