
මචන්,

මහත් වෙන්න ඕන නම් ඔය එක එක ජාති බීල හරිම ඉක්මනට මහත් වෙන්නත් පුළුවන්.

නැති නම් හරි විදියට මහත් වෙන්නත් පුළුවන්. කෙල්ලෙක්ට කීව නෙ.

ඒ නිසා ඔය ලේසි විදි වලින් මහත් උනාම මොනව ම හරි අවුලක් උනොත් ගොඩක් කාලෙකට බලපාන්න පුළුවන්.

කොල්ලන්ටත් එහෙම තමයි ඉතින්.

මහත් වෙන්න නම් මෙන්න මේ ටික කරන්න කියපන්.
"කුෂ්මාණ්ඩ රසායනය" කියල සිංහල බෙහෙත් එකක් එනව.

සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනව ඒක හදල ම පැකට් කරල.

ඒකෙන් එක පැකට් එකක් (ලොකු එකක් හරි පොඩි එකක් හරි) ගන්න කියන්න. හැමදාම උදේට ඒකෙන් නෙල්ලි ගෙඩියක වගේ ප්‍රමාණයක් අරන් කන්න කියන්න.

මේක කරන්න ඕන හිස් බඩට.

ඒ කියන්නෙ උදේම නැගිටල

oo: දත් මැදල මූණ හෝදලා) වෙන කෑම මුකුත්ම කන්නෙ නැතුව අර බෙහෙතෙන් ඒ ප්‍රමාණය කන්න ඕන.

ලොකූ අප්පිරියාවක් නෑ,

ඒත් රස නම් නෑ.

මහත් වෙන්න ඕන නම් ඉතින් කන්නම වෙනව.

ඒක කාල එළකිරි වීදුරුවක් බොන්න ඕන.

shocked: Elakiri.com නෙවෙයි,

උණු කරගත්ත එළකිරි)

ඕකම හවසත් (6, 7ට ) කරන්න පුළුවන් නම් හොඳයි.

උදේට විතරක් උනත් ඇති.

වරද්දන්නෙ නැතුව දවස් 7ම මාසයක් 2ක් ඕක බොන්න කියහන්. තව, Peanut butter, Cheese, Oats, Eggs, Chicken breast, Dates (රටඉඳි), Nutella, සමපෝෂ, කඩල, කව්පි, Curd, yoghurt, Ham..
විශේෂයෙන්ම අලි පේර වගේ දේවල් ගෙනල්ල කන්න කියන්න.

දවසට කෑම වේල් 5 - 7ක් විතර වෙනකම් කන්න කියහන්.

පොඩි පොඩි කෑම වේල් 5 - 7ක්..

කෑම කන්න බෑ බෑ වගේ නම් ඉතින් එක එක රසට කෑම හදන්න කියහන්.

මොකද එපා වෙනව කෑම කන එක සමහර අයට.

කෑම කාල වතුර බොන්න කියන්න,

තව නිතරම වතුර බොන්න ඕන.

ගොඩාක් නෙවෙයි,

අර කන කෑම දිරවන එක ලේසි වෙන්නයි.

තව පුළුවන් නම් ඩොකෙක්ට කියල විටමින් බී හරි මල්ටි-විටමින් හරි සිරප් එකක් ගන්න.

ඔය ටික නොකඩවා කලොත් අනිවා මහත් වෙනවමයි.