Mahinda Deshapriya මහතා තබන ලද සටහනකි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mahinda Deshapriya මහතා තබන ලද සටහනකි

    (මැතිවරණ කොමිසමේ සභාපති Mahinda Deshapriya මහතා විසින් තබන ලද සටහනකි.)

    ප්‍රශ්නය:-
    ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද ?

    පිළිතුර:-
    එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.

    අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.

    මේ පිළිබඳව උදාහණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

    ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

    A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.
    A= 40, B = 35, C= 15, D= 6, E= 4
    මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

    පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

    අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.

    C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.

    ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

    එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.

    දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

    මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
    • මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
    • Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
    • A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

    මීට ඔබේ ආදරණීය සදාදරණීය මැකොස...

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නාථ සර් කිව්ව නේද අායිත් ගණන් කරන කථාවක්..අනුරයිය බොරුවක් කියන්න අැති නාථ සර්ට..
     
    • Like
    Reactions: SPACEBAR

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    lankawe minissu deweni manapayak dewi kiyala hithanna amarui
    oka godak ayata therenneth naha
    JVP eka apekshakayek dana eken balaporottu wenne oka thama
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඒ කියන්නේ ප්‍රධාන දෙන්නට චන්දෙ දෙන අය දෙවැනි මනාපේ ගහල වැඩක් නෑ නේද.

    ඒ වගේ නේද.. ඉතින් ප්‍රදාන දෙන්න කවුරු වෙයිද දන්නැති තත්වයක් ආවොත්?
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඒ වගේ නේද.. ඉතින් ප්‍රදාන දෙන්න කවුරු වෙයිද දන්නැති තත්වයක් ආවොත්?

    එහෙම නම් වෙන්නේ නෑ මේ සිරි ලංකාව :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ නේද.. ඉතින් ප්‍රදාන දෙන්න කවුරු වෙයිද දන්නැති තත්වයක් ආවොත්?
    දැන්ම නං එහෙම වෙන පාටක් නෑ නේද තුන්වෙනි බලවේගයක් පේනතෙක්මානෙක නෑ නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ජෙප්පො කෙලියිද දන්නේ නෑ UNP එකට දෙවෙනි මනාපේ :confused:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,956
    113
    ජෙප්පො කෙලියිද දන්නේ නෑ UNP එකට දෙවෙනි මනාපේ :confused:

    ඒක තමයි උන්ට කරගන්න ඕනවෙලා තියෙන්නෙ උන් දාන අපේක්ශකයා දිනන්නේ නැති බව උන් කොහොමත් දන්නවා ජන්ද කඩන එකයි දෙවෙනි මානාපෙයි තමයි උන්ගෙ ටාර්ගට් එක
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒක තමයි උන්ට කරගන්න ඕනවෙලා තියෙන්නෙ උන් දාන අපේක්ශකයා දිනන්නේ නැති බව උන් කොහොමත් දන්නවා ජන්ද කඩන එකයි දෙවෙනි මානාපෙයි තමයි උන්ගෙ ටාර්ගට් එක

    දැන් උන් වැටිලා තියෙන තත්වේ අනුව දෙවෙනි මනාපයක් එකතු වෙන්න තරම් ජන්ද උන්ට එන එකක් නෑ.හැබැයි අර නාගානන්දයි NPM කාරයෝ ටිකයි JVP එකට මුක්කු ගහයි වගේ, මොකද උන් උඩ පැන්නට උන්ට පක්ෂයක් ලියාපදින්චි කරන්න විදිහක් නෑ තනියම ඉල්ලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙප්පො කෙලියිද දන්නේ නෑ UNP එකට දෙවෙනි මනාපේ :confused:
    ඕක කොච්චර කියල දුන්නත් සීයට දහයක්වත් මිනිස්සු දෙවනි මනාපයක් ගහන එකක් නෑ මමනං හිතන්නෙ.
     
    • Like
    Reactions: yosh371

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඕක කොච්චර කියල දුන්නත් සීයට දහයක්වත් මිනිස්සු දෙවනි මනාපයක් ගහන එකක් නෑ මමනං හිතන්නෙ.

    අනික UNP එකට දෙවෙනි මනාපයක් ගහන්න අපේ රටේ උන්ට පු# අමාරුවක් තියෙනවයැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් උන් වැටිලා තියෙන තත්වේ අනුව දෙවෙනි මනාපයක් එකතු වෙන්න තරම් ජන්ද උන්ට එන එකක් නෑ.හැබැයි අර නාගානන්දයි NPM කාරයෝ ටිකයි JVP එකට මුක්කු ගහයි වගේ, මොකද උන් උඩ පැන්නට උන්ට පක්ෂයක් ලියාපදින්චි කරන්න විදිහක් නෑ තනියම ඉල්ලන්න

    නාගා ජෙප්පොන්ට බැනපු විදිහට උෟට රෙද්දක් අැඳන් උන් ඵක්කම සැට් වෙන්න පුළුවන් වෙයිද..හිහිහි....

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    දැන් උන් වැටිලා තියෙන තත්වේ අනුව දෙවෙනි මනාපයක් එකතු වෙන්න තරම් ජන්ද උන්ට එන එකක් නෑ.හැබැයි අර නාගානන්දයි NPM කාරයෝ ටිකයි JVP එකට මුක්කු ගහයි වගේ, මොකද උන් උඩ පැන්නට උන්ට පක්ෂයක් ලියාපදින්චි කරන්න විදිහක් නෑ තනියම ඉල්ලන්න

    NPM kohomath JVP ban
     
    May 5, 2006
    282
    12
    0
    hell
    (මැතිවරණ කොමිසමේ සභාපති Mahinda Deshapriya මහතා විසින් තබන ලද සටහනකි.)

    ප්‍රශ්නය:-
    ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුනහොත් නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද ?

    පිළිතුර:-
    එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.

    අපේක්ෂකයන් තිදෙනෙකුට හෝ එයට වැඩි පිරිසක් තරඟ කළහොත් පමණක් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක් එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මතු වේ.

    මේ පිළිබඳව උදාහණ සහිතව මතු සඳහන් පරිදි පැහැදිලි කරන ලදි.

    ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයින්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිතා කරමින් ඡන්දය දිය හැකිය. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් අවශ්‍ය 1 පමණක් ද යෙදිය හැකි ය. නැතහොත් සුපුරුදු කතිරය (x) යෙදිය හැක.

    A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් වන බව ද උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.
    A= 40, B = 35, C= 15, D= 6, E= 4
    මේ අනුව තරඟය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරඟයෙන් ඉවත් කෙරේ.

    පළමු හා දෙවන ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත.

    අනතුරුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එමෙන්ම 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B, සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ.

    C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ D හෝ E සඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා ඇත් ද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද ප්‍රතිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරඟයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.

    ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද 2,3 මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද 25ම A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.

    එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.

    දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. මෙහි දී එයින් අඩකට එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ.

    මෙහි දී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත.
    • මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත.
    • Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
    • A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයෙකුට එකතු කරනු ඇත.

    මීට ඔබේ ආදරණීය සදාදරණීය මැකොස...

    (මැතිවරණ කොමිසමේ සභාපති Mahinda Deshapriya මහතා විසින් තබන ලද සටහනකි.)

    Mahinda Deshapriya saha Ohuge Pawula yanu thada UNP karayanya... Ohuge Sahodaya wana Sunanada Deshapriya rata paawadiime kriyawaliye pera gaman karuwekya...

    thiththa aththa...