මහේලගේ බිරිදගෙන් මහේලට රතු එළියක්.
දේශපාලනයට පිවිසුණහොත් තමාගෙන් දික්කසාද වන බවට තම බිරිද අනතුරු හඟවා ඇතැයි,හිටපු ක්‍රීකටි නායක මහේල ජයවර්ධන කියයි.
පිළිකා පිටු දැකිම සඳහා අරමුදල් තර කර ගැනිමේ හමුවකදි කොළඹ ව්‍යාපාරික පිරිසක් හමුවේ පසුගියදා මේ බව සිනාමුසුව කියා ඇති මහේල ජයවර්ධන වැඩිදුරටත් මෙසේද පවසා ඇත.
“හොද මෙන්ම නරක දේශපාලඥයිනුත් ඉන්නවා.මට කලින් නායකම් කළ සමහර නායකයෝ දේශපාලනය කරනවා.ඒත් මට නම් දේශපාලනයට පිවිසිමේ අවශ්‍යතාවයක් පැන නැගි නැහැ.”
“ඇරත් මම දේශපාලනය පිවිසුණහොත් මගෙන් දික්කසාද වන බවට ඇය අනතුරු හඟවලයි ඇත්තේ.ඒ නිසා දේශපාලනයට පිවිස ඇයව නැති කර ගන්න මට උවමනාවක් නැහැ.”
“මම නායකත්වයෙන් ඉවත් වුණේ නියම වේලාවට.පිටියේ පන්දු රැකිමට මේ නායකත්වය මට හිසරදයක් වුනා.ඇරත්,මට පෙර සිටි ඇතැමි නායකයින්ගේ හිසේ කෙස් මේ නායකත්ව පීඩනය නිසා අහිමි වෙලා තියෙනවා.බලන්න හෂාන්, මාවන් දිහා ඒ ගොල්ලන්ගේ තට්ටේ පැදිලා .මට ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය නැහැ.මම හිතනවා සංගක්කාරටත් ඒ තත්ත්වේ උදා නොවේ කියලා.”
ලසින්ත මාලිංග ගේ විලාසිතා උන්මාදය ගැන සඳහන් කරමින් මහේල සිනාසෙමින් මෙසේ සඳහන් කර ඇත.
“ලසිත් හොද පන්දු යවන්නෙක්.ඔහුට ආවේණික විවිධ උන්මාදයන් තිබෙනවා.විටෙක පච්චා කොටා ගත්තා.තවත් විටෙක් ඇහි බැමේ කරාබු දැම්මා.මේ ඇහි බැමේ කරබු ගැන ඇසුවාම මාලිංග කිවිවේ හැමෝම දැන් ටැටු කොටනවා.ඒ නිසා මම මේ දේ කරනවා කියලා.මේ ඇහි බැමේ කරාබු නිසා භෙෘත චීකිත්සකට ඔහු ගැන අමතර වෙහෙසක් ගන්න සිදු වුනා