Malaka silva guti kala naa..

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මාලකගේ "පහරකෑමේ" නාටකය උඩු යටිකුරු වෙයි
    ස්කොට්ලන්ත ජාතික යුවළට පහර දුන්නැයි සැකපිට මාලක රිමාන්ඩ්
    කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිත බව මෙයට පෙර අප විසින් වාර්තා කරන ලදී. නමුත් මේ වනවිට එම සිදුවීම වෙනත් අතකට හැරී තිබේ. පොලිස් පරීක්ෂණ වලට අනුව මාලක සිල්වා විසින් ස්කොට්ලන්ත ජාතික යුවලට පහරදී ඇති බවත් එම යුවල සොයා බැලීමේදී ඔවුන්ට තුවාල සිදුවී පහරකෑමකට ලක්වී ඇති බවත් තහවුරු වී තිබේ. ඒ අනුව ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කොට තිබේ.
    රාත්‍රී සමාජ ශාලාවේ ඇතිවූ සිදුවීමෙන් අනතුරුව තමාට ස්කොට්ලන්ත යුවල විසින් පහරදුන් බව කියමින් මාලක සිල්වා රෝහල්ගත වී තිබුණි. මේ සම්බන්ධව අදහස් දක්වන මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසන්නේ තමාගේ පුතාට ඉතාමත් අසාධ්‍ය බවකි. ඒ බැව් සඳහන් කරමින් අමාත්‍යවරයා මාධ්‍යය වෙත පවසා තිබුනේ මෙවැන්නකි.
    "සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා මම දැනගෙන හිටියා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න.
    මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි."
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුට්ටා, ස්කොට්ලන්ඩ් එහෙකුට නෙලලා නේද? ලන්කාවේ එකෙක් උනානම් ඌ මෙලහට අඩි හයක් යට.. ඇම්බසියෙන් ප්‍රෙශර් එක දාපු නිසා මාලක පුතා ඇතුලේ.. විලි ලැජ්ජයි..
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සුට්ටා, ස්කොට්ලන්ඩ් එහෙකුට නෙලලා නේද? ලන්කාවේ එකෙක් උනානම් ඌ මෙලහට අඩි හයක් යට.. ඇම්බසියෙන් ප්‍රෙශර් එක දාපු නිසා මාලක පුතා ඇතුලේ.. විලි ලැජ්ජයි..

    :yes::yes:
     

    Similar threads