Mahanayakes: Urgently resolve education crisis

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
2eposp4.jpg


The most venerable Mahanayakes of the Malwaththe and Asgiriya chapters in a statement to the Ministry of higher education today said that the government has to take urgent measures to solve the impending deadlock between the Ministry of Higher education and University lecturers.

“We are aggrieved at the current predicament faced by the students of this country who are the torchbearers of the country’s future. It is indeed very disheartening to note that despite the passage of over three months to the crisis the education ministry has failed to address this issue and put forward a sustainable solution” the statement said.


DM
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර්බුදය විසදීමට මැදිහත් වෙන්න සූදානම්

    විශ්වවිද්‍යාල අර්බුදය විසදීමට මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය දැක්විය හැකි බව මල්වතු , අස්ගිරි මහනායක හිමිවරුන් පවසති.උන්වහන්සේ පෙන්වා දෙන්නේ දැයේ දූදරුවන්ගේ අනාගතය ‍ගැන හෝ සිතා බලා එම ගැටලුව විසදා ගන්නා ලෙසයි.ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධරක්ඛිත මහනායක හිමියන් සහ මල්වතු පාර්ශ්වයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මහනායක හිමියන් මේ අදහස් පළ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට සහ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමිනි.

    විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයට මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, මෙතෙක් විසදුම් ලැබී නොමැති බව ද මහනායක හිමිවරු පෙන්වා දෙති.උන්වහන්සේ අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේ එම අර්බුදය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින්නේ මෙරට අනාගත සංවර්ධනයට සුවිශාල ආයෝජනයක් වන බුද්ධිමත් දරු පිරිසක් බවයි.එමෙන්ම පසුගිය උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමට ලක් නොකිරීමෙන් බලවත් අසීරුතාවට පත්ව ඇති බව මහනායක හිමිවරු පෙන්වා දෙති.

    ඒ හේතුවෙන් අධ්‍යාපනය සඳහා යෙදවිය යුතු තම වටිනා කාලය නිකරුණේ විනාශ වී අසහනයට පත්වන එම සිසු පිරිස් විවිධාකාර නොමනා ක්‍රියාමාර්ගවලට පෙළැඹීමට අවකාශ ඇති බව ද මහනායක හිමිවරු පවසති.උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම අර්බුදකාරී තත්ත්වය නොවිසදීමෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සහ ආචාර්ය සංගමය විසින් සිදුකරනුයේ මෙරට බුද්ධිමත් දරු පිරිස අභ්‍යාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇදදැමීමට අනුබලදීමක් බවයි.අදාළ දෙපාර්ශ්වයම කැඳවා යම් සම්මුතියකට එළැඹීමට අපේක්ෂා කරන්නේ නම් මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස සහය ලබාදීමට හැකි බව මල්වතු, අස්ගිරි මහනායක හිමිවරු එම ලිපියෙන් අවධාරණය කරති.


    නැත්නම් තව කීදෙනෙක් අනතුරු වලට අහුවෙයිද දන්නෙ නෑ