ජවිපෙ මහින්දත් එක්ක වුනත් එක්වීමට සුදානම්
මේ වසර තුළදී ජනාධිපතිවරණයක් , මහමැතිවරණයක් සහ පළාත් සභා මැතිවරණයක් පිළිබඳව දේශපාලන පොර පිටියේ කතාබහක් නිර්මාණය වී තිබේ.
කෙසේ වෙතත් මහමැතිවරණයකට පෙර නිසැක වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවධාරණය කර ඇත.
මේ අතර කැබිනට් ඇමතිධුර සංඛ්‍යාව 30 සීමාව ඉක්මවා යෑමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සාහයට එරෙහිව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමගින් වුවත් එක්වීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

.