ලන්ඩන් සිට කටුනායක බලා පියාසර කළ ගුවන් යානයක් අද පස්වරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.
ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිතව පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
එලෙස ගොඩ බස්වා ඇත්තේ යූ.එල් 504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.
පස්වරු 1.55ට මත්තලට ගොඩබැස්වූ යානය පස්වරු 4.30ට යළි ත් කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කර තිබේ.
-NewsFirst



