Make Money with APK Review Websites + SEO Guide Part I

T A R O

Well-known member
  • May 6, 2020
    42
    261
    53
    ~future~
    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව තියෙන්නේ APK sites ගැන වුනත් මම බලාපොරොත්තු වෙන්නේ මේ guide එක ඉස්සරහට කියවන ඕනේම කෙනෙක්ට ඕනෙම websites වර්ගයකට seo campaign එකක් plan කරගන්න හරිම විදිය කියල දෙන්න. ඒ කියන්නේ adsense websites, affiliate marketing websites, commercial websites, corporate websites වගේ විවිධාකාර වෙබ්සයිට්ස් තියෙනවනේ. පොඩි පොඩි වෙනස් කම් අරුනම මේවයේ SEO prototype එක ගොඩක් වෙලාවට එකම විදියට යනවා. දැනට මගේ මේ ත්‍රෙඩ් එක අනවශ්‍ය විදියට දික් වෙන එක වලක්වන්න මම පොඩි උපකාරයක් ගන්නවා කෙනෙක් පල කරපු ඒ වගේම කට්ටිය අතරේ share කරන්න පාවිච්චි කරපු PDF එකක් පහලින් share කරල. ඒ ගැන උනන්දු මූලික දැනුමක් අවශ්‍ය කරන හැමෝටම ඒක බලල හරිම අදහස ගන්න පුලුවන්. මේකේ වෙන්නෙ මොකද්ද කියන එක ගැන දැනගන්න. ඒක download කරගන්න මෙතනින්. මේක මට ලැබුනේ යාලුවෙක්ගෙන්. මගේ දැනට APK review websites 9ක් run වෙනව හොඳටම. එක සයිට් එකකින් දවසට 30$-100$ අතරෙ normally generate වෙනව. හැම සයිට් එකක්ම මේ වෙද්දි රෑන්ක් 10ට උඩින් තියෙනව. නමුත් මට මගේ සයිට් එකක්වත් expose කරන්න බෑ කියල දෙන්න ගිහින්. සමහර sites official සයිට් විදියට genuine ම පේනව බලන ඕනෙම කෙනෙක්ට. ඒ නිසා තමයි මේ වගේ ඒ ගැන කියපු කෙනෙක්ගෙ guide එකක් මෙතන share කලේ මූලික දේවල් ටික දැනගන්න. ඒක ප්‍රමාණවත් වෙයි කියල හිතනව.

    මේක ජයම්පති දේශප්‍රිය කියල මෙම්බර් කෙනෙක් share කරපු guide එකක්.

    download කරල කියවන අය, සහ කියවල ඉවර අය මතක තියාගන්න ඕන වැදගත් දෙවල් කීපයක් තියෙනව.

    1. මේ guide එකේ අඩු පාඩු ටිකක් තියෙනව. ඒ ටික මම කියල දෙන්නම් මොනවද කියල. keywords හොයන විදි හෙම මේ guide එකේ අඩුයි.
    2. මම මේකට පාවිච්චි කරන්නේ මගේ තියෙන පරනම ඇඩ්සෙන්ස් account එකක්. 2013 එකක්. නමුත් brand new adsense account පාවිච්චි කරනවනම් අනිවාර්යෙන්ම මේක වෙනම ඇඩ්සෙන්ස් එකක කරන්න. මොකද සයිට් එක stable කරගන්න කල් ඒක අවදානමක් තියෙන නිසා.
    3. මේ සයිට් වලට ඇඩ්සෙන්ස් ලේසියෙන් දෙන්නේ නෑ කියල තියෙනව guide එකේ. ඔව් ගන්න අමාරුයි. නමුත් ලේසියෙන්ම ගන්න විදිය කියල දෙන්නම්.
    4. apps තෝරගනිද්දී එක රාමුවකට කොටු වෙන්න එපා. මොකද මේ guide එක කියවන අය වුනත් එකම් රාමුවකට කොටු වෙලා ඒ දේ හිතන්න පටන් ගන්නේ. එහෙම වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඕනේ තරම් හොද apps තියෙනව review site එකකට යන්න පුලුවන් විදියෙ.

    වැදගත්:
    හොදට මේ guide එක කියවල knowledge එක එකතු කරගන්න සතියක් දෙකක් හොදට. මේ ගැන හොද අධ්‍යයනයක් කරන්න. ඔයාට යන්න පුලුවන් හැම resource එකක්ම එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රෙඩ් එකත් එක්ක සෙට් වෙන්න හරියටම සති දෙකකට පස්සේ. මේ වෙද්දි ඔයා ඔයාගේ පලවෙනි ඇප් එක select කරගෙන ඉන්න ඕන හොදට මේ ගැන study කරල. එතන ඉදල පිලිවෙලට ඉස්සරහට යමු. තමන් වෙනුවෙන් කැපවෙන්න පුලුවන් මිනිස්සුන්ටයි මේ ත්‍රෙඩ් එක පල වෙන්නේ. එහෙම නැතුව පිනට දෙයක් පහල වෙනව කියල බලන් ඉන්න අයට නම් නෙවෙයි.

    මෙතන ඉදල සති දෙකක් යනකල් ඔයා ඔයාගේ research කරන්න ඕනේ මේ niche එක ගැන, මේකට අදාල කරුනු කාරනා ගැන. මෙතනින් පටන් ගන්නවා අදට. මොකද්ද SEO කියන්නේ?

    මොකද්ද SEO කියන්නේ? සරලවම කිවුවොත් මෙහෙමයි. මේකට definitions ගොඩක් තියෙනවා. මම පාවිච්චි කරන එක මම කියන්නම්. search engine result එකක අපේ වෙබ්සයිට් එකක් ඉහලට අරගෙන එන්න අවශ්‍ය කරන, අපේ සයිට් එකට, සහ සයිට් එකෙන් එලියේ අපි සිදුකරන ක්‍රියාදාමය search engine optimization කියල හදුන්වනව. එතකොට මෙතනින් එහාට මේ ත්‍රෙඩ් series එකේ අපි කතා කරන්න යන්නේ අන්න ඒ ක්‍රියාදාමය ඇතුලේ සිද්ද වෙන දේවල් ගැන.

    මොනවත්ම නොදන්න කෙනෙක්ට කොහොමද මේ දේ ඔලුවට දාගන්නේ. මේක මේ මහ ලොකු අමාරු සෑහෙන බරට හිතන්න තියෙන දෙයක් නෙවෙයි. සමහර අය ඒක එහෙම පෙන්නන්න උත්සහ කරනව, මම නම් දන්නේ නෑ ඇයි ඒ කියල. SEO ඇතුලේ සරල concept ටිකක් තියෙනවා. Basic theory ටිකක්. ඒ ටික හරියට ඔලුවට දාගත්තානම් seo ඉගෙන ගන්න එක හරිම ලේසි දෙයක් වෙනවා ඕනම කෙනෙක්ට. හැබැයි කැපවීම ඕන කරනව ඔයාගේ අනිවාර්යෙන්ම. අතට අහුවෙන, ඇහැට දකින මේ සම්බන්ධව තියෙන හැම දෙයක්ම කියවන්න පුරුදු වෙන්න කම්මැලිකම නැතුව. YouTube videos බලන්න. SEO වලට අදාල forums, communities follow කරන්න. ඒක තමයි අංක එක. දෙවෙනි එක තමයි කඩ්ඩ හදාගන්න. මොකද ඕනේ තරම් අලුත්ම් resources internet එකේ තියෙනවා. කියවල තෙරුම් ගන්න පුලුවන් විදියට කඩ්ඩ හදාගත්තනම් ඒක තමන්ගේ දියුනුවට ලොකු පිටිවහලක් වෙවි අනිවාර්යෙන්ම.

    ඒ විදියට තමන්ට දෙයක් කියවල තේරුම් අරගන්න පුලුවන් තරමට කඩ්ඩ හදාගන්න පුලුවන් වෙන්නේ ඔයා ඒ වෙනුවෙනුත් කැප වුනොත් විතරයි. කාටවත් බෑ කෙනෙක්ව ගොඩ දාන්න. තමන්ගේ උත්සාහය කැපවීම නැත්නම්. ඇයි මම කඩ්ඩ හදාගන්න කියන්නේ? හේතුව ඔයා වැඩ කරන්න යන්නෙ international audience එක target කරල කරන්න යන වැඩ පිලිවෙලක. ඉතින් අනිවාර්යෙන්ම ඒකට කඩ්ඩ තේරුම් ගැනීමෙ හැකියාව ටික ටික හෝ හදාගන්න එක වටිනවා. තව තව දේවල් අමාරුවෙන් හරි ඉගෙන ගන්න ගන්න ඔයාට ඒක තව තව පුලුවන් වෙනවා.

    දැනට ලංකාවේ SEO ගැන දේවල් කියල දෙන සිංහල චැනල් අතරින් හොඳ චැනල් එකක් කියල කියන්න පුලුවන් මේ චැනල් එක. Content වල පොඩි වැරදි නැතුවම නෙවෙයි( depend on the perspective). සමහර දේවල් එහා මෙහා වෙන්න ඕන. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් මූලික අදහස් ටික අරගන්න කඩ්ඩ බැරි කෙනෙක්ට, මේක හොඳ චැනල් එකක්. අවශ්‍යම දේවල් ඒකෙන් cover වෙන නිසා.


    නමුත් තේරුම් ගන්න මේ දේ. කඩ්ඩ බැරි නිසා සිංහල බාශාවෙන් තියෙන resources follow කලත් ඔයාට අනිවාර්යෙන්ම යම් දෙයක් කියවල තේරුම් ගන්න තැනට එනකල් කඩ්ඩ හදාගන්න එක හරිම වැදගත් වෙනවා මේ field එකෙ ඉස්සරහට යද්දී. ඒ නිසා ඒ ගැනත් හිතන්න.
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    42
    261
    53
    ~future~
    හොදයි. අපිට මුනගැහෙනවා ඒ විදියේ වෙබ්සයිට්ස් ඔනේ තරම්. Content websites, affiliate websites, business websites, corporate website මේ වගේ විවිධාකාර විදියේ වෙබ්සයිට්ස් අපිට දකින්න පුලුවන්. මේ හැම එකක්ම search results වලට එන විදිය අපි බලමු ඉස්සෙල්ලම.


    අපි අපිට දෙයක් හොයාගන්න ඕනේ වුනාම ඉස්සෙල්ලාම කරන්නෙ google search engine එක ගිහින් ඒ ගැන අපේ හිතේ තියෙන වචන search කරන එක

    එතකොට මොකද වෙන්නෙ.? Google search engine එකෙන් අපි search කරපු ඒ වචන වලට අදාලව අපිට යම් results ටිකක් පෙන්නනවා. කවදහරි හිතුවද මේකෙ mechanism එක මොන වගේ එකක් වෙන්න ඇතිද කියල? අන්න එහෙම හිතපු කෙනෙක් SEO ඉගෙන ගන්න මූලික අඩිතාලම දාගෙන අවසන් ඇත්තටම. SER (search engine results) පෙන්නුම් කරන විදිය එන්න එන්නම විකාශනය උනා අතීතයේ ඉදන්ම. මේ වෙනකොට අපි search කරන දේට ගැලපෙනම result එක අපිට අරන් දෙන්න search engine වලට හැකියාව ලැබිල තියෙනව තාක්ෂණයේ දියුනුවත් එක්කම.


    SEO ඉගෙනගන්න යනකොට ඒකේ ඉතිහාසය ගැන, search engine වල විකාශනය ගැන ඉගෙන ගෙන එන එක වටිනව. ඒකට මේ පොස්ට් බලන්න. මේවයේ නොතේරෙන තැනක් තියෙනම් පහලින් reply එකක් දාගෙන යන්න කියල දෙන්නම්..



    එතකොට මේ ත්‍රෙඩ් series එකේ අපි යන්නෙ step by step. ඒ විදියට follow කරගෙන යමු. මතක තියාගන්න theory එකම වුනාට එක එක පුද්ගලයින්ගේ ක්‍රියාපිලිවෙත් වෙනස්. මොකද ඒක තීරණය වෙන්නේ experience එකත් එක්ක ඕනෙම කෙනෙක්ගේ. එතකොට මම කියල දෙන ක්‍රියාපිලිවෙල නෙවෙයි සමහරවිට තව කෙනෙක් කියල දෙන්නේ. ඒ නිසා හැමවෙලාවම මූලික හරය විතරක් අරගෙන තමන්ට ගැලපෙන විදියට වැඩ පිලිවෙලක් හදාගන්න ඕන ඔයාලාම තමන්ට results එන විදියට. හරිද.

    අපි මේ විදියට යමු.

    • Keyword research එක කරගන්න විදිය ( මේකෙදි මම් කතා කරනවා යම් method ටිකක්, free සහ paid tool use කරල keyword research එකක් කරගන්න විදිය) ගොඩක් දිගට කරන්නේ නෑ මොකද ඔනේ තරම් guides ඉන්ටෙර්නෙට් එකේම තියෙන නිසා. ඒවා ඒ වෙලාවට සඳහන් කරන්නම්. මේක තමයි වැදගත්ම් කාරණාවක් වෙන්නේ තමන්ගේ කරන්න යන දේ සාර්ථක වෙනවද කියන එක තීරණය වෙන.

    • Onsite seo part එකේ මූලිකවම අවදානය දෙන්න ඕනේ කරුනු ( site එකක schema markup වල ඉදන් සයිට් speed එකට එනකල් ඔක්කොම onsite seo part එකේ වෙන දේවල් ගැන කියල දෙනවා)

    • Offsite seo part එක - මේ ගැන brand new site එකකට උඩ කියපු කාරණා ටික complete කරගත්තට පස්සේ කොහොමද සයිට් එකක් රෑන්ක් කරගන්නේ කියන එක ගැන, backlinks හදන්න ඕනේ කරන දේවල් මොනවද strategy මොනවද කියන එක කියල දෙනව. කොහොමද සයිට් එකක reputation එක වැඩි කරගන්නේ, සයිට් එකක rank එක, මොන update එක මොන විදියට ආවත් almost stable තියගන්නේ කොහොමද කියන එක මේකෙන් කතා කරමු. මීට අමතරව HQ link outreach කරගන්න විදිය, කොහොමද guest posts අරගන්නේ, site එකකට කිසිම plan එකක් නැතුව massive විදියට ලින්ක් බිල්ඩ් කරල temporary rank එකක් හදාගෙන සයිට් එක තිබුනටත් වඩා rank drop කරගන්නේ නැතුව හරියට වැඩේ කරන්නේ කොහොමද කියන එක මෙතනදි අපි කතා කරමු. manual වැඩ කරල ඉවර වෙලා යම් profit එකක් අතට එන්න ගත්තට පස්සේ කොහොමද backlink building process එක automated කරගන්නේ genuine විදියට. RankerX, seo autopilot වගේ use කරල කොහොමද tiered link build කරගන්නේ කියන එකත්.

    • Technical seo part එක. මේක වැදගත් වෙන්නේ 2020න් පස්සේ ගොඩක්ම. onpage සහ offpage seo factors කීපයක එකතුවෙන් හැදුන එකක් තමයි technical seo part එක වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම මේකෙන් target වෙන්නේ සයිට් එකක crawling සහ indexing වන ratio එක වැඩි කරවන එක. ex: site architecture, breadcrumbs, URL structures, structured data markup etc. User experience එක මත සයිට් එකක ranking වෙනස් වෙන්නෙ මොන වගේ කාරණා මතද කියලත් මේකේ අවසානයට කතා කරනව මේකෙන්.

    seo thread series එකේ අවසානෙන් පස්සේ එතනින් එහාට ඇතිවෙන ඕනෙම ප්‍රශ්නයක් මේ ත්‍රෙඩ් එකේ අහන්න පුලුවන් ඔයාලට. එතනින් එහාට normal adsense වලට වඩා ගොඩාක් එහාට ගිය දෙයක් ගැන කියල දෙනව අනිවාර්යෙන්ම. ගොඩක් අය නොදන්න පැති කඩක් සහ බරට හොයන්න පුලුවන් පැත්තක් හොද targeted traffic එකකින්. තව දේවල් එන්න තියෙනවා. ;-) අපි ඒවා ඉස්සරහට බලමු.

    ---------------------------------------
    එලකිරි එකේ මම දැනුවත්ව ඉන්නවා SEO services විදියට ලංකාවේ වගේම BHW වගේ forum වලත් තමන්ගේ service එක සපයන අය. ඒ අයත් ඉස්සරහට මේ දේවල් වලට උදවු කරාවි කියල බලාපොරොත්තු වෙනවා.

    ලංකාවේ මිනිස්සු හරි වෙනස්. හැමදෙයක්ම තව කෙනෙක්ගෙන් ලැබෙන කල් බලන් ඉන්න පුරුදු වෙලා ගොඩක් අය. ඒක තමයි මේ තරමට කාලයක් ගත වෙලත් තවමත් ලංකාව දියුනු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. මොකද බහුතරයක් පුරුදු වෙලා තියෙන්නේ දේශපාලුවන්ගෙන් රටට, තමන්ට දේවල් කෙරෙනකල්, ලැබෙනකල්. තරුණ පරම්පරාවටත් වැඩිහිටි අයගෙන් ලැබෙන්නේ ඒ වගේ ආදර්ශයක් මේ රටේ. මේ දේ වෙනස් වෙන්න ඕන අනාගතේදි. අනිවාර්යෙන්ම. තමන්ගේ ආර්ථික ශක්තිය තමන්ම ගොඩ නගල සාර්ථක වෙන දවසට මේ රටේ තරුණයෝ තවදුරටත් රැකියා ඉල්ලල කෑ ගහන එකක් නැති වෙයි. තමන්ගේම ශක්තියෙන් නැගිටින දවසට තව දුරටත් දේශපාලුවන්ට ඔලුව නවන එකක් නැති වෙයි. අනිවාර්යෙන්ම අන්න එදායින් පස්සේ මේ ලංකාව දියුනු වෙමින් පවතින රටකින් දියුනු වූ රටක් බවට පත්වෙන එක කාටවත් නවත්වන්න බෑ. හැම පවුලකම ආර්ථිකය යහපත් වුනොත් අනිවාර්යෙන්ම මේ ලංකාව වෙනස්ම තැනක් වෙයි. ඒකට තරුණ පරම්පරාව අලුත් විදියට හිතලා තමන්ට හැමදේම ලගට ලැබෙන කල් බලන් නොඉද වැඩ කරන්න පටන් ගන්න ඕන. බය නැතුව කියනවා, online marketing industry එක, freelancing මේවා තව තව දියුනු වෙනව ඉස්සරහට. ඉස්සරහට යන්න නම් තාක්ෂණයට කැමති කෙනෙක් නම් මේ fields හරියට ඉගෙන ගන්න කෙනෙක්ට ජීවිතේ වරදින්නේ නෑ. මේ field එකේ නැතත් වෙන ඔනේම field එකක වැඩ කලත් එකේ උපරිමේටම ඉහලට යන්න උත්සහවන්ත වෙන්න. හරි පාරවල් හොයාගන්න. ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙන්න ගතවෙන්නේ එක තීරණයක දුරක් විතරයි.

    වැඩ කරගෙන ඉස්සරහට යමු. තව මාස 7ක් තියෙනව මේ අවුරුද්ද ඉවර වෙන්න. වැඩ කරන්න කැපවෙන්න පුලුවන් කෙනෙක්ට මේ මාස 7 හොඳටම ඇති තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරල දාන්න. තමන්ට හොද field එකක් තෝරගන්න ඕන මුලින්ම. මාස 7 හොඳටම ඇති. කලින් කිවුවා වගේම තමන්ගේ ජීවිතේ වෙනස්ම කරල දාන්න ඔයාට පුලුවන් අනිවාර්යෙන්ම, එක සිතිවිල්ලක් විතරක් වෙනස් කරල, අසීමිතව එක අරමණක් වෙනුවෙන් කැප වුනා නම් මේ ගමන හරිම් ලේසි වෙනවා. මනස වෙනස් කරගන්න එක වෙනම දෙයක්. ඒ වගේම අනිවාර්යෙන්ම mindset එක වෙනස් කරගන්න එක මාරම් වැදගත් මේ field එකේ ඉස්සරහට යද්දී. ඒ ගැනත් කතා කරන්නම් ඉක්මනින්ම. උදවු කරල එක පාරක් හොඳට කෙලවගත්ත කෙනෙක් විදියට කියන්නේ මේ දේ, මම මගේ උදවු කරන එක නතර කරන්නේ නෑ, හැබැයි අතේ දුරින් ඉදන් ගොඩයන්න ඕන කරන උදවුව දෙනවා අනිවාර්යෙන්ම. මේ field එකේ දැනටත් ඉන්න කෙනෙක්නම් ඉහලට යන්න බැරිව කොතන හෝ හිරවෙලා නම් අන්න ඒ තැන අදුනගන්න. ඒක fix කලාම ජීවිතේ rocket එකක් වගේ ඉහලට යන්න පටන් ගන්නවා. ආයේ පහලට එන්නෙ නැ. මොකද mindset එක ඒ වෙනුවෙන්ම හදල අවසන් නිසා. (y)

    ත්‍රෙඩ් එකේ chapters ටික පිලිවෙලට දවස් කීපෙකින් publish කරනව. අපි තරගයක් වෙන්න ඕනේ තවත් ශ්‍රීලාංකිකයෙක්ට නෙවෙයි බ්‍රෝ, අපි තරගයක් වෙන්න ඕනේ වෙනත් රටවල් වල ඉන්න අපේ field එකේ අයට. Indian අය ලංකාවේ අයට වඩා සෑහෙන්න ඉස්සරහින් ඉන්නෙත් උන්ගේ තියෙන උත්සාහවන්ත කම නිසාමයි. ලංකාවේ අයගේ හිතන විදිය ගැන මම් මුලින්ම කිවුවේ ඒකයි. අන්න ඒ මානසිකත්වයන් අයින් වුනොත් ජීවිතේට ගොඩක් දේවල් ලැබෙන්න පටන් ගනිවී හිතන්නවත් බැරි විදියට. 🧡

    ජය වේවා!
     
    Last edited:

    kkddkanna

    Member
  • Jul 19, 2007
    196
    11
    18
    Thank you, Brother. I did this type of site and monthly getting 1000 visitors but still, I couldn't got the AdSense approval. what i should do?
     
    Last edited:

    T A R O

    Well-known member
  • May 6, 2020
    42
    261
    53
    ~future~
    Thank you, Brother. I did this type of site and monthly getting 1000 visitors but still, I couldn't got the AdSense approval. what i should do?
    මම උබේ inbox මැසේජ් එකට reply කලා. මෙතනත් කියන්නම් ඒකම. පලවෙනි එක උබෙ සයිට් එක පට්ටම අවුල්. ඒකේ කිසිම value එකක් නෑ. මම review කලත් දෙන්නේ නෑ ඒකට නම්. ඇඩ්සෙන්ස් ගන්නේ මෙහෙමයි. උබට කරන්න තියෙන්නේ සයිට් එකේ theme එක generatepress වගේ content related theme එකකට change කරන්න. ඊලගට මචන් සයිට් එකේ එක download ලින්ක් එකක්වත් තියන්න එපා. ඊලගට හොද post 10,15ක් අතර ගානක් දාන්න. IT related, PC related, apps related වෙන්නම් ඕනේ නෑ ඒව. ඕකේ. ඒවා user ලට visitor ලට උදවු වෙන විදියට ex: troubleshooting works well වෙන්න ඕනේ කන්ටෙන්ට් එක. බය නැතුව ඇඩ්සෙන්ස් ඉල්ලන්න. හම්බෙනව. ඊලගට adsense approvel එක ලැබුනට පස්සේ උබට ඕනේ විදියට සයිට් එකේ තීම් එක වෙනස් කරල හදාගන්න. download links ඇඩ් කරගන්න. policy violate නොවෙන්න ඇඩ්ස් place කරන්න. ඔක තමයි ඒකේ රහස.
     
    • Like
    Reactions: Error365!

    kkddkanna

    Member
  • Jul 19, 2007
    196
    11
    18
    මම උබේ inbox මැසේජ් එකට reply කලා. මෙතනත් කියන්නම් ඒකම. පලවෙනි එක උබෙ සයිට් එක පට්ටම අවුල්. ඒකේ කිසිම value එකක් නෑ. මම review කලත් දෙන්නේ නෑ ඒකට නම්. ඇඩ්සෙන්ස් ගන්නේ මෙහෙමයි. උබට කරන්න තියෙන්නේ සයිට් එකේ theme එක generatepress වගේ content related theme එකකට change කරන්න. ඊලගට මචන් සයිට් එකේ එක download ලින්ක් එකක්වත් තියන්න එපා. ඊලගට හොද post 10,15ක් අතර ගානක් දාන්න. IT related, PC related, apps related වෙන්නම් ඕනේ නෑ ඒව. ඕකේ. ඒවා user ලට visitor ලට උදවු වෙන විදියට ex: troubleshooting works well වෙන්න ඕනේ කන්ටෙන්ට් එක. බය නැතුව ඇඩ්සෙන්ස් ඉල්ලන්න. හම්බෙනව. ඊලගට adsense approvel එක ලැබුනට පස්සේ උබට ඕනේ විදියට සයිට් එකේ තීම් එක වෙනස් කරල හදාගන්න. download links ඇඩ් කරගන්න. policy violate නොවෙන්න ඇඩ්ස් place කරන්න. ඔක තමයි ඒකේ රහස.
    Thank you machan. Ow site akatama tiyann article 4i. I will follow your guide machan. Thank you
     

    lakziro

    Active member
  • Mar 19, 2018
    150
    132
    43
    එල බ්‍රදර්. මන් ඔය සීන් එක කාලෙක ඉදලා අදයනනය කරනවා. ඒත් ඇක්ටිව්ලි සෙට් උනේ නෑ. මොකද මට කොන්ටෙන්ට් ලියන්න වෙලාවක් නෑ.(දෑන් ඉතින් අනිත් ඉන්න ඔස්තාර් ලා රෙද්ද උස්සන් එන්ට එපා උනන්දුව තියේ නම් වෙලාවක් උබ හොයගන්නව බන් කියලා අරකයි මේක යි පල් ටෝක් දාගෙන. ඒවා දාන්න කලින් මගෙ ජිවිතෙට එබිලා බලපන්) උබ කීව සීන් එකෙන් වැඩෙට පොඩි ආසාවක් ආවා. වෙලාව තියන හැටියට පොඩ්ඩක් ස්ටඩි කරලා සති දෙකකින් සෙට් වෙමුකො බලන්ට කොහොමද ප්‍රොසෙස් එක කියලා. තෑන්ක් යූ බ්‍රො